sri express

Photos by: Tissa Madawala

ජනප්‍රිය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ දෙටු පුත් රනිල් මල්ලවාරච්චිගේ ලන්ඩන් සංචාරයේ දී පැවැත්වුන අවසන් සංගීත සංදර්ශනය අවසානයේ සංවිධායකයින්  විසින් ඔහුට පැලැන්දු අලංකාර මල් මාලය එදින සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි ඔහුගේ පැරණි මිතුරෙකුගේ ගෙළ මත නැවත පැලඳීමේ අපූරු මෙන්ම දුර්ලභ සිදුවීමක් දැකගත හැකිවිය.


රනිල් මල්ලවාරච්චි පෙන්වූ එම නිරහංකාරකම සහ ආදර්ශමත් සුහදත්වය එදින සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි සියලුදෙනාගේම ප්‍රසංශාවට ලක්විය.

ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි රනිල් මල්ලවාරච්චි ඒ අතරවාරයේ ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ අසරණ ගැමි ජනතාවගේ නිවාස, ජල පහසුකම්, දරු දැරියන්ගේ අධ්‍යාපනය මෙන්ම වෙනත් අදාළ අවශ්‍යතාවයන් සපයාලීම සඳහා උදව් උපකාරකෙරෙන ප්‍රධාන ශ්‍රී ලාංකික සහන සංවිධාන කිහිපයක් සඳහා ආධාර ලබාගැනීමට සංගීත ප්‍රසංග තුනක් සඳහා ස්වේච්චාවෙන් සහභාගී විය.

පසුගිය ඉරුදින ලන්ඩන් නුවරදී පැවැත්වුන ඔහුගේ අවසාන සංදර්ශනය සංවිධානය කර තිබුනේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය මඟිනි. කින්ස්බරි මහා විද්‍යාල ශාලාවේ පැවති එම ප්‍රසංගයේ සියලුම අවසරපත් කල්තියා විකිණී අවසන්වී තිබුණි.

එවන් ප්‍රසංගයක් සංවිධානය කිරීමේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම කීවේ එදින උපයන සියලු මුදල් ශ්‍රී ලංකාවේ උතුර නැගෙන හිර අවතැන්ව අසරණව ඉන්නා ජනතාව සඳහා අවශ්‍ය සහනාධාර සැපයීම වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින දැවැන්ත වැඩපිළිවෙලක් සඳහා ලබාදෙන බවයි.

සංදර්ශනය අතරතුර එදින එකතුවූ මුදලින් කොටසක් ලෙස පවුම් 2,000.00 ( රුපියල් 4,34000 )ක් මෙම වැඩකටයුතු සංවිධානකිරීමෙහිලා මුලිකත්වයක් ගෙන ක්‍රියාකරනු ලබන ලබන වෛද්‍ය එම්.බී.රණතුංග වෙත ලබාදෙනු ලැබීය.

ප්‍රසංගය ආරම්භ කෙරුනේ පැමිණ සිටි විශේෂිත අමුත්තන් විසින් චාරිත්‍රානුකුලව පහන දැල්වීමෙන් සහ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ චායාරූපයකට රනිල් විසින් මල් මාලයක් පළඳවා නමස්කාර කිරීමෙන් අනතුරුවය.

එදින සංදර්ශනයේදී පැමිණ සිටි බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන ලද අතිශය ජනප්‍රියත්වයට පත් සියලුම ගීත ඉදිරිපත් කිරීමට ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චිට සිදුවිය.

ඒ සඳහා ඔහුට සංගීතයෙන් සහායවුයේ ලන්ඩනයේ සුප්‍රකට "ද අයිලන්ඩර්ස්" වාදක කණ්ඩායමයි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ සංගීතඥයෙකු වන නිශාන්ත මහනාගයි.

යුග ගායනයෙන් දිල්හානි ජාගොඩගේ, ටීලා රංජනී සහ ප්‍රශාන් දීප්ත කුමාර එකතුවිය.

ප්‍රසංගයේ පෙර පුහුණුවීම් සඳහා දැක්වූ විශාල සහයෝගය සඳහා ප්‍රශාන් කුමාර වෙත සංවිධායකයින්ගේ ස්තුතිය පිරිනැමුණි.

සම්පුර්ණ ප්‍රසංගය ට්‍රෝයි ඇන්තනි විසින් වීඩියෝ ගතකරන ලද අතර විශේෂ අවස්ථා චායාරුපයට නගන ලද්දේ ප්‍රවීණ චායාරුප ශිල්පී  ප්‍රසාද් ප්‍රනාන්දු විසිනි.

ශබ්ධ පරිපාලනය කලේ ශමාල් ලිවේරා ඇතුළු කණ්ඩායමයි.

එදින රනිල් මල්ලවාරච්චි විසින් ගායනාකල " පායා ආ සඳ" නම්වූ සංයුක්ත තැටියක පිටපත් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ වැඩකටයුතු සඳහා මුලසිටම ස්වේච්චාවෙන් විශාල මෙහෙයක් ඉටුකළ නිහාල් අබේගුණවර්ධන වෙත පිරිනමනු ලැබීය.

ප්‍රසංගය සඳහා සහභාගීවීමෙන් දක්වන ලද සහයෝගය සඳහා පැමිණ සිටි සියලුමදෙනාටත් වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාටත් ස්තුතිකල ජනක අලහප්පෙරුම රනිල් මල්ලවාරච්චි පෙන්වූ අසීමිත සහයෝගය පිළිබඳව අනෙක වාරයක් තුති පුදකරනු ලබන බවද කීවේය.

රසික බොහෝදෙනාගේ එකම ඉල්ලීම වුයේ රනිල් මල්ලවාරච්චි නැවත වතාවක් ලන්ඩන් නුවරට ගෙන්වා ඔහුගේ ගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලෙසය.

සංදර්ශනය නිමාවුයේ සියලුමදෙනා එකතුව ශ්‍රී ලංකා ජාතික ගීය ගැයිමෙනි.

රනිල් මල්ලවාරච්චි ලන්ඩන් නුවරට පැමිණියේ ඔහුගේ හිතමිත්‍ර වෛද්‍ය දයා පෙරේරාගේ ආරාධනාවෙන් නිවාඩුවක් ගතකිරීම සඳහාය.

පසුගිය වසර 30 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලන සුවිශේසී සේවයක් නිහඬව ඉටුකරන හෙළ සරණ සංවිධානයේ ක්‍රියා කරුවකු වන වෛද්‍ය දයා පෙරේරාගේ යෝජනාවක් පරිදි ලන්ඩනයේ ගතකල කාලය අතරතුර සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා සහයෝගය දීමට රනිල් කැමැත්තෙන්ම ඉදිරිපත් විය.

රනිල් සහභාගී වූ මුල්ම ප්‍රසංගය හෙළ සරණ සංවිධානය මඟින් සංවිධානය කෙරුණි.

එම ප්‍රසංගයෙන් උපයන ලද සියලුම මුදල් දැනට හෙළ සරණ සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ දුර බැහැර ගම් වල ක්‍රියාත්මක කෙරෙන අක්ෂි ශායනයන් පවත්වාගෙන යාමටත් ඒ සඳහා සහභාගිවන අසරණ ජනතාව වෙත අවශ්‍ය උපරිම පිළියම් ලබාදීමටත් විශේෂයේ ඇස් පෙනීමේ දුර්වලතා ඇති අයවෙත අවශ්‍ය ඇස් කන්නාඩි ආදිය ලබාදීමටත් යොදාගනු ලබන බව හෙළ සරණ සංවිධානයේ සභාපති රාජා මීහිටිය පැවසීය.

ඔහුගේ දෙවන ප්‍රසංගය පැවැත්වුයේ ලන්ඩන් නුවරින් පිට ස්ටෝර්ක් ඔන් ට්‍රෙන්ට් නුවරදීය.

මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා වියෝවී වසර16 ක් පිරුන මාර්තු 10 වෙනිදින වෙනුවෙන් ඔහු ගෙන් සිංහල ගීත ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවාව සිහිපත්කර ඔහුට පින් පැමිණවීම උදෙසා රෙඩ් බ්‍රිජ් විහාරස්ථානයේදී පැවැත්වුන ගුණ සමරු පින්කමකටද රනිල් මල්ලවාරච්චි සහභාගී විය.

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photos by: Tissa Madawala

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction