sri express

පිවිතුරු බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වටිනාකම දුරදක්නා නුවණින් යුතුව දුටු අනගාරික ධර්මපාල තුමන් විසින් 1926 දී ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට මෙමාසයේදී වසර 90 ක් පිරෙයි.

ඒ නිමිතිකොට  විහාරස්ථාන පරිශ්‍රයේදී සතියක් පුරා ආගමික සහ සංස්කෘතික වැඩසටහන් පෙළක් පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති.

මේඅනුව විහාරස්ථානයේ ආරම්භය සහ එමඟින් සිදුවුන සේවාව පිළිබිඹු කෙරෙන චයාරුප, චිත්‍රපට, පොත්පත් සඟරා සහ අනෙකුත් ප්‍රකාශන ඇතුලත් ප්‍රදර්ශනයක් ලබන 10 වන සෙනසුරාදා සිට 15 වන බ්‍රහස්පතින්දා දක්වා විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට යයි. විහාරස්ථානයේ දෛනිකය ආගමික සහ අධ්‍යාපන වැඩසටහන් වලට ඉඩ සලස්වමින් ප්‍රදර්ශනය සෑමදිනකම සවස 6.30 සිට රාත්‍රී 9 දක්වා විවුර්ත වනුඇත.

දිනපතා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු බාරව කටයුතු කරන්නේ විහාරස්ථ කළමනා කරන මණ්ඩලය, දායක කාරකාදීන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසල් වල ආදී ශිෂ්‍ය ශාඛා සංවිධාන මඟිනි.

සෑම දිනකම සවස 6 ට බුද්ධ පුජාව පැවැත්වීමෙන් අනතුරුව, ප්‍රධාන අමුත්තා විසින් ප්‍රදර්ශනය විවුර්ත කිරීමත් විශේෂ දේශන සහ චිත්‍රපට දර්ශනත් පැවැත්වෙයි.

ලබන 17 වන සෙනසුරාදා සවස 5 ට බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසින් විශේෂ දේශනයක් පවත්වනු ඇත. ඉන් අනතුරුව පරිතාන ධර්ම දේශනයක්ද පැවැත්වෙයි. 18 වන ඉරිදා උදැසන 7 ට මහා සංඝ රත්නය උදෙසා හිල්දානය පිරිනැමීම සහ අනගාරික ධර්මපාල තුමන් ඇතුළුව ලන්ඩන් බෞද්ධ ව්හාරස්ථානයේ දීර්ඝ ඉතිහාසය පුරාවට එහි වැඩකටයුතු සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාහට පින් පැමිණවීම සිදුකෙරෙයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් පලකල සීලවිමල නාහිමියෝ මෙසේ පැවසුහ.

" වසර 90 කට පෙර බුදුදහම පිළිබඳව යුරෝපයේ එතරම් අවබෝධයක් තිබී නැති කාල වකවානුවක දුරදක්නා නුවණින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකරන ලද ලන්ඩන් බෞද්ධ විහාරස්ථාන මඟින් එදා මෙදා තුර පිවිතුරු බුදු දහම බටහිර රටවල ප්‍රචලිත කරවීමත් බුදුන් වහන්සේ විසින් දේශනාකළ ධර්මය අවබෝධයෙන් යුතුව වටහා ගැනීම සඳහා උනන්දුවක් දක්වන යුරෝපීයයන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ ගුරුහරුකම් සැපයීමත්, යුරෝපයේ මෙන්ම විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලිමත් සඳහා අවශ්‍ය කටයුතු කිරීමත් වැනි ක්‍රියාදාමයන් තුලින් ඉටුකරනා සේවය අනුපමේය වෙයි.

මෙවන් දීර්ඝ කාලයක් තුල ධර්මදුත වැඩ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සුප්‍රකට බහුශ්‍රැත මහා සංඝයා වහන්සේ බොහෝ නමක් විහාරස්ථානාධිපති තනතුර හොබවමින් සහ නේවාසිකව වැඩ වාසය කරමින් ඉටුකළ අමිල සේවය මෙහිදී කෘතඥතා පුර්වකව සිහිපත් කරමු. ආරම්භයේ සිට මේදක්වා විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු සඳහා නන් අයුරින් උපකාරීවූ පාලක මණ්ඩලයටත් සියලුම දායක කාරකාදීන්ටත් සෑම අවශ්යාතවකදිම නොමඳව සහාය ලබාදෙන කොළඹ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයටත් පුණ්‍යානුමොදනා කරමු."  

ලබන 10 වන සෙනසුරාදා ප්‍රදර්ශනය විවුර්ත කරන්නේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රජා සහ පළාත් පාලන ඇමති නික් බොරන් සාමි වරයා විසිනි. එදින ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය සපයන්නේ විහාර සම්බන්ධිකරන මණ්ඩලයි. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය පිහිටි ඊලින් නඟර සභාවේ නගරාධිපති ආචාර්ය පැට්‍රික් වොර්කර් 11 වන ඉරිදා ප්‍රදාන අමුත්තා ලෙස සහභාගී වෙයි. ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ ගුරු මණ්ඩලය සහ දෙමාපියන් එදින වැඩකටයුතු සඳහා දායකත්වය සපයති. 12 වන සඳුදා ප්‍රදාන අමුත්තා වශයෙන් සහභාගී වන්නේ බකිංහැම්  මාලිගා කාර්ය මණ්ඩල ප්‍රධානි වයිස් අද්මිරාල් ඇන්තනි ජොන්ස්ටන් බාර්ට්ය. එදින දායකත්වය කොළඹ ආනන්ද සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගම් ශාඛා විසින් සපයනු ඇත. 14 වන බදාදා ප්‍රධාන අමුතා වන්නේ බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් ය. සංවිධායක දායකත්වය නාලන්ද සහ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් ශාඛා විසින් දරනු ඇත. 15 වන බ්‍රහස්පතින්දා ප්‍රධානා අමුත්තා ලෙස සහභාගී වන්නේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සම්බන්ධිකරණ මණ්ඩලයේ පැට් ස්මිත් ය. එදින දායකත්වය සැපයෙන්නේ දෙවි බාලිකා විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගම් ශාඛාව විසිනි

 

 


Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction