sri express

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් විහාරස්ථානයේ ආරම්භක අනුශාසක වශයෙන් සේවයකොට මීට වසර 26කත පෙරාතුව අපවත්වූ පුජ්‍ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් සිහිපත් කොට උන්වහන්සේට පින්පැමිනවීමේ වාර්ෂික සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව සහ සාංගික දානමය පිංකම මේ මස 27 සහ 28 දෙදිනදී පැවැත්වෙයි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දායක කාරකාදීන්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන් පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනක් නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කරවනු ඇත.

මේ අතර මෙම පිංකම සඳහාම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්, පැරිස් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති පුජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, ගාල්ල කච්චුවත්ත පුරාන විහාරාධිපති පුජ්‍ය ආචාර්ය උළුවිටිකේ බෝධිසීහ හිමින්ද වැඩම කරන බව පියදස්සි නාහිමියෝ පැවසුහ.

සද්ධාතිස්ස විහාරස්ථානයේ වසර ගණනාවක්ම භාරකරු වශයෙන් කටයුතු කරමින් මාහැඟි සේවාවක් ඉටුකල ලීලාරත්න කාරියවසම් අභාවප්රාප්තවී  තෙමසක් ගෙවීම නිමිත්තෙන් ඒමහතාටද මෙවර පින්කමේදී පින්පැමිණවීමට බලාපොරොත්තුවෙයි.

27 වන සෙනසුරාදා සවස 7 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාවද සවස 8 සිට සර්ව රාත්‍රී පරිත්ථාන ධර්ම දේශනය පැවැත්වෙයි.28 වන ඉරුදින් උදෑසන 7 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාවද ඉන් අනතුරුව පිංකම සඳහා වැඩම කරවන මහා සංඝ රත්නය උදෙසා හීල් දානය පිරිනැමෙයි. දහවල් 11 ට බුද්ධ පුජාව සහ වන්දනාව අවසානයේ දහවල් දානමය පිංකම පැවැත්වෙයි.

පිංකම සඳහා සහභාගිවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පියදස්සි නාහිමියන් පැවසුහ.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction