sri express

Photographs from UNP UK Branch

බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයකට සහභාගි වීම සදහා නිල ආරාධනාවක් ලැබ බ්‍රිතාන්‍යයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝම්බර් 02 වෙනිදා ලන්ඩන් නගරයේ ෂයිලොක් හෝම්ස් හෝටලයේදී බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ නිල ශාඛාවේ සාමාජිකයන් හමුවිය.

එහිදී පක්ෂ සාමාජිකයින් විසින් වික්‍රමසිංහ මහතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර ඒ මහතා සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය හා එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩකටයුතු  පිළිබඳව අවධානය යොමු කෙරුණු සාකච්චාවක්ද පවත්වනු ලැබිය.

රැස්වීම ආරම්භ කරමින් පිළිගැනීමේ කථාව කළ බ්‍රිතාන්‍යය ශාඛාවේ ලේකම් දර්ශන ඩැනියෙල්, රටට අවශ්‍ය විස්වාසනීය දැක්මක් සහිත නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති පැසසුමට ලක්කරමින් කතා කල අතර " අද වනවිට ඉතාමත් සමගි සම්පන්නව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යය ශාඛාව සැමවිටම පෙනීසිටින බවද" අවධාරණය කළේය.

බ්‍රිතාන්‍යය ශාඛාවේ ප්‍රගතිය හා පක්ෂය වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුල බ්‍රිතාන්‍යය ශාඛාව සැපයු දායකත්වය පිළිබදව පැහැදිලි කිරීමක් කල බ්‍රිතාන්‍යය ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර " ඉදිරි ජනාධිපතිවරනයේදී පක්ෂයේ ජයග්‍රහණය සදහා පුර්ණ කැපවීම ලබාදීමටද" පොරොන්දු විය.

රැස්වසිටි පක්ෂ සාමාජිකයන් අමතා විපක්ෂ නායකවරයා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලධාරී මණ්ඩලයේ හා සාමාජිකයන්ගේ කැපවීම හා උනන්දුව දැකීමෙන් තමන් සතුටට පත්වන බවත් ඉතා කෙටි දැනුම්දීමකින් මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කිරීම පිලිබදව තම ස්තුතිය ප්‍රකාශ කරන බවත් පැවසුවේය. තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන වාතාවරණය, පක්ෂයේ සමගිය සහ එළබෙන ජනාධිපතිවරනයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සහ පක්ෂයේ නව ඉලක්ක පිලිබදවත් රැස්වසිටි පිරිස දැනුවත් කරමින් අදහස් දැක්වූ අතර සාමාජිකයන් විසින් නැගු කාලීන දේශපාලන ප්‍රශ්න වලටද පිළිතුරු ලබාදුන්නේය.

විපක්ෂ නායක වරයා සමඟ ලන්ඩනයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සාගල රත්නායක මහතාද සභාව අමතා පක්ෂයේ අරමුදල් එක්රැස් කිරීමේදී පසුගිය වසර කිහිපය පුරාම බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ නිල ශාඛාව දක්වනලද දායකත්වය ප්‍රශංසාවට ලක්කළ අතර අනාගත කටයුතු සදහා තවදුරටත් ශාඛාවේ පුර්ණ සහයෝගය අපේක්ෂා කරනබව පැවසුවේය.

බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ක්‍රිෂාන්ත අතුකෝරල මහතා ස්තූති කතාව කළ අතර මෙම අවස්ථාවට  බ්‍රිතාන්‍යයේ  එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ භාණ්ඩාගාරික කැලුම් අමරතුංග,හිටපු සභාපති හර්ෂ සිරිවර්දන ,සංවිධායක චතුර කෝසල යන මහත්වරුන් ඇතුළු බ්‍රිතාන්‍යය ශාඛාවේ නිළධාරීන් පිරිසක් හා පක්ෂ ක්‍රියාකාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from UNP UK Branch

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction