sri express

ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු සංචිතයේ නවතම ශාඛාව පසුගිය 9 වෙනි සෙනසුරාදා උතුරු ලන්ඩනයේ ස්ටැන්මෝර් නගරයේදී ආරම්භ කරනු ලැබිය. මෙය ලන්ඩන් නුවර විවෘත කෙරුන මහමෙව්නාව 4 වන ශාඛාවයි.

2009 දී පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපදේශකත්වයෙන් ඉතා සුළුවෙන් ආරම්භ කෙරුන බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව වසර 6 ක්වැනි කෙටි කාලයක් ඇතුලත විශාල සැදැහැවතුන් සංඛ්‍යාවකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. දැනට එහි මුලස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරින් බැහැර නිසංසල ගම්බද පරිසරයකින් යුතු බැසිල්ඩන් නගරයේයි.

ලන්ඩනය වැනි අති විශාල නඟරයක සෑම පළාතකම ජීවත්වන බොදු සැදැහැවතුන්හට ආගමික කටයුතු සඳහා සහභාගිවීමට පහසුවන අන්දමට ඔවුනගේ ඉල්ලීම් සලකා බලා එම බැතිමතුන් වැඩිවශයෙන් ඉන්නා ප්‍රදේශයන්ට ආසන්නව අලුතින් මහමෙව්නා අසපු ආරම්භ කිරීම සුදුසුබවට පෙනීගිය නිසා ඉඩප්‍රස්ථා ලැබෙන අවස්ථාවල අලුත් අසපු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇත.

මහමෙව්නාව අසපු කරා විවිධ ප්‍රදේශයන්ගෙන් ඇදී එන සැදැහැවතුන්ගේ ඉල්ලීම් සලකා බලමින් අවකාශයක් ලැබෙන අවස්තාවලදී ලන්ඩන් නුවරින් බැහැර අනෙකුත් නගර වලද අසපු ශාඛා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක්ද ඇත. 

ස්ටැන්මෝර් අසපුව සඳහා නිවාසයක් පුජාකර ඇත්තේ සැදැහැවත් ශ්‍රී ලාංකික යුවලක් විසිනි. 
සෙනසුරාදා උදේ 9 යට මහමෙව්නා අසපුවාසි පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන් සහ පුජ්‍ය අනුරාධපුර කල්යානශීල හිමියන් වෙත එම ගොඩනැඟිල්ලේ යතුරු පුජා කිරීමෙන් එය සඟ සතු කෙරුණි. 

පුජ්‍ය අනුරාධපුර කල්යානශීල හිමියන් එම අසපුවේ වැඩකටයුතු භාරව වැඩසිටිනු ඇත. උන්වහන්සේට සහායවීම සඳහා ළඟදී ශ්‍රී ලංකාවේ සිට තවත් ස්වාමින් වහන්සේලා වැඩම කරවනු ඇති බවද දැනගන්නට ලැබුණි. විදේශ ධම්මදුත කටයුතු සඳහා වැඩමකරවන මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ඒ ඒ රටවල භාවිතාකරන ප්‍රධාන භාෂාවන් හැසිරවීමේ හැකියාවක් සතිත හිමිවරුන් වෙති.

අප්‍රේල් 25 වනදා සරේ ප්‍රාන්තයේ ඉෂර් නගරයේත් අප්‍රේල් 28 වනදා ලන්ඩනයේ හිලින්ඩන් නගරයේත් නව අසපු ආරම්භ කෙරුණි.

මේවායේ එම ප්‍රදේශ අවට ඉන්නා බැතිමතුන් සඳහා දෛනිකව බුද්ධ පුජා, දාන, බුද්ධ වන්දනා සහ පරිත්ත දේශනා පැවැත්වෙන අතර පසලොක්වක පොහෝ දිනයන්හි අමතර සීල, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වෙයි. අසපු පිහිටා ඇති ගොඩනැඟිලිවල ඇති ඉඩකඩ සීමා සහිත වීමත් අවට පදිංචි අයට අපහසු තාවයක් ඇති වීමේ අවස්ථා අවම කරගැනීම අත්‍යාවශ්‍ය නිසාත් වෙසක්, පොසොන් වැනි සුවිසේශී පොහොදිනයන්හි කෙරෙන වැඩසටහන් මෙන්ම සෑම ඉරුදිනකම දරු දැරියන් සඳහා පැවැත්වෙන දහම් පාසල්ද මෙමෙ අසපු මඟින් ආසන්නව පිහිටි ඉඩපහසුකම් සහිත ශාලාවක පවත්වයි.

ලන්ඩන් නුවර මහමෙව්නාව අසපුවාසී භික්ෂුන් වහන්සේ විනය ගරුකව සිල්වත්කමින් හා ගුණවත්කමින් යුක්තව දවසේ වැඩකටයුතු වල යෙදී සිටිති. උන්වහන්සේලා හිමිදිරි පාන්දර 4 ට අවදිවෙති. පැන්පහසුවී අවසන්ව බුද්ධ වන්දනාව සහ බුද්ධ පුජාව උදේ 6 ට පවත්වති. මෙහිදී සතර සතිපට්ඨාන සහ සතර කමටහන් සජ්ජායනාකිරීමද සිදුවෙයි. උදේ 6 ට පෙර සැදැහැවතුන් හීල්දානය ගෙනවිත් පුජාකරනු ලබයි. සමහර අවස්ථාවල සතියේ දිනවලදීනම් දානය බාරගත් පින්වතුන් රාජකාරි සඳහා යායුතු නිසා දානය පුජාකර පිටත්ව යාමද සිදුවෙයි.

පුජා නොකළ කිසිවක් පරිහරණය කිරීම අසපුවාසී හිමිවරුන් අතින් සිදුවන්නේ නැත. 
දහවල දානයද කලින් බාරගත් අයවිසින් උදේ 10.30 වනවිට ගෙනැවිත් පුජා කරනු ලබයි. දහවල් 11 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාව පැවැත්වෙයි. සවස 6.30 ට බුද්ධ වන්දනාව සහ පරිත්ත දේශනා පැවැත්වෙයි. මීට අමතරව දාන සීල භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්චා වැඩසටහන්ද දහම් පාසල්ද පැවැත්වෙයි.

මේ සියලු කටයුතු කෙරෙන්නේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ අනුසාශනා සහ උපදෙස් පරිදිය.
සෑම අසපුවකම විශාල ප්‍රමාණයක ධර්ම ග්‍රන්ථ, ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා ඇතුලත් සීඩී සහ වීඩියෝ පට සහිත පොත්ගුල්ද ඇත.

ස්ටෑන්මෝර් අසපුව සඟ සතුකිරීමේ අවස්ථාවේදී ධර්මානුසාශනාවක් කල පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන් මහා සංඝ රත්නය වෙත සේනාසන පුජා කිරීමේ මහත්ඵල මහානිසංශ විස්තර කරදුන්නේය. මෙම සේනාසන පුජාවට සම්බන්ධවූ සියලුම දෙනා "බුදුරජානන් වහන්සේ නමක් වැඩම නොකළ ශ්‍රාවකයින් නොසිටි එංගලන්තය වැනි දුර බැහැර රටකට පැමිණ මෙවන් මහාර්ඝ පුණ්‍ය කර්මයක් සිදුකිරීමට ලැබීමත් ඒ සඳහා සම්මාදන් වීමට ලැබීමත් අප සැමගේ සංසාර පුරුද්දකින් රැගෙන ආ පින්බලයකින් සිදුවූවක් විය හැකි" බවද උන්වහන්සේ පැවසුහ.

සුපටිපන්න,උජුපටිපන්න,ඥානපටිපන්න, සාමීචි පටිපන්න ගුණයෙන් යුතු සාරිපුත්ත, මොග්ගල්ලාන,මහා කාශ්‍යප වැනි මහ රහතන් වහන්සේලා සිහිපත් කරමින් වර්තමානයේ වැඩ සිටින අනාගතයේ පහලවන්නාවූ සිව් දිසාවෙහි වැඩ සිටින පැමිණි නොපැමිණි සියලුම මහා සංඝ රත්නය උදෙසා මේ සේනාසනය පුජා කරමි, පුජා වේවා යැයිද සාදු නාද මැද්දේ උන්වහන්සේ ප්‍රර්ථනා කර සිටියහ.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction