Print
sri express


 

ඊශ්‍රාලයේ  මෙවර වෙසක් උළෙල සමග නව බොදු පුබුදුවක්


ඊශ්‍රාලය ලොව සුවිශෙෂී රටක් වන්නේ ඒබ්‍රාම් තුන් දරුවන් වන යුදෙව් දහම, ඉස්ලාම් දහම හා කිතුණු දහම ලොවට දායාද කළ නිජබිම ලෙස පවතින ඓතිහාසික පිළිගැණිම නිසයි. මෙහි අගනුවර වන ටෙල්අවි නගරයේ ප්‍රධාන ජන ගහනය යුදෙව් ජාතිකයන්ය.ජෙරුසලම ප්‍රධාන ශුද්ධ නගරයේ එක් කොටසක ප්‍රධාන යුදෙව් ආගමික දේවස්ථානය , තවත් කොටසක ප්‍රධාන ඉස්ලාම් ආගමික දේවස්ථානය  , තවත් කොටසක කතෝලික දේවස්ථානය පිහිටා ඇත. ලොව පුරා දහස් ගණනක් බැතිමතුන් දිනපතා මෙම ස්ථානවලට අපමණ භක්තියෙන් යුතුව සිය ජීවන බලාපොරොත්තු අරමුණු කර ගනිමින් යාඥා කිරීම  සඳහා පැමිණෙති.

මෙහි ශ්‍රීලාංකික ජනගහනය 15000 කට අධිකය. ඔවුහු බොහෝ දෙනා සාත්තු සේවාවන් සඳහා නීත්‍යානූකූලව පැමිණි අය වෙති.මේ බොහෝ දෙනා තාවකාලිකව රැකියා වලට පැමිණි අය වුවද තම සංස්කෘතිය ආගම හා ශ්‍රීලාංකික අනන්‍යතාව රැක ගැණීමට බලවත් ලෙසම කැමැත්තක් දක්වති.කාලයක් තිස්සේ ෞද්ධ විහාරයක් ගොඩනංවා ගැණීමට උත්සාහ ගත්තද විවිධ ෞතික බධාවන් නිසා එය අඩපණව තිබූණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා ෞද්ධ විහාරයේ අචාර්ය තවලම ධම්මික නාහිමි මග පෙන්වීමෙන්ඊශ්‍රාලයේ වසන, චන්ද්‍රා වැළිමළුව, රෝහන පත්මසිරි, රෝහිත, නලින්, සම්පත්, රන්ජන් කුමාර, ශ්‍රියානි, වසන්ති ,කුමාරි,නාලිකා රේණුකා, ප්‍රසාද්, ලාල්,පහන්,සමාධි,වරුනි, අකිල,සංගීතා,රේකා,ශිරාණි ශිර්කා  ප්‍රදීප් ,ප්‍රෙමා මහත්ම මහත්මීන්  ප්‍රධාන සංවිධායක මඩුල්ලකගේ බලවත් උනන්දුවෙන් මෙවර වෙසක් පොහොය දා ටෙල්අවි අගනුවර ප්‍රධාන ශාලාවක  දාන සීල භාවනා විශේෂ වැඩ සටහනක් ඉතාම සාර්ථකව සිදු කෙරිණ. මෙම වැඩසටහනින් පසුව පැවැති සාක්ච්ඡාවෙදී ගණු ලැබූ සාමුහික තීරණය වූයේ වහ වහාම අළුත් මුහුණුවරකින් විහාරස්ථානය ආරම්භකිරීමට කටයුතු සම්පාදනය කළ යුතු බවයි .

මෙම උත්සවය සඳහා එංගලන්තයේ සිට වැඩම කළ අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි ශිෂ්‍යවරයෙකුවූ පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මංගල හිමියන්ට මෙම නව විහාරස්ථානයේ ආගමික කටයුතු කරගෙන යාම සඳහා උන්වහන්සේගේ කැමැත්ත පරිදි ෞරවයෙන් ආරාධනා කරණ බවයි.


පැමිණි සිටි සියළු දෙනාගේ බලවත් ප්‍රසාදය එය භාජනය වූ අතර, මෙවර පොසොන් උත්සවය ජුනි 10-11 දිනවල ජෙරුසලම නගරයේ දී , පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට තීරණය කෙරුණු අතර මෙම කාලය තුළ විහාරස්ථානයට ගැලපෙන නිවසක් සොයා ගැණිමට සියළු දෙනාම උත්සාහ දරණ බවට එකඟතාවය පළවිණ. අනුව යථාකාලයෙදී ටෙල් අවි අගනුවර ශ්‍රීලංකාවට ෞවරයක් ලබා දෙමින්     ‘ඊශ්‍රාල් ෞද්ධ විහාරයමෙම ශුද්ධ භූමියෙහි දී ආරම්භ කිරීමට කට යුතු කෙරෙණු ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඊශ්‍රාල් ජාතික ෞද්ධ පිරිස බොහෝය.

මෙවර එහි වැඩම කළ භික්ෂූන්වහන්සේලාට ආවාස පහසුකම් සැලසුවේ ඊශ්‍රාල් ජාතික ෞද්ධ මහතෙකුවන මෝඩි මහතාගේ නිවසෙහිය.

ඉතා උත්කර්ෂවත්ව සකසන ලද ශාලාවක දී දවස පුරාම පැවති මෙම වෙසක් උළෙල දා  විශාල පිරිසක් සිල් සමාදන් වූ අතර ශ්‍රීලංකාව වෙනුවෙන්, ඊශ්‍රාල් ශ්‍රි ලංකා තානාපති සෙල්වරාජ් මහතා ප්‍රධාන නිලධාරී පිරිසක් සහභාගීවුණු අතර, තානාපති තුමන් විසින් චාරිත්‍රානූකූලව පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කෙරුණි. මෙම නව වැඩ පිළිවෙළ සඳහා තානාපති කාර්යාලය වෙනුවෙන්, ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් ලබා දිය හැකි හැම සහයක්ම උපරිමව ලබා දීමට එතුමන්ගේ කැමැත්ත පළ කෙරිණ. 

උත්සවයේ නිවේදන කටයුතු සම්පත් බණ්ඩාර මහතා සිදු කළේය.මෙම අවස්ථාවට ඊශ්‍රාල් ජාතික පඤ්ඤානන්ද හිමියන් සහභාගීව දේශනයක් සිදු කළහ.




Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn