sri express

Photographs by Tissa Madawela

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ 69 වන ජන්මදිනයේදී එතුමන්ට හා ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සෙත් පැතීම සඳහා ලන්ඩන් නුවරදී පරිත්ථාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් පවත්වනු ලැබීය.

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාර්ස් කාර්යාලය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම පිංකම මෙවර පැවැත්වුනේ 21 වන සිකුරාදා සහ 22 වන සෙනසුරාදයි.

ඒ සඳහා මහකොමසාරිස් කාර්යාලයේ අලංකාර පිරිත් මණ්ඩපයක් ඉදිකර තිබුන අතර ගොඩනැඟිල්ලද බෞද්ධ කොඩි සහ ගොක් කොළ යොදා පින්කමට සරිලන අයුරින් සරසා තිබුණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා විහාරස්ථාන සියල්ලම නියෝජනය කරමින් මහා සංඝ රත්නය 25 නමක් මෙවර පිංකම සඳහා වැඩමකර සිටියහ. 

ශ්‍රී ලංකාවෙන් පිට බ්‍රිතාන්‍යය වැනි රටක එකිනෙකින් බොහෝ දුරස්තරව පිහිටා ඇති ශ්‍රී ලාංකික විහාරස්ථාන වලින් පින්කමක් සඳහා මහා සංඝරත්නය මෙතරම් සංඛ්‍යාවක් වැඩමකරවීමට හැකිවීම විශේෂත්වයකි.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සිට වැඩම කරවූ සධාතුක කරඬුව වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතාගේ හිස මතිනුත් පිරිත් පොත් වහන්සේ මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් අංශ ප්‍රධානි සේපාල රත්නායක මහතාගේගේ හිස මතිනුත් හේවිසි ශබ්ධ පුජා මධ්‍යයේ පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබීය.

පිරිත් දේශනයේ ආනිසංශ පිළිබඳව පුජ්‍ය සීලවිමල නාහිමියන් විසින් අනුසාශනාවක් කරනු ලැබීය. එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ මෙවර පිංකම සඳහා සහභාගීව සිටින අති විශාල පිරිස අතර ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙන්ම කිතුනු, හින්දු සහ ඉස්ලාම් භාක්තිකයන්ද සිටිනු දැකීම තමන්වහන්සේගේ සතුටට හේතුවූ බවයි. 

පස් පවෙන් දස අකුසලෙන් වැළකී සිටීමෙන් සෙතක් අත්වන්නේ බෞද්ධයන්හට පමණක් නොවන බව පෙන්වාදුන් සීලවිමල නාහිමියෝ බුදුන් වහන්සේ පෙන්වාදුන් අවිහිංසාවේ මඟ නිසි පරිදි පිළිපැදීම තුලින් මෙලොව පමණක් නොව පිටසක්වල පවා ජීවත්වන සියලුම ජීවීන්හට සෙතක් ශාන්තියක් උදා කල හැකි බවද පැවසුහ.

බුදුන් වහන්සේ වදාළ පිරිත් දේශනාවේ බලයෙන් අතිගරු ජාධිපති තුමාටත්, රජයටත්, ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝ වාසී සියලුම දෙනාටත් යහපතක්ම වේවායි උන්වහන්සේ සෙත් පතුහ.

පුජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියන් සිය අනුසාශනාවෙදී මෙවර පිංකම ඉතාමත් කාර්යක්ෂම අන්දමට සුදානම් කර තිබීම පිළිබඳව වැඩබලන මහ කොමසාරිස් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට පුන්‍යානුමොදනා කළේය. විශේෂයෙන් පිංකම පිළිබඳව කල්තියා දැනුම්දී තිබීමත් සංඝයා වහන්සේ වෙත ආරාධනා කිරීම සඳහා කටයුතු කර තිබීමත් පිළිබඳව සතුටු වන බව පැවසු කස්සප හිමියෝ මෙවර පිංකම සඳහා මහා සංඝරත්නය මෙතරම් සංඛ්‍යාවක් සහභාගීවීමට එයද එක හේතුවක්වූ බවද සිහිපත් කළේය.

පිංකමේ වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න මහත්මියත් බී. එන්. පතිරත්‍න මහතාත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාත් විශාල කැපකිරීමක් සිදුකල බව දැනගැනීමට ලැබුණු බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

පිරිත් පිංකම අවසානයේදී වැඩමකළ මහා සංඝරත්නය උදෙසා ගිලම්පස පුජාකිරීම සඳහාත් පින්කමට සහභාගීවූ ගිහි සැදැහැවතුන් සඳහා රාත්‍රී භෝජනය සැපයීම සඳහාත් කටයුතු කරන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව විසිනි.

පසුදින උදැසන මහා සංඝරත්නය සහභාගීවූ හීල්දානමය පින්කමක්ද පැවැත්විණි. 

මෙවර පිංකම සඳහා වැඩම කල මහා සංඝරත්නයටත් පින්කමේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව ඇතුළු සියලුම දෙනාටත් පින්කමට සහභාගී වූ සැමටත් වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා සිය කෘතඥතාවය පුද කළේය.  


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs by Tissa Madawela

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction