sri express

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධෛර්යයක් ලබාදීම සඳහා ලොව වටා සැරිසරණ ප්‍රමුක දිරිගන්වන්නෙකු ලෙස ප්‍රසිද්ධ ගයාන් මංජුල සේනානායක පසුගියදා බ්‍රිතාන්‍යය පැමිණියේය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සහ සාමාජිකයින් විසින් ගයාන් ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපලේදී පිළිගනු ලැබිය. " බ්‍රිතාන්‍යයේ ඉන්නා කාලය තුල ගයාන් මංජුලගේ දුක සැප බලාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සියලුම තරඟ නැරඹීම සඳහා සහභාගී කරවීමට  අවශ්‍ය පහසුකම් සියල්ල සපයනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය මඟින්" බව එහි සභාපති ජනක අලහප්පෙරුම පැවසුවේය.

එංගලන්තයේ ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා අවසරපත් මිලදී ගැනීමේදී විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි. තරඟ පැවැත්වෙන ස්ථාන වෙත ගමන්කිරීමේදී ගමන් ගාස්තු සහ ආහාර පාන සඳහාද විශාල වියදමක් දැරීමට සිදුවෙයි. ගයාන් මංජුල වෙනුවෙන් මෙම සියලු වියදම් දැරීමටත් ඔහුගේ ඉඳුම් හිටුම් සැපයීමටත් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය කටයුතු යොදන බවද අලහප්පෙරුම පවසයි. ගයාන් මංජුල දින 45 ක් පමණ එංගලන්තයේ නැවතී සිටීමටද එම කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන සියලුම තරඟ මෙන්ම අනෙකුත් සුභ සාධක හා සම්භාෂණෝත්සව සඳහා සහභාගිවීමටද බලාපොරොත්තු වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව වෙනත් කිසිදු සංචාරක හෝ විනෝදාත්මක ක්‍රියාදාමයකට සම්බන්දවීමට ගයාන් මංජුල අදහස් කරන්නේ නැත.

ගයාන් කුඩා වයසේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූවෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් 1996 දී ලෝක සුරතාවය දිනාගැනීම බලා සිටි ගයාන්ගේ සිතෙහි මේ අපුරු ක්‍රීඩාවත් එහි නියැලී ඉන්නා ක්‍රීඩකයින් පිලිබඳවත් ගෞරවාන්විත සෙනෙහක් උපන් බව  පවසන ගයාන්  මුලින්ම ක්‍රිකට් තරඟයක් නැරඹීමට අවස්තාවක් ලැබුනේ 1999 බවත් එතැන් පටන් මේ දක්වා  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ බොහෝ තරඟ සඳහා සහභාගිවීමට හැකිවූ බවත් පවසයි.

කොහේ ගියත් ඔහු ශ්‍රී ලංකා ජාතික කොඩිය ගෙනයාමට අමතක නොකරයි. අපේ කණ්ඩායම තරඟ කරන අවස්ථාවේදී ජය හෝ පරාජය පිලිබඳ තැකීමක් නොමැතිව කණ්ඩායමේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාරිවීම තමන්ගේ එකම පරමාර්ථය බව ගයාන් කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුපමේය සේවාවක් කල පර්සි අල්විස් ඔහු සිහිකරන්නේ ගෞරවයෙනි. ඔහුගේ තැනට පැමිණීම අපහසු කාර්යයක් වුවත් ඉදිරියේදී තමන්ට කළහැකි උපරිම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයගහණය වෙනුවෙන් සේවාවක් කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු කියයි. "දිනුවත් පැරදුනත් මම අපේ කණ්ඩායම වෙනුවෙන් ජය ගෝෂා නැඟීම අඩුකරන්නේ නැහැ" යනුවෙන් ඔහු කියන්නේ සැබවින්ම අවංක හැඟීමකිනි.   

ලන්ඩන් නුවර ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු දැකගැනීමට ඔහුතුල තිබු සිහිනය දැන් සැබෑවන ලකුණු දක්නට ඇත. මෙම අවස්තාව සඳහා සහභාගී වීමට ගුවන් අවසරපට ලබාදී ඇත්තේ ඔහු දැනට සේවය කරන ඩීන්  සහෝදරයෝ සමාගම විසිනි. එම සමාගමටත් ලන්ඩනයේ නැවතී ඉන්නා කාලය තුල ඔහුගේ සැපදුක බලාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදයටත් ගයාන් මංජුල සිය කෘතඥතාවය පළකළේය.


Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction