sri express

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බහු ජාතික බහු ආගමික ජන සමාජයක් වෙසෙන මහා බ්‍රිතාන්‍යය තුල විවිධ ආගම් අදහන ජන කොටස්ද බොහොගනනක් සිටිති.

එක එක ආගම් වලට අයත් පිරිස් තමන්ගේ පාඩුවේ සිය ආගමික පුද පුජා සහ සිරිත් විරිත් අනුගමනය කිරීම සාමාන්‍ය පුරුද්ද වෙයි. මෙම පිරිස් අතරේ සුහදතාවයන් ගොඩනැංවීමත් විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවභෝධතාවය වැඩි දියුණු කිරීමත් අරමුණුකරගනිමින් සහයෝගිතා වැඩකටයුතුද මේ සියලුම ආගමික මධ්‍යස්ථාන අතරේ ක්‍රියාත්මක වෙයි.  

මේ තුලින් මුලිකවම බලාපොරොත්තු වන්නේ අනවභෝධය නිසා වෙනත් ආගම් පිළිබඳව සමහර දෙනා අතරේ ඇතිවියහැකි සාංකාව හෝ කුහුල මගහැරවීමටත් වෙනත් ජනයාගේ ගති සිරිත් පිලිබඳ දැනුම වර්ධනය කිරීමටත්ය.

මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදින ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් සංවිධානය කර තිබුණි. ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ පුජ්‍ය මැදගම වජිරඥාන නාහිමියන්ගේ මුලිකත්වයෙන් මීට වසර බොහොගනනකට පෙරාතුව ආරම්භකෙරුන මෙම වැඩපිළිවෙල වාර්ෂිකව පවත්වන්නකි.

වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, යුදෙව්, ජෛන, සව්රාෂ්ඨ වැනි බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රධාන ආගම් නියෝජනය කරමින් පුජ්‍ය පක්ෂය සහ ගිහි නියෝජිතයින් පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවනතා සංවිධානයන්ගේ නියෝජිතවරුද ඒ සඳහා සහභාගී වුහ.

එහිදී විහාරස්ථ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලුම දෙනාට සෙත් පැතුහ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ සිසු සිසුවියන් විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ඝය පැහැදිලිකරදෙමින් ඉදිරිපත්කල වැඩසටහන කාගේත් ප්‍රසංශාවට ලක්විය.

සියලුම ආගමික නියෝජිතයින් සහජීවනයේ වැදගත්කම පහදාදෙමින් අගනා දේශනා පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් සිල්වා සහ එම මහත්මිය ඇතුළු සැලකියයුතු පිරිසක්ද උත්සවය සඳහා සහභාගිවුහ.

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction