sri express

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සහ සංගීත හා නර්තන පන්තිවල ඉගෙනුම ලබන දරු දැරියන් සහභාගී වූ සිංහල අවුරුදු උත්සවය අප්‍රේල් 13 වන ඉරුදින පවත්වනු ලැබිය.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුජ්‍ය නේපාලේ සුමන හිමියන් ඇතුළු ගුරු මණ්ඩලයේත් අනෙකුත් දායක කාරකාදීන්ගේත් අප්‍රතිහත උත්සාහයෙන් සංවිධානයකර තිබු එම බක්මහ උළෙල ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරු දැරියන් විසින් මෙතෙක් එංගලන්තයේදී ඉදිරිපත් කරනු ලැබූ විශිෂ්ට තම කළා උළෙල බව එය නැරඹීමට පැමිණි බොහෝදෙනා පැවසුහ.

දරු දැරියන් ඉදරිපත් කළ නර්තන අංගයන් පුහුණු කරන ලද්දේ ප්‍රවීණ නර්තන ශිල්පී ඒ.පී.අත්තනායක, රසිකා අත්තනායක සහ ඕලු සුරවීර විසිනි.

සිංහල ගැමි සංගීතය සහ ගැමි ගීත තේමා කරගත් වටිනා ගායන අංගයන් පුරුදු පුහුණුකර ඉදිරිපත් කලේ සංගීත විශාරද අර්චනා දිසානායක විසිනි. වාදනයෙන් ඇයට සහාය වුයේ චන්දන ෆොන්සේකායි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය තේමා කර ගනිමින් නිර්මාණය කර තිබු කෙටි නාට්‍යයයෙහි පිටපත ලියා අධ්‍යක්ෂණය කලේ චන්දන විතාන සහ ශර්මිලා විතාන විසිනි.

උත්සවයේ විස්තර කථනය සිදුකලේ චන්දන විතාන විසිනි.

බක් මහ උළෙල  සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා මහකොමසාරින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ඇතුළු තානාපති නිලධාරීන් කිහිප දෙනෙකුත් දරු දැරියන්ගේ දෙමාපියන් සහ හිතමිත්‍රාදීන් විශාල පිරිසකුත්  සහභාගී වුහ.

උත්සවය ආරම්භයේදී සියලුම දෙනා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවන ලද්දේ පුජ්‍ය පියදස්සී නාහිමියන් විසිනි.

ඉන් පසුව දහම් පාසල් සිසු සිසුවියන් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරද්දී මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් විසින් ජාතික කොඩිය ඔසවනු ලැබීය. 

ආරාධිත අමුත්තන් විසින් සම්ප්‍රදායිකව පහනක් දල්වනු ලැබිය. ඒ සඳහා අලංකාර පහනක් නිර්මාණය කරතිබුනේ ප්‍රවීණ කලාශිල්පී ජයරත්න බණ්ඩාර විසිනි.

උදෑසන සියලුම සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් සිංහල අවුරුදු චාරිත්‍ර සහ සම්ප්‍රදායික කෙලි සෙල්ලම් ඇතුලත් වැඩසටහනක්ද සවස් භාගයේදී අලංකාර සංස්කෘතික සංදර්ශනයක්ද පවත්වනු ලැබිය.

කිරිබත්, කැවුම් කොකිස් අතිරස ඇතුළු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පානාදියද පැමිණ සිටි සියලු දෙනාහටම ලබා ගැනීමේ අවස්තාව සලසා තිබුණි.

පැමිණ සිටි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් කළ පුජ්‍ය නේපාලේ සුමන හිමියන් පැවසුවේ ශ්‍රී ලාංකික ජාතික සහ සංස්කෘතික උරුමයන්හි වටිනාකම අනාගත පරපුරට අවබෝධ කරදීම අත්‍යාවශ්‍යම යුගයක් බවට පත්ව ඇති කාල වකවානුවක දරනා මේ උත්සාහය සඳහා නොමද සහයක් ලබාදුන් පිරිස අති මහත් බවය. "කාර්ය බහුල ව සිටියදී තමන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් කැප කරමින් මෙම බක්මහ උළෙලේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ස්වෙච්ඡාවෙන් උදව් උපකාර කළ දහම් පාසලේ ගුරු මණ්ඩලය,පරිපාලන සහායක නිලධාරී මහත්ම මහත්මීන්, කුසලතා පුර්ණ කලා ශිල්පීන් ඇතුළු සියලුම දෙනාහට තම ස්තුති පුර්වක ගෞරවය පුදකරන බවද" සුමන හිමියෝ පැවසුහ.

ලන්ඩනය වැනි නවීන මෙන්ම ව්‍යාකුල නගරයක ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දු දරුවන් ඉදිරිපත් කළ නර්තන සහ ගායනා තුලින් එදින ඔවුනගේ ආගම සහ මුල් සංස්කෘතිය පිළිබඳව ඔවුන් තුල පිහිටි ඇල්ම මෙන්ම පරිනත භාවය පුදුම සහගත බව මෙම සංදර්ශනය සඳහා සහභාගිවූ ජාතික රුපවානිනී සේවයේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදක වරයෙකු සහ වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කළ වරුණ ලේල්වල පැවසීය.

පසුගිය වසර කිහිපයක් පුරා එංගලන්තයේ විවිධ නගරවල ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන ඉදිරිපත්කල ඉතාම උසස් මට්ටමේ සංස්කෘතික සහ ආගමික වැඩසටහන් සඳහා තමන් සහභාගීවී ඇතිබවත් ඒ අතරින් මෙම වැඩ සටහන ප්‍රමුඛ ස්ථානයේ තැබිය හැකි බවත් ඔහු කිවේය.

ලන්ඩන් නුවර ජීවත්වන ප්‍රවීණ මෙන්ම තරුණ චායරුප ශිල්පියෙකුවන ප්‍රනීත් හෙට්ටිආරච් පැවසුවේද එවැනිම අදහසකි. පසුගිය වසර දෙකක කාලයක් තුල බ්‍රිතාන්‍යය පුරා සංවිධානය කෙරුන බොහෝ ශ්‍රී ලාංකික සංස්කෘතික වැඩසටහන් තමන් දැක අති නමුත් ශ්‍රී ලාංකික සංස්කෘතිය පිලිබඳ පෘතුල අවබෝධයක් නොමැති කුඩා දරු දැරියන් පිරිසක් මෙතරම් උසස් තත්වයකින් නර්තන හා ගායන අංගයන් ඉදිරිපත් කරනු දුටු මුල්වතාව මෙය බවද මෙය සත්‍ය වශයෙන්ම අපුර්ව අත්දැකීමක් බවද ඔහු කීවේය.

මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මෙතරම් උසස් අන්දමේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සියලුම සංවිධායකයින් හට තම ප්‍රශංසාව පුද කළේය. පුජ්‍ය පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයේ අගයත් ශ්‍රී ලංකාවේ අයෙකු නොවුවත් පුජ්‍ය නේපාලේ සුමන හිමියන් අතින් ලන්ඩන් නුවර ජීවත් වන ශ්‍රී ලාංකික දු දරුවන්හට අපගේ ආගම සහ සංස්කෘතිය රැකගැනීමේ වටිනාකම පහදා දීම උදෙසා ඉටුකරනු ලබන අනුපමේය සේවාව පිළිබඳවත් ස්තුතිවන්ත වන බවද ඔහු පැවසුවේය. 

මෙවර බක්මහ උළෙල මෙතරම් පරිනත අයුරින් ඉදිරිපත් කිරීමට වෙහෙස මහන්සිවූ සියලුම දෙනාටත් දුදරුවන් ඇතුළු සැමටත් එය නැරඹීමට පැමිණි සියලු දෙනාටත් සංවිධායක මඬුල්ල වෙනුවෙන් ජගත් රණසිංහ සිය ප්‍රණාමය පුද කළේය.

ඉපැරණි ශ්‍රී ලාංකික ධජ පතාක යොදාගනිමින් වේදිකා සැරසිලි නිර්මාණය කරන ලද්දේ කළා ශිල්පී සාලිංග ගුණසේකර ඇතුළු කණ්ඩායම විසිනි.එදින ශබ්ධ පරිපාලන කටයුතු සිදුකලේ ගොඩ්ෆ්‍රී සිල්වා සහ ඩෙක්ස්ටර්සිල්වා ඇතුළු එස්එල් වී නිෂ්පාදන කණ්ඩායම විසිනි.

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction