sri express

ලන්ඩනයේ " රස" සාහිත්‍ය කලා මංගල්‍ය 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාහිත්‍ය මාසයට සමගාමීව ලන්ඩන් නුවරදී "රස" නමින් සාහිත්‍ය කළා මංගල්‍යයක් පැවැත්වීමට ලංඩනයේ  අලුතෙන් ආරම්භ කර ඇති "බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය" කටයුතු සුදානම් කර ඇත. සැප්තැම්බර මස 25 වෙනි ඉරිදා සවස එකේ සිට පහ දක්වා උතුරු ලංඩනයේ කිංග්ස්බරි උසස් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වෙන මෙම කළා උළෙල ඔවුන්ගේ ආරම්භක වැඩසටහනද වෙයි. 

මේ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ චන්දන ගුණසේකර මෙසේ කියයි  " කලාවට සහ සොබා දහමට ආදරය කරන්නා තම මව හඳුනන්නේය. දිවියේ සැබෑ රස හඳුනන්නේය. නිකමට හුස්ම හා නාඩි වැටෙන නිසා ජීවත්වනවාට වඩා දිවිය විඳිමින් ජීවත් වන්නේය. අප තනි තනිවම විඳි, කුඩා කල පටන්ම අපගේ රුධිරයට මුහුවී ඇති මේ සියලු රස භාවයන් තව දුරටත් තම තමන්ගේ මනෝ ලෝකවල ගුලිවී හුදෙකලා වී විඳ ගත යුතු නැත. අලුත් රසයක පහස අවැසි බැව් ඔබට දැනී නැතිද? රසයෙන් පරිනත විය යුතු බව හා තවත් අලුතින් දෙයක් දිවියට එකතු කරගත යුතු බව දැනී නැතිද? අපට නම් එසේ සිතී ඇති වාර අනන්තය. අප්‍රමාණය. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය බිහිවීමයි. මේ සාහිත්‍ය මාසයෙදී එහි කූටප්‍රාප්තිය ලෙස ඉදිරිපත් කරන මහා කලා මංගල්‍යයයි " රස". මන්ද කලාව ඇඟේ පත්තියන් වූ සහෘදයාට කලා රසයක සුවඳ ගව් දහස් ගනනක් ඈතට වුවද මලක සුවඳ බඹරකුට දැනෙනවා සේ දැනෙන බැවිනි. ඒ දිනය දැන් වැඩි ඈතක නොවේ. එනම් සැප්තැම්බර මස 25 වෙනි ඉරිදා සවස එකේ සිට පහ දක්වා අප හා එක්වන්නට පැමිණෙන්න රොද බඳින්න. රස විඳගන්න."

මෙම සුවිශේෂී කළා උළෙලේදී බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකාවට සම්බන්ධ කලාකාමී කටයුතු වල නිරතවෙමින් සමාජ සේවයෙහි යෙදෙන කලාකරුවන් හතර දෙනෙකුට සම්මාන පිරි නමිමද සිදුකෙරෙනු ඇත. මෙම කළා මංගල්‍යයේ  ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත හේරත් විසිනි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකියා කළා සංසදයේ අනුශාසක පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමි සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත. උළෙලට සමගාමීව පවත්වන ගද්‍ය, පද්‍ය , ගේය පද, ඡායා රූප හා චිත්‍ර තරඟයේ නිර්මාණ භාර ගන්නා අවසාන දිනය අධික ඉල්ලීම් මත සැප්තැම්බර් 20 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත. එම තරඟ වලින් ජයගන්නා සියල්ලටම එදින ත්‍යාග සහ සහතික පත් පිළිගන්වන අතර එම කෘතීන් සියල්ල ඇතුලත් ප්‍රදර්ශනයක්ද පැවැත්වෙයි. මෙයට අමතරව පොත් පත් ප්‍රදර්ශනයක් සහ සල්පිලක්ද සංවිධානය කර ඇත.

නොමිලයේ පැවැත්වෙන මෙම කළා උළෙල සිංහල නර්තන අංගයන්ගෙන්ද වර්ණවත් න බවත් කළා ලැදි සියලුම දෙනාට ඒ සඳහා සහභාගී වනලෙස ගෞරවයෙන් ආරාධනා කරන බවත්  සංවිධායකයින් දන්වා ඇත.

 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction