sri express

සම්මානනීය ගත්කරුවකුවූ සයිමන් නවගත්තේගමගේ දියණිය වන මායා නවගත්තේගම නිෂ්පාදනයකළ " සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටය ලන්ඩනයේ 18 වන ආසියානු සිනමා උළෙල සඳහා තේරී ඇත. එහි අධ්‍යක්ෂ වරයා නුවන් ජයතිලකයි. ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීන සංගීතඥයෙකු වූ  පී.එල්.ඒ.සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි. සංස්කරණය කලේ සමන් ඇල්විටිගලයි.

 “සුළඟ අප රැගෙනයාවි” නව පරපුරේ අධ්‍යක්ෂවරයකු වන නුවන් ජයතිලකගේ ප්‍රථම සිනමා අත්දැකීම වේ. එමෙන්ම මෙම නිර්මාණයට දායක වී ඇති සංගීතඥ අධ්‍යක්ෂ වරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ද ඇතුලු නිශ්පාදන කන්ඩායමේ බොහෝ දෙනෙකුගේද කුළුඳුල් සිනමා අත්දැකීම මෙය වීම විශේෂත්වයකි.

දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත ඇත.

නුවන් සිය නිර්මාණය පිළිබඳව මෙසේ පවසා ඇත.

 "ඉහවහා ගිය මහා ආශාවකින් කුහුඹුවකුව පසුකළ සෑම වේදනාබර නිමේශයක්ම හෘදයාන්ගමව මෙනෙහි කරමි. පසුබසින්නට සිතුනුමුත් දිරියෙන් මා ඉදිරියට තල්ලුකළ දයාබර සියලු දෙනාගේ දහදිය සමඟ මේ උජාරුව මුහු කරමි.වෑයමෙන් විවර කරන අගුලු ලා ඇති මේ විසල් මන්දිර හෙට දවස දිනන ලාංකික ස්වාධීන සිනමා කරුවන්හට තෝතැන්නක් වේවායි පතමි. ඒ හුදෙක් හෙට දවසේ ලෝක සිනමාව වෙත පියතැබීම වෙනුවෙන් දහදිය හෙලන සුවහසක් අංකුර සිනමා කරුවන් මේ ඇසුරෙන් දිරි ගැන්වෙයි යන සිතුවිල්ලෙනි"

තම කුලුදුල් නිෂ්පාදනය ලන්ඩනයේ ආසියානු සිනමා උළෙලට තේරීම පිළිබඳව අදහස් දක්වන නිෂ්පාදිකා මායා නවගත්තේගම මෙය නිෂ්පාදක කණ්ඩායමේ සියල්ලගේ අසාමාන්‍ය කැපවීම, වෘත්තීය දක්ෂකම සහ උනන්දුවේ ප්‍රතිඵලයක් බවත් ඒ සඳහා සම්බන්ධවූ අත හිත දුන් සියලුම දෙනාට සිය ප්‍රණාමය පුදකරන බවත් කීවාය. 

“සුළඟ අප රැගෙනයාවි” චිත්‍ර පටය සඳහා සුදම් කටුකිතුල,ප්‍රවීන් කටුකිතුල,සේමිනී හෙන්නනායක යන ළමා නලු නිලුනිලියන් සමග අයිරාංගනී සේරසිංහ,ප්‍රියන්කර රත්නායක,සුරන්ගා රනවක,සම්පත් ජයවීර,අන්ජන ප්‍රේමරත්න,සුජීව ප්‍රියාල් යන ප්‍රවීන නලු නිලියන් රංගනයෙන් දායක වෙති.

"සුළඟ අප රැගෙනයාවි” 2016 මාර්තු 9 වන බදාදා සවස 7.30 ට හැරෝ කළා මධ්‍යස්ථාන සිනමා හලේදී තිරගතවෙයි. 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction