sri express

Photographs from Athula Dassana Buddhist Centre

පසුගිය මාසයේදී ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේදී සුභ සාදක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලද බව විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියෝ පවසති.

මෙම වැඩ කටයුතු ආරම්භ කෙරුනේ අතුල දස්සන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් වන වෛද්‍ය නිශානි බජ්රමොවිච් විසින් අයගේ මෑණියන්හට පින් පැමිණවීම උදෙසා මහා සංඝයා වහන්සේ උදෙසා දානය පිරිනැමීමෙන් සහ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නැවතී ඉන්නා 274 දෙනෙකු හට උදෑසන ආහාර පානාදිය ලබාදීමේ පින්කමකිනි.

මෙම අවස්ථාවේදී පුජ්‍ය කස්සප හිමියන් විසින් ධර්ම දේශනයක් පැවැත්වූ අතර වැඩම කර සිටි මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කර සියලුම වැඩිහිටි පිරිසට සෙත් පැතුහ.

මේ අතර හිත්රෝ විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් විහාරස්ථානයට පුජා කරන ලද දත් බුරුසු, සබන් වර්ග සහ සුළු ආහාර පානාදිය සියල්ලම මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දරු දැරියන් අතරේ බෙදාහරිනු ලැබිය.

ඉන්පසුව පසුගිය දින හිත්රෝ විහාරස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ ආහාර සල්පිලෙන් රැස්කරගන්නා ලද සියලුම මුදල් යොදා ගනිමින් ත්‍රිකුනාමලය දිස්තික්කයේ දුෂ්කර ගම්මානයක පිහිටි පාසල් සඳහා අවශ්‍ය උපකරණ,පොත්පත් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරනු ලැබිය.

යුධමය වාතාවරණයක් පැවති කාල වකවානුවේ ත්‍රස්ත ප්‍රහාරන්ට නිරන්තරයෙන් ගොදුරුවූ ගෝමරන්කඩවල ගම්මානයේ පුලියන්ඩිකුලම විද්‍යාලය, කල්‍යාණිපුර විද්‍යාලය, මයිලවැව විද්‍යාලය සහ වීර කොබ්බැකඩුව පෙර පාසල යන පාසල් සඳහා අත්‍යාවශ්‍ය ආධාර ලබාදෙනු ලැබිය. 

මෙහිදී දරුවන්ගේ පාසල් ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි, පොත්පත්, පෑන් පැන්සල්, රුපවාහිනි යන්ත්‍ර සහ වීඩියෝ යන්ත්‍ර සහ ගුරු මණ්ඩලය සඳහා රෙදිපිළි  ආදිය පරිත්‍යාග කෙරුණි.

මෙයට අමතරව වෛද්‍ය නිශානි බජ්රමොවිච් විසින් පුලියන්කුලම පාසල් භුමියේ පිහිටි බෝධීන්වහන්සේගේ ආරක්ෂාව සඳහාත් දරුදැරියන් හට එම ස්ථානයේ සිට ධෛනිකව ආගමික කටයුතු පැවැත්වීම සඳහා උපකාරීවන අන්දමට අවශ්‍යව තිබු පිළිසකර කටයුතු කිරීමට බරපැන ලබාදෙනු ලැබිය.

වන අලි ප්‍රහාරයන් නිසා විනාශයට පත්ව තිබුන එම ආරක්ෂක බැම්ම ගොඩනැඟීම සඳහා ගම්වාසින් විසින් ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබිය.

මෙයට අමතරව හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් එම පාසල්වලින් තෝරාගන්නාලද දරු දැරියන් 8 දෙනෙකුහට ශිෂ්‍යත්ව ප්‍රධානය කරනු ලැබිය.

මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතුරු අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාදෙනු ලබන අතර එම දරුවන් දිගටම අධ්‍යාපනය කටයුතු කරගෙන යාම සඳහා උනන්දු කිරීමත්, දහම කෙරෙහි ඔවුන් තුල කල්පවත්නා ලැදියාවක් ඇතිකිරීමත් පාසල් විෂයන්ගෙන් බාහිර වූ ක්‍රීඩා වැනි වැඩ කටයුතු සඳහා යොමුකිරීමත් මෙම ශිෂ්‍යත්ව ලබාදීම තුලින් බලාපොරොත්තු වන බව පුජ්‍ය කස්සප හිමියෝ පැවසුහ.

ගොවිතැන් කටයුතු සඳහා සහබාගීව සිටියදී සිදුවුන අවාසනාවන්ත අනතුරකින් තම පාදය අහිමිවූ දහසය හැවිරිදි දරුවකු සඳහා අවශ්‍ය කෘතීම පාදයක් ලබාදීම සඳහා ප්‍රතිපාදන ලබාදීමද එදින සිදුවිය.

ගෝමරන්කඩවල ගම්මානයේ අක්කර 20ක භුමි භාගයක් එලි පෙහෙළි කර යළිත්වරක් ගොවිතැන් කිරීම සඳහා ගැමියන්හට ලබාදීමට පුජ්‍ය මාකඳුරේ මහින්දසෝම හිමියන් ගෙනයන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ප්‍රධානය කෙරුණි.

මෙහිදී එම ගමට අවශ්‍ය පිරිසිදු පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ද කටයුතු අආරම්භ කරනු ලැබිය.

මෙම උත්සවය අවසානයේදී සියලුම පාසල්වල සිසු සිසුවියන් මනරම් විවිධ ප්‍රසංගයක්ද ඉදිරිපත් කළහ.

මෙම පුණ්‍ය වැඩකටයුතු සඳහා මුලිකත්වය ගෙන ක්‍රියාකළ වෛද්‍ය නිශානි බජ්රමොවිච් ඇතුළු විහාරස්ත දායකා කාරකාදීන් සහ හිත මිතුරන් සියලුදෙනාටත් එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අයුරින් උදව් උපකාර කල ශ්‍රී ලංකාවේ මහා සංඝයා වහන්සේ ඇතුළු සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන බව පැවසු කස්සප හිමියන් මෙම වැඩ කටයුතු ඉදිරි අනාගතයේදීත් කරගෙන යාමට බලාපොරොත්තු වන බවද පැවසිය.

More Photos: Charity work in Sri-Lanka


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction