sri express

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් පිළිබඳව දැනට ලොව වටා ශ්‍රී ලාංකිකයින්ගේ කතා බහට පත්වී ඇති කතාව පිළිබඳව එතුමන්ගේ පැත්ත දන්වන ලෙස නෝනිස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මෙම සිදුවීම මුලින්ම වාර්තාවූයේ ශ්‍රී ලංකා රජයේ වැඩ කටයුතු නිතර දෙවේලේ විවේචනයට ලක්කරන එක්තරා අන්තර් ජාල වෙබ් පිටුවකය.

මුලින් එම වාර්තාවෙහි සඳහන්ව තිබුනේ එම සිද්ධියවූ අවස්ථාවේ එතැන සිටි අයෙකුගෙන් ලද තොරතුරක් මත එම විස්තරය සකස් කල බවකි.

එසේනම් ජනාධිපති වරයා සහ ඔහුගේ සමීපතම නිලධාරීන් අයත් කණ්ඩායමේ චරපුරුෂන් සිටිනවා විය යුතුය. එය එසේ සිදුවිය හැකිනම් එය භයානක තත්වයකි.

අන්තර් ජාලයේ වෙබ් පිටුවකින් ආරම්භවී දැනට ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍යන් වෙතද උණුසුම් ප්‍රවුර්තියක් ලෙසට ඇතුල්වී තිබෙන මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් නිහඬව සිටීමෙන් හෝ නිහඬ කර තිබීමෙන් සිදුව ඇත්තේ මේ වර්තාවන්ගේ සඳහන්වන සිද්ධියෙහි කිසියම් හෝ  සත්‍ය භාවයක් තිබිය යුතුබවට සාමාන්‍ය ජනයා තුල මතයක් ගොඩ නැඟීම බව සිතීම සාධාරණය.

එම වෙබ් පිටු වල අද සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහා රෝමයේ වතිකානු රාජ්‍ය සදහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැටුව ගිය ඉහත සඳහන් සිද්ධියට නම ගැවි ඇති කිසියම් තැනත්තෙකුහට ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීම සඳහා අවස්ථාවක් ලබාදිය නොහැකි බවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් දැඩි ස්ථාවරයක පසුවන බවය. 

මෙම ආරංචියද කටකතාවක් විය හැකි වුවත් රජයේ බලධාරීන් එහි ඇත්ත නැත්ත පැහැදිලි කරන තුරු සත්‍ය තොරතුරක් ලෙසට එය දකින කෙනෙකු විශ්වාස කරනු නොඅනුමානය.

එම වෙබ් පිටුවෙහි තවදුරටත් සඳහන්ව ඇත්තේ " ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වතිකානුව කරා පැමිණෙන ලෙස ආරාධනා කළ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ක්‍රිස් නෝනිස් මහතා තවම වතිකානුව කරා පැමිණ නැති බව ජනාධිපතිවරයාගේ ආරාධිත කණ්ඩායමේ කිහිප දෙනෙකුම පැවසීය. බෙහෝ දුරට වෛද්‍ය ක්‍රිස් නෝනිස් අද (02) දිනය තුල වතිකානුවට පැමිණිය හැකි බව ඔව්හු වැඩි දුරටත් සඳහන් කළහ "යනුවෙනි.

මෙම සියලු විස්තර හුදෙක් සම්ප්ප්‍රලාප ලෙස සැලකිය හැකිදැයි ලන්ඩනයේ ශ්‍රී ලාංකිකන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසු විට ඔවුන් කීවේද මෙම කතාව පිළිබඳව රජයෙන් පහදා දීමක් සිදුවන තුරු වෙබ් අඩෙවි වල පලවන කතා විශ්වාස කිරීමට සිදුවන බවය.

මිට පෙර ජිනීවා නුවරදී මානව හිමිකම් සැසිවාරයට සහභාගිවූ අවස්තාවක නිව්යෝක් සිද්ධියට නම ගැවි ඇති කෙනෙකු තමන්ට හමුවූ බවත් එදා ඔහු සමඟ පැමිණි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ කණ්ඩායම ක්‍රියාකළේ මුළුමනින්ම එම තැනැත්තාගේ අනසකට යටත්ව බව හොඳින්ම පෙනීගිය බවත් මේ ගැන අදහස් දැක්වූ ලන්ඩන් නුවර පදිංචි කෙනෙකු පැවසුවේය.

මහ කොමසාරිස් තනතුර දරමින් ලන්ඩනයේ ගතකල කාලය ඇතුලත දොස්තර ක්‍රිස් නෝනිස් මහතා දක්ෂ කාර්යශූර තානාපතිවරයකු ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිත් දිනාගැනීමට සමත් වූ බව කිහිප දෙනෙක්ම පැවසුහ. මේ අතර සිංහල, දෙමල සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් වුහ.

ශ්‍රී ලංකාවේ ඉපැරණි මැක්වුඩ් සමුහ ව්‍යාපාරය අයත් පවුලකින් පැවැත එන නෝනිස් මහතා අධ්‍යාපනය හැදෑරුවේ මහා බ්‍රිතාන්‍යයෙනි. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයට ඇතුළුවූ ඒ මහතා එහිදී තම වෛද්‍ය උපාධිය ලබා ගත් අතර ලන්ඩනයේ ඉම්පීරියල්  වෛද්‍ය විද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක්ද ලබා ගත්තේය. ඉන්පසුව ලොව ප්‍රකට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබා ගත් ඔහු වෛද්‍යවරයකු ලෙස සේවය කළේය.

දක්ෂ හෘද රෝග විශේෂඥයකු ලෙස වෛද්‍ය වෘත්තිය තුළ ගෞරවය දිනාගත් නෝනිස් මහතා සිය පියාගේ අවෑමෙන් ශ්‍රී ලංකාවට ගොස් ව්‍යාපාරික ක්ෂේත්‍රයේද සමාගම් බොහෝගනනක සභාපතිත්වය දරමින්  ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියේය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර සඳහා පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවේ රජය යෝජනා කල දේශපාලන පත්වීම් කිහිපයක්ම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එම තනතුර සඳහා නෝනිස් මහතාගේ නම යෝජනා විය.

ඒ මහතා මහ කොමසාරිස් වරයා ලෙස පත්ව ආ අවදිය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව විශාල  අභියෝග යන්ට මුහුණ පෑ කල වකවානුවකි.

එම අභියෝගයන්ට සාවධානව මුනුන පාමින් ශ්‍රී ලංකාවේ යතා තත්වය ගෙනහැර පෑමට ඒ මහතාට හැකිවිය.

එංගලන්තයේ ප්‍රභලව ක්‍රියාත්මක දෙමළ ඩයස්‍පෝරාව බටහිර රටවල විවිධ කොටස් සමග එක්වී ශ්‍රී ලංකාවට එරෙහිව නිරන්තරයෙන් ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන්ට,  නිසි පිළිතුරු ලබාදීමට ක්‍රිස් නෝනිස් මහතාට හැකිවිය. ඉංග්‍රීසි භාෂාව ඉතාමත් ව්‍යක්ත ලෙසත් චතුර ලෙසත් හසුරවමින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ මෙරට ගෞරවය සුරක්ෂිත කරලීම වෙනුවෙන් අදහස් දැක්වීමට එමහතාට හැකිවීම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රසාදයට පත්වූ කරුණක් විය.

වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට ලන්ඩනයේ මහ කොමසාරිස් තනතුර අහිමිවුවහොත් එම පාඩුව බල පාන්නේ ඒ මහතාට නොව පොදුවේ ශ්‍රී ලංකාවට බව ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අදහස බව පෙනෙන්නට ඇත.


Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction