sri express

වජිරඥාන නාහිමි 10 වන සංවත්සර පිංකම 

ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩසිට 2006 දෙසැම්බර් 15 වනදා අපවත්වී වදාළ පුජ්‍ය ආචාර්ය මැදගම වජිරඥාන නාහිමියන්ගේ 10 වන ගුණසමරු පිංකම් දෙකක් පසුගිය 15 වනදින සහ 18 වනදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

වත්මන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම පින්කම් සඳහා විහාර පාලක මණ්ඩලය සහnශ්‍රී ලාංකික මෙන්ම ඉංග්‍රීසි ජාතික බෞද්ධයින් විශාල පිරිසක් සහභාගී වුහ.

එවකට විහාරාධිපතිව වැඩවිසූ පුජ්‍ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් යටතේ 1967 දී ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මදුත වැඩකටයුතු සඳහා වැඩමකළ වජිරඥාන හිමියෝ 1987 දී විහාරාධිපති තනතුර සඳහා කොළඹ අනගාරික ධර්මපාල පදනම මඟින් තෝරා පත් කරනු ලැබිය. සංස්කෘත, පාලි, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් පිලිබඳ පරිනත බුද්ධියක් තිබු බහුශ්‍රැත මහා තෙර නමක්වූ වජිරඥාන නාහිමියෝ ලන්ඩන් නුවර වැඩසිටි කාලය තුල ථේර වාද බුදුදහම යුරෝපය පුරා ප්‍රචලිත කරවීම උදෙසා අනුපමේය සේවාවක් ඉටුකළ බව පින්කමේ අනුශාසනාව සිදුකල සීලවිමල නාහිමියෝ පැවසුහ.

බුදුදහම පිලිබඳ උනන්දුවක් දැක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් එක්රැස්කර ඔවුන් සමඟ සමීප සම්බන්ධතවයක් ගොඩ නඟා ගනිමින් උන්වහන්සේ එක්සත් රාජධානියේ බෞද්ධ සංගමය පිහිටුවා බුදුදහම බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත කරවීම සඳහා අගනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළහ. බ්‍රිතාන්‍යයේ ජිවත්වන ශ්‍රී ලාංකික පවුල්වල දරුවන් හට බුදුදහම සහ සිංහල භාෂාව පිලිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම අරමුනුකරගෙන උන්වහන්සේ විසින් ආරම්භ කල රාහුල දහම් පාසල මේවනවිට යුරෝපයේ ඇති විශාලතම දහම් පාසල බවට පත්වී ඇතිවාක් මෙන්ම ඒ මඟින් බෞද්ධ මෙන්ම අන් ආගමික දරුවන්ගේ  ආගමික සහ සිංහල භාෂා දැනුම මෙන්ම ශ්‍රී ලාංකිකයන්හටම ආවිනික වූ  සත්පුරුෂ භාවය සහ ගුණවගාව වර්ධනය කිරීම සඳහා සුවිශාල කාර්ය භාරයක් ඉටුකරමින් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

බහු ආගමික බහු සංස්කෘතික ජන සමාජයක් ජිවත්වන බ්‍රිතාන්‍යයේ ආගමික සහයෝගිතාවය ගොඩ නැඟීමේ අරමුණ ඇතුව 1987 දී "අන්තර් ආගමික සහයෝගිතා ජාලය" නමින් නව සංවිධානයක්  ආරම්භ කිරීම සඳහා මුලිකත්වයක් දුන් වජිරඥාන නාහිමියෝ ඒ මඟින් සිදුකල අගනා සමාජ සේවාව උදෙසා බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ගෞරව සම්මානයටද පාත්‍ර වුහ. 2006 දී උන් වහන්සේට එලිසබත් මහ රැජින විසින් ඕ බී ඊ ගෞරව නම්බුනාමය පිරිනමනු ලැබිය. මිට අමතරව ලන්ඩන් බෞද්ධ විහාරය කේන්ද්‍ර කර ගනිමින් උන්වහන්සේ ක්‍රියාත්මක කල ථෙරවාද බුදුදහම ලොව වටා ප්‍රචලිත කරලීමේ සුවිසල් ධර්මදුත සේවය අගය කරමින් මියන්මාර් රජය විසින් " අග්ග මහා ජෝතික ධජ" ගෞරව නාමයද තායිලන්තයේ මහා චුලාලංකාර විශ්ව විද්‍යාලය විසින් " ධම්මධුත විශාරද" නාමයද වජිරඥාන නාහිමියන් වෙත පුදකරනු ලැබිය.

මහා බ්‍රිතාන්‍යයේ විවිධ නඟර වල පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි ධර්මදුත සේවයේ යෙදී ඉන්නා මහා සංඝ රත්නය එකමුතු කරමින් එම වැඩකටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සහ අනෙකුත් ගුරු හරුකම් සැපයීමත් බෞද්ධ වැඩකටයුතු වලදී එකමුතු කමක් ඇතිකර ලීමත් අරමුණුකර ගනිමින් වජිරඥාන නාහිමියෝ 1991 දී " මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංඝ සභාව" නමින් නව සංවිධානයක් බිහිකිරීම සඳහා කටයුතු කළහ.

"වජිරඥාන නාහිමියන් වැනි බහුශ්‍රුත ක්‍රියාශීලි දැහැමි මහ තෙරණුවන් වහන්සේ නමකගේ අභාවය විශාල පාඩුවක් වුවත් උන්වහන්සේ සැපයු මඟ පෙන්වීම සැමවිටම සිහියේ තබා ගනිමින් මිට වසර 90 කට තරම් දීර්ඝ කාලයකට පෙරාතුව දුර දක්නා නුවනින් යුතුව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කිරීමේදී බෝසත් ගුණෝපේත අනගාරික ධර්මපාල තුමන්ගේ සිත්තුල පහලවූ ඒ නිර්මල අපේක්ෂාව සපුරාලමින් පිවිතුරු බුදුදහම සුරක්ෂිතකරලිමත් යුරෝපයේ ප්‍රචලිත කරලීමත් උදෙසා ඉටුකලයුතු සියලු කාර්යන් තවදුරටත් එපරිද්දෙන්ම කරගෙන යාම ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට සම්බන්ධ සියලුම දෙනාගේ එකම උත්සාහය මෙන්ම අවංක ප්‍රාර්ථනාව" බව විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

 

 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction