sri express

 "එතෙර අපි" සංවිධානයේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පසුගියදා ලන්ඩනයේ වෙල් ෆාර්ම් ශ්‍රවනාගාරයේදී පිහිටවූ එම සංවිධානයේ එක්සත් රාජධානියේ ශාඛාවේ  සමාරම්භක උත්සව සභාවට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සහභාගී සහභාගී වෙමින් තම සංවිධානය කිසිදු පක්‍ෂයකට ,ජාතියකට , ආගමකට  අයිති නැති පුළුල්තම  ශ්‍රී ලාංකික සංවිධානයක් බව පැවසුවේය.

එහිදී   වැඩිදුරටත්  අදහස්  දැක්වූ ඔහු ඕනෑම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට මෙම සංවිධානයට සම්බන්ධ විය හැකි බවත් එයට කිසිදු පක්‍ෂ, පාට, ජාති භේදයක් නැති බවත්  එසේම මෙය ලංකාවෙන් පරිබාහිරව වෙසෙන සියලුම ලාංකිකයන්ගේ සංවිධානය බවත් ප්‍රකාශ කළේය. එසේම මෙම සංවිධානයේ විශේෂත්වය වන්නේ ඒ ඒ රටවල වෙසෙනා ලාංකිකයන්ගේ ඒ ඒ රටවල පැන  නැගී ඇති ගැටළු  ඒ ඒ   රටවල විසදා ගැනීම සදහා වන සංවිධානයක් පමණක් නොව එම ප්‍රශ්න පිළිබද ශ්‍රී ලංකාව තුලද හඩක් නගමින් විසදුම් සෙවීමට පිහිටවූ සංවිධානයක් වනු ඇති බවය. "එතෙර අපි" සංවිධානයේ ශාඛාවක් එක්සත් රාජස්ගනියේ පිහිටවීමට ලැබීම ගැන ඔහු සතුටු වන බවද  පැවසිය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා "රටින් පිටවූ අය  පිළිබද නිවැරදි සංඛා දත්ත නැහැ. නමුත් දළ  වශයෙන් ලක්‍ෂ 24 පමණ වනු ඇතැයි පිළිගැනීමක් තියනවා. ඒ අනුව එසේ රටින් පිටවී ඇත්තේ අපේ රට්ටේ  ජනගහනයෙන් 8/1 පමණ වන කොටසක්. එක්සත් රාජධානියේ දළ වශයෙන් ලක්ෂ 5ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිවත්වනවායයි කියනවා. බොහෝවිට අපි මුදල් යවමින් නඩත්තු  කරන්නේ අපේ පවුලේ අය වෙන්න පුළුවන්. නමුත් එසේ මුදල් යවමින් අපි රටේ ජාතික ආදායම තර කරනවා . විදේශීය රැකියා වන් වල නියැලෙන අය එවන  මුදල් දැනට වසර ගණනාවක සිට අපේ රටේ ප්‍රධානම ජාතික ආදායමයි. රටේ ජාතික ආදායමෙන් 3/1කට වැඩි කොටසක් ලබා දෙන්නේ විදේශීය රැකියා වල නිරත වන ඔබ වැනි පිරිස්  විසින් එවන මුදලින්. අපේ රටේ ආණ්ඩු ඔබලා එවනා මුදලින් යැපෙමින්, අවභාවිතයේ යොදමින් විනාශ  කරමින් සිටිනවා හැර ඔබලා සංරක්‍ෂණය කිරීම, ඔබගේ පවුල්වල නිසි ආරක්ෂාව  හා රැකවරණය ලබා දීමට හෝ සිවිල් හා මානව  අයිතිවාසිකම් ලබා දෙමින් ඔබට  ලැබිය යුතු නිසි ගරුත්වය, සැලකිල්ල,පිලිගැනීම ලබා දීමට සමත් වී නැති බව දින පතා  වාර්තාවන තොරතුරු වලින් පෙනෙනවා. මෙම තත්වය ඉක්මනින් සහ තිරනාත්මකව වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා පෙරමුණගත් සංවිධානයක්  තමයි  "එතෙර අපි සංවිධානය" . අපේ සංවිධානයේ ශාඛා දැන් බොහෝ රටවල  බිහිවී තිබෙනවා. අද  ඔබ මහා බ්‍රිතානයේ ද ශාඛාවක් බිහිකිරීම ජයග්ග්‍රහණයක් ලෙස අපි සලකනවා. දැනටමත් එතෙර අපි සංවිධානය යම්  යජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා . විදෙස් ගත ඔබලා වෙනුවෙන් පාර්ලිමේන්තු විවාද. විදේශීය රැකියා නියුත්තන්ගේ ගැටළු පිළිබද කතිකාවතක් ලාංකීය සමාජය තුල ආරම්භ වී තිබෙනවා. මෙම ගැටළු විසදීම සදහා නීති කෙටුම්පත් කිරීමට සැලසුමක් තිබෙනවා, එතෙර අපි සංවිධානයේ මුලික අරමුණු දිනා ගැනීම  දුෂ්කර දිගුකාලින සටනක් වුවද එහි ජයග්‍රහණය  සහතික" බවද පැවසිය.

මෙම අවස්‌ථාවට සහභාගී වීම සදහා එක්සත් රාජධානියේ විවිධ ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර එම සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා නිලධාරි මඩුල්ලක් පත් කර  ගනු ලැබිණ. පළමු  සභාපති වරයා ලෙස තේරී පත්වූ අජන්ත කාන්ගහආරච්චි කතා  කරමින්  එක්සත් රාජධානියේ වෙසෙන සියලුම ලාංකිකයන් මුහුණ දෙන ගැටළු වලට තනි තනියම මුහුණ දෙනවා වෙනුවට පොදුවේ  සංවිධානාත්මකව විසදුම් සෙවීමට හැකි වනු ඇති බවද, එක්සත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකියෙන් මෙම සංවිධානය වටා එක් රැස්  වන ලෙසට ආරාධනා කරන බවද පැවසුවේය. සංවිධාන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමද මෙහිදී සිදුවිය.

එතෙර අපි සංවිධානය - එක්සත් රාජධානි ශාඛාවේ නිලමඩුල්ල

සභාපති - අජන්ත කාන්ගහාරච්චි, ලේකම් - හෙන්ඩ්රි ජි වික්‍රමරත්න, භාණ්ඩාගාරික - සුජිත් ගුණවර්ධන, උප සභාපති -  ඇන්ටන් සම්ෆෝ, උප ලේකම්  - සමන් තේනුවර මහතා. විධායක සභාව මහාචාර්ය  අභයවික්‍රම, පූජිත කේ උඩුගමසුරිය, ජිවනි තේනුවර, රන්ජිත් විජේසිරිවර්ධන, නෝමන් ජයමහ සහ මහින්ද ද සිල්වා


Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction