sri express

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කෙරුන මෙම වැඩකටයුතු නිසිපරිදි ක්‍රියාවට නැවීම සහ අධික්ෂණය කිරීම සඳහා සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික පුජ්‍ය සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී. 

සුමනහිමියන් නේපාලයේදී අලුත්වැඩියා කිරීම සඳහා සුදුසු පාසල් සහ නිවාස කිහිපයක් තෝරාගෙන ඇති අතර ඒවායේ පිළිසකර කිරීම්  දැනටමත් ආරම්භ කර ඇතිබවද පියදසී හිමියෝ ලංකාදීප එසැන පුවත් වෙත පැවසුහ. 

මෙම වැඩකටයුතු සඳහා ආධාර එකතු කිරීමේ වැඩසටහන්  කින්ස්බරි විහාරස්ථානය වට පිහිටි සුපිරි වෙළඳසැල් සංකීර්නයන් කිහිපයකදී ක්‍රියාත්මක කෙරුණි.

සද්ධාතිස්ස විහාරස්ථානයේ සැදැහැවතුන් පිරිසක් මේසඳහා ස්වේච්චාවෙන් සහායවු බවත් ආධාර එකතු කිරීමේදී ලන්ඩනයේ පදිංචි නේපාල ජාතිකයින්ගෙන්ද විශාල දායකත්වයක් සහ සහයෝගයක් ලැබුන බවත් ආධාර මුදල් එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කල ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය.

නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සිහිපත්කර කින්ස්බරි විහාරස්ථානයේ විශේෂ ආගමික වතාවත් පැවැත්වුන අතර ඒ සඳහා සහභගී වූ බොහෝදෙනෙක්ද නේපාල අරමුදලට මුල්‍යමය වශයෙන් ආධාර සපයා ඇත.

සද්ධාතිස්ස විහාරස්ථානය සංවිධානය කල සිංහල අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ගායන ශිල්පී නිලන්ත සිරි පතිරණ සහභාගිවූ සංගීත ප්‍රසංග කිහිපයක්ද නේපාල අරමුදලට ආධාර සඳහා පවත්වනු ලැබිය.

මෙම වැඩකටයුතු මඟින් බලාපොරොත්තු නොවූ තරමේ ආධාර මුදලක් එකතු කරගැනීමට හැකිවූ බවත් ඒ සියලුම මුදල් නේපාලයේ පාසල් සහ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පමණක් යොදාගන්නා බවත් කිසිම මුදලක් වෙනත් කටයුත්තක් සඳහා වියදම් නොකිරීමට වගබලා ගන්නා බවත් ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය. 

පුජ්‍ය සුමන හිමියන් නේපාලයට ගොස් ඇත්තේත්  එහිදී උන්වහන්සේ ගේ අවශ්‍යතා ඉටු කරගන්නේත් සුමන හිමියන්ගේ පුද්ගලික වියදමින් බවත් නේපාලයේදී උන්වහන්සේගේ වැඩකටයුතු සඳහා පවුලේ අය මෙන්ම නෑදෑ හිතමිත්‍රාදීන්ගේ උදව් ලබාගන්නා බවත් අරමුදලේ සල්ලි සුමනහිමියන් භාවිතා නොකරන බවත් ඔහු පැවසීය.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction