Print
sri express

අපිත් ආසයි හීන දකින්න...
ඉගෙනීමෙන් ලොව දිනන්න දු පුතුනේ... උපන්දින අරමුදල සෑම දරුවෙකුගෙන්ම කරන එකම ඉල්ලීමයි...
වසන්ත හේරත් - මොණරාගල සිට

මොණරාගල සුභාග්‍යා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පසුගිය දා රුපියල් ලක්ෂයක් වටිනා අධ්‍යාපනික සංගීත හා ක‍්‍රීඩා උපකරණ රැුසක් උපන්දින අරමුදල මගින් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙම පරිත්‍යාගය වෙනුවෙන් මූල්‍ය ප‍්‍රදානය කරනු ලැබුවේ සාරා හෙට්ටිආරච්චි දියණිය ඇතුලූ පවුලේ සැම විසිනි.

එදින පාසැලේ දරුවන් විසින් පැමිණ සිටි අරමුදලේ සාමාජිකයින් වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණේ එම පරිත්‍යාගයෙහි වටිනාකම දරුවන් හා ගුරුවරුන් අවබෝධ කරගත යුතු නිසා බවයි විදුහල්පතිවරයා පැවසුවේ. 

පරිත්‍යාගයන් වෙනුවෙන් උපන්දින අරමුදලට හා පරිත්‍යාගශීලීන්ට දරුවන්ගේ සහ ඇදුරු මඩුල්ලේ ස්තුතිය පිරිනැමුණු අතර උපන්දින අරමුදල වෙනුවෙන් එහි සභාපතිවරයා විසින් දරුවන් හා ගුරුවරාන් අමතා කළ කතාවේ දී සියලූ බාධක මැඩගෙන ඉදිරිය දැකීමට නම් ඉගෙනීමෙන් ලොව දිනිය යුතු බව ද ඒ සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කරන්නැයි ද සියලූම දරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

පැය කිහිපයක් පැවති උත්සවයේ දී අහිංසක දරුපැටවුන් විසින් ඉදිරිපත් කළ විවිධ කුසලතා දැකීමෙන් අමුත්තන්ගේ දෑස් කඳුලින් තෙත් වනු දැකීම එම අවස්ථාව කෙතරම් සංවේදී ද යන්න ඉතා පැහැදිලි වූ අවස්ථාවක් බව සැමට කියා පෑවේය.

අවසානයේ දී දරුවන් වෙත සියලූ භාණ්ඩ භාර දී ඒ සඳහා පාසැල් භාණ්ඩ ලැයිස්තුවේ සටහන් හා ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ද ලබා දීමෙන් අනතුරුව තවත් උසස් ගණයේ සාර්ථක සමාජ සත්කාරයක නිමාව දුටුවේ තවත් එවැනි අවස්ථා ඉදිරියේ දී ඔබ වෙත ලබා දීමට සිත්හි සටහන් කර ගනිමින්.





Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn