sri express

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා සුහද මිත්‍ර හමුවක් සහ ප්‍රිය සම්භාෂණයක් ලන්ඩන් නුවරදීසංවිධානය කර තිබුණි. 

මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව විසින් පැවැත්වූ එම සාදය සඳහා ශාඛා සමිත් සාමාජිකයින් සහ හිතමිතුරන් රැසක්ම සහභාගිවුබව ශාඛා සමිතියේ ලේකම් අසාහිම් මොහමඩ් පැවසිය. 

මෙහිදී රනිල් වික්‍රමසිංහ නව රජයේ අගමැති දුරය සඳහා තේරී පත්වීම පිළිබඳවද ඔවුනගේ සුභ පැතුම් පිරිනැමුණු ලැබිය.

ශාඛා සමිති සභාපති වරයා දැනට ශ්‍රී ලංකාවේ සිටින නිසා පැමිණ සිටි සියලුදෙනා පිළිගනු ලැබුවේ ලේකම් අසාහිම් මොහමඩ් විසිනි. එක්සත් ජාතික පක්ෂය බලයෙන් බැහැරවසිටි පසුගිය විසි වසරක කාලයක් තුල පක්ෂය හැර නොගොස් ඉමහත් බලාපොරොත්තුවකින් සහ ඉවසීමකින් පක්ෂයේ දියුණුව සඳහා අප කැපවී කටයුතු කිරීම පිළිබඳව සියලුම දෙනාගේ ස්තුතිය මෙම ජයග්‍රාහී අවස්ථාවේ පිරිනමන බව එහිදී ඔහු පැවසුවේය.

" අද මෙතනට පැමිණසිටින සමහර මිත්‍රයින් මේ ශාඛාවේ වසර 39 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සාමාජිකත්වය දරන අය බව මම සතුටින් පවසමි. අප ශාඛාව ආරම්භ කෙරුනේ 1976 ඔක්තෝබර් 3 වනදා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන විසිනුයි. එදා මෙදා තුර මෙම ශාඛාව අප පක්ෂයේ වැඩකටයුතු සඳහා නොකඩවා මුල්‍යමය වශයෙන් සහ වෙනත් අකාරයෙන් නිරන්තරයෙන් සහයෝගය ලබාදුන් බව පවසන්නේ සතුටිනි. අද වනවිට අපගේ පැරණි සාමාජිකයින් සහ අලුත් පරපුරේ තරුණයින්ද එකතුව මෙම ශාඛාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වනු දැකීමද සතුටට කරුණකි" යනුවෙන්ද ඔහු පැවසුවේය.

මහාබ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 39 වන වාර්ෂික සැසිවාරය මෙම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදී ප්‍රකාශවිය.

බ්‍රිතාන්‍ය ශාඛාවේ උප සභාපති දිලාල් තිලකරත්න ස්තුති කතාව කල අතර දීර්ඝ කාලයක් පක්ෂ ශාඛාවේ උන්නතිය සඳහා කටයුතු කල නෙවිල් විජේසිංහ සහ බ්‍රිතාන්‍ය ශාඛාවේ තරුණ පෙරමුණේ සභාපති හේෂාන් පෙරේරාද මෙහිදී කතා කළහ.

මෙම සුහද හමුව සංවිධානය කලේ මහාබ්‍රිතාන්‍ය ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චි විසිනි.

ප්‍රිය සම්භාෂණය උදෙසා පිළියෙළ කර තිබු විශේෂ කේක් ගෙඩිය කපා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේදී ලැබූ ජයග්‍රහනයට, නව අගමැති තුමාට සහ නව රජයට මෙන්ම දේශපාලන පක්ෂ, ජාති හෝ ආගම් බේධයකින් තොරව  ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට සුභ පතනු ලැබිය.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction