sri express

"සමනල තටු"

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂනයකළ සමනල තටු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජුලි 13 වන ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.

දක්ෂතා ඇතත් දරිද්‍රතාවය නිසා අසරණ තත්වයට පත්ව ඉන්නා ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත්වන දුවා දරුවන්හට පිහිටවීමේ අරමුණෙන් පිහිටුවා ගන්නා ලද " උපන්දින පදනම" මඟින් සංවිධානය කර ඇති එම චිත්‍රපට දර්ශනය මඟින් උපයන සියලුම මුදල් එම සංවිධානයේ වැඩකටයුතු සඳහා යොදාගනේමට බලාපොරොත්තු වෙයි.

මෙම ආධාර දර්ශනය සඳහා තම සිනමා නිර්මාණය ලබාදීම සම්බන්දයෙන් " උපන්දින පදනම" සෝමරත්න දිසානායකයන් වෙත් තම කෘතඥ තාවය පළකර ඇත.

උපන්දින පදනමේ අරමුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ තම බලාපොරොත්තුව වන්නේ " කැලේ පිපෙන මල් කැකුළු සිදාදියට ගෙන ඒම නොව කැලේම පිපී මුළු ලොවම සුවඳවත් කරන්නට අත හිත දීම " බවය.

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ කළා කුසලතාවයන් හඳුනාගෙන ඒ සඳහා ඒම දරු දැරියන් තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණෙන් " උදව් පතන දරුවන්ට අත දෙන්න" යන තේමාව යටතේ චිත්‍ර තරඟයක් පැවැත්වීම සඳහාද " උපන්දින පදනම" කටයුතු යොදා ඇත.

"සමනල තටු" චිත්‍රපටයේ දර්ශන දෙකක් ජුලි 13 වන ඉරිදා සවස 6 ට සහ 8.30 ට ක්වීන්ස්බරිහි සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙයි.


Sri Express
"සමනල තටු"

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction