sri express

ඇමෙරිකාව වෙත පියාසර කරනු ලබන සියලුම ගුවන් යානා,ඒවායේ සේවකයින්,මගීන් සහ බඩු බාහිරාදිය අමතර පරීක්ෂාවට පත්කිරීමක කටයුතු කරන ලෙසට ඇමෙරිකානු ආරක්ෂක අංශ ඉලා ඇත.

යුරෝපා කරය, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල ගුවන් ගමන් සහ මගීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසටද ඇමෙරිකානු ආරක්ෂක අංශ ඉල්ලයි.

එංගලන්තය, ප්‍රංශය සහ ජර්මනිය දැනටමත් ඔවුනගේ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අතිරේක පරීක්ෂා කටයුතු ආරම්භ කර තිබේ. මෙනිසා තම ගමන් සැලසුම් කිරීමේදී ගුවන් තොටුපල පරීක්ෂාව සඳහා පෙරට වඩා වැඩි කාලයක් ගතවිය හැකිබව සැලකිල්ලට ගන්නා ලෙස ගුවන් මගීන් වෙත නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක කමිටුවේ සභාපති මැල්කම් රිෆ්කින්ඩ් පවසන්නේ මෙවර ලැබී ඇති තොරතුරු සලකාබලීමෙදී " බ්‍රිතාන්‍ය තුල අලුතෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීමට හැකි ඉඩ කඩ ඉතාම ඉහල මට්ටමක පත්ව ඇති " බවය.

මෙවන් දැඩි පරීක්ෂාවක් හඳුන්වාදීමට සිදුවී ඇත්තේ ගුවන්තොටුපළ ආරක්ෂක අංශවලට හසු නොවන ආකාරයේ බෝම්බයක් සෑදීම සඳහා "අල් කයිඩා" ත්‍රස්තවාදීන් විසින් කටයුතු කරමින් සිටින බවට ඇමරිකානු රහස් සේවා වෙත නිශ්චිත තොරතුරු ලැබීමෙන් පසුව නිකුත්කර ඇති අනතුරු හැගවීමක් නිසාය.

දැනට ගුවන් තොටුපලවල භාවිතකෙරෙන ආරක්ෂක යන්ත්‍ර හා ක්‍රම සහ විධි සියල්ලටම හසුනොඉවන ආකාරයේ බෝම්බයක් නිර්මාණය කිරීමටත් ගුවන් යානාවක් තුලට එය ඇතුල් කිරීමටත් " අල් කයිඩා" සංවිධානයේ බෝම්බ කරුවන් පරීක්ෂණ පවත්වන බවට ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන් දැනගත්තේ මීට බොහෝ කලකට පෙරාතුවය.

" ඇල් කයිඩා" සංවිධානයේ වර්තමාන බෝම්බ මොළකරුවන්ගේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඉබ්‍රාහිම් හසන් අල්-අසිරි නමැති සෞදි අරාබියානු ජාතිකයෙකු බවද, එම කණ්ඩායම යෙමනනය සහ සිරියාවේ සිට ක්‍රියාත්මකවන බවද ඇමෙරිකාව සොයාගෙන ඇත. 

ඔහු දැනට සිරියාවේ සහ ඉරාකයේ සටන්කාමීන් සමඟ සමීප සම්බන්දතාවයක් ගොඩනගාගෙන ඇතිබවද ඇමෙරිකාව පවසයි.

පසුගිය කල වකවානුව තුල අත්හදා බැලීමක් වශයෙන් ඔවුන් විසින් තුන් වතාවක්ම ගුවන් තොටුපල පරීක්ෂාවට හසු නොවන අන්දමට සකස්කළ බෝම්බ සාර්ථකව ගුවන් යානාවලට ඇතුලත් කිරීමට සමත්වූ බව ඇමෙරිකාව කියා ඇත. ඉන් එක බෝම්බයක් ගුවන්යානය බැවාට පසු පිපිරී ගිය බවත් එහිදී බෝම්බකරුද මියගිය බවත් ඇමෙරිකානු වාර්තාවල සඳහන්ව ඇත.

පසුගියදා ඉරාකයේ සහ සිරියාවේ කොටස් තමන්ගේ පාලනය යටතට පත්කරගත් සටන්කාමී කණ්ඩායමේ නායක අබු බාකර් අල්-බග්ඩාඩි නැමැත්තා එම ප්‍රදේශ ඇතුලත් කර " මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍යය " නමින් නව ඉස්ලාමීය දේශයක් ප්‍රකාශයට පත් කළේය. මෙම කණ්ඩායම ඉස්ලාමිය සටන්කාමීන් අතර භයානකම සංවිධානයක් ලෙසට බටහිර ආරක්ෂක විශ්ලේෂකයින් පවා හඳුන්වා දී ඇත.

යුරෝපයේ සහ ඇමෙරිකාවේ පදිංචි අරාබි ජාතිකයින් යොදාගනිමින් මෙම නව මරාගෙන මැරෙන ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයන් සිදුකිරීමට ඉඩ ඇතිබවද සොයාගෙන ඇත. සිරියාවේ සහ ඉරාකයේ සටන් සඳහා යුරෝපාරටවල පදිංචි අරාබි ජාතික තරුණ තරුණියන් බොහෝ සංඛ්‍යාවක් ස්වේච්චාවෙන් දැනටමත් සහභාගී වී සිටින බවට වාර්තාවෙයි.

මෙලෙස එංගලන්තයේ සිට සිරියාවට සහ ඉරාකයට ගොස් සිටින තරුණයින් ඉල්ලා ඇත්තේ "එංගලන්තයේ ජීවත්වන සියලුම මුස්ලිම් තරුණයින් එම සටන් සඳහා සහභාගීවන ලෙසට" බවද වාර්තා විය.

ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා මෙම පිරිස් අතරින් කිසිවෙකු සොයාගැනීම ඉතාම පහසු වන බව පවසන මැල්කම් රිෆ්කින්ඩ් කියා ඇත්තේ  " මෙම නව ත්‍රස්ත කණ්ඩායම් ප්‍රවර්ධනය කරගෙන ඇති තාක්ෂණික දැනුමේ දරුණු කම කිසිලෙසකත් අව තක්සේරු කල නොහැකි බවයි.

දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩ පිළිවෙලට අනුව ඇමෙරිකාව වෙත ගමන් කිරීමේදී "ඇපල් අයි ෆෝන් සහ සැම්සුන් ගැලක්සි" විශේෂිත ජංගම දුරකථන සහ "ලැප් ටොප්" පරිගණක යන්ත්‍ර මෙන්ම කැමරා සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙනයාමේදී ඒවායේ බැටරි සම්පුර්ණයෙන්ම විදිලි බලය කවා තිබීමද අවශ්‍ය වන්නේය.


Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction