sri express

" රස" සාහිත්‍ය කලා මංගල්‍ය 2016 ලංඩනයේ...

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය වෙනුවෙන් චන්දන ගුණසේකර

ගෙවුවෙමු ළදරු විය ඇසුරින් පස්ගෝ රස වැඩුනෙමු වෙනස දකිමින් පැණි හා තිත්ත රස පරිනත වුනෙමු ලැබ ඉඳහිට ඇඹුල් රස වින්ඳෙමු දිවිය ඇසුරින් නව නළුගෙ රස

විඳිනා කලට සාහිත හා කලා රස දන්නෝ දනිති එය වෙයි ලොව ඉහල රස පැමිණෙනු මැනවි උළෙලට විඳගන්න රස මේ රස කොහෙත් නැත කාටත් නොවෙයි විස......

කලාවට සහ සොබා දහමට ආදරය කරන්නා තම මව හඳුනන්නේය. දිවියේ සැබෑ රස හඳුනන්නේය. නිකමට හුස්ම හා නාඩි වැටෙන නිසා ජීවත්වනවාට වඩා දිවිය විඳිමින් ජීවත් වන්නේය.

ඉතිං කලා හිතකාමී සහෘදයණී අප තනි තනිවම විඳි මේ රස, කුඩා කල පටන්ම අපගේ රුධිරයට මුහුවී ඇති රස, තව දුරටත් තම තමන්ගේ මනෝ ලෝකවල ගුලිවී හුදෙකලා වී විඳ ගත යුතු නැත. එසේ විඳින්නට අප සතුටුය. එහෙත් එය එක තැනම පල් වෙනවා වැනි හැඟීමක් ඔබට දැනී නැතිද? අලුත් රසයක පහස අවැසි බැව් ඔබට දැනී නැතිද? රසයෙන් පරිනත විය යුතු බව හා තවත් අලුතින් දෙයක් දිවියට ලබා ගත යුතු බව දැනී නැතිද?

අපට නම් එසේ සිතිනි. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය කලා සංසදය බිහිවීමයි. මේ සාහිත්‍ය මාසයෙදී එහි කූටප්‍රාප්තිය ලෙස ඉදිරිපත් කරන මහා කලා මංගල්‍යයයි " රස".

සාහිත්‍ය මාසයට සමගාමීව පවත්වනු ලබන මෙම උළෙල පිළිබඳව කලා රසකාමී ඔබ දැනටමත් දැනගෙන ඇතිවාට කිසිදු සැකයක් නැත. මන්ද කලාව ඇඟේ පත්තියං වූ සහෘදයාට කලා රසයක සුවඳ ගව් දහස් ගනනක් ඈතට වුවද මලක සුවඳ බඹරකුට දැනෙනවා සේ දැනෙන බැවිනි.

ඒ දිනය දැන් වැඩි ඈතක නොවේ. එනම් සැප්තැම්බර මස 25 වෙනි ඉරිදා සවස එකේ සිට පහ දක්වා උතුරු ලංඩනයේ කිංග්ස්බරි උසස් විද්‍යාලීය ශාලාවේදීය. එන්න.රොද බඳින්න. රස විඳගන්න.

උළෙලට සමගාමීව පවත්වන ගද්‍ය, පද්‍ය , ගේය පද, ඡායා රූප හා චිත්‍ර තරඟයේ නිර්මාණ භාර ගන්නා අවසාන දිනය අධික ඉල්ලීම් මත සැප්තැම්බර් 20 වෙනිදා දක්වා දීර්ඝ කළ බවද දන්වා සිටින්නෙ ඉතාමත්ම සතුටිනි.

එන්න අප හා එක්වන්න. සාහිත රසයේ කිමිදෙන්න.

 

 

 


Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction