sri express

Photographs from Sri Lanka Associations - Japan

සකුරා පඳුරු පුරවා පිපී ඇති දහසකුත් මල් කිනිති වලින් මේ අසිරිමත් වසන්ත සමයේ ජපානයේ අගනුවර ටෝකියෝ නගරය පිරී ඉතිරී ඇත. විසිතුරු මල් උයන් මෙන්ම ගෙවතු පුරා නෙත් සිත් පිනවමින් පිපී ඇති සකුරා මල ටෝකියෝවට අමුත්තක් නොවන්නට පුළුවන. එහෙත් මේ මනරම් නගරයවෙත වෙනත් ආකාරයේ ආලෝකයක් ගෙන ආ හුරුබුහුටි සුරුපී ශ්‍රී ලාංකික "එරබදු මල් පොකුරු" කිහිපයක් ඇතුලත් වූ විසිතුරු කළා මංගල්‍යයක් එහිදී දැකගැනීමට අවස්ථාවක් උදාවිම නම් නිසැකයෙන්ම ආශ්චර්යමත් සිදුවීමකි.

මේ අසිරිමත් කළා මංගල්‍යය වෙනකක් නොව ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මුලිකත්වයෙන් වෙනත් විවිධ ශ්‍රී ලාංකික ස්වෙච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව පවත්වන ලද 2013 බක්මහ උළෙල මහා සුර්ය මංගල්‍යයයි.
 
ටෝකියෝ ශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවය පසුගිය වසර විසි හතරක් පුරාම නොකඩවා පවත්වා ඇති අතර අද වන විට ටෝකියෝ නුවර වාර්ෂික සංස්කෘතික වැඩසටහන් දින දර්ශනයට ඇතුලත්වී ඇති වැදගත් ශ්‍රී ලාංකික වැඩසටහනක් බවට පත්වී ඇති බව සංවිධායකයෝ පවසති.
 
මෙවර උත්සවයට ජපානයේ විවිධ නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සහ ජපාන ජාතිකයින් 5000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. ජපානය වැනි විදෙස් රටක ශ්‍රී ලාංකික උත්සවයක් සඳහා මෙතරම් පිරිසක් සහභාගී වීම ඉතාම විශිෂ්ට මෙන්ම දුර්ලභ සිදුවීමකි.
 
උත්සවයේ ප්‍රධාන අමුත්තා වුයේ චෝෆු නගරාධිපති යෝශිකි නගටෝමෝ ය.
 
උත්සව ආරම්භයේ සංවිධායකයන් වෙනුවෙන් පැමිණ සිටි සැමදෙන පිළිගනිමින් කතා කල ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැවසුවේ මෙවැනි වැදගත් කළා උළෙලක් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික උත්සවයන් සහ සංස්කෘතියේ අනර්ඝත්වය සහ ඉසුරුමත් භාවය පිලිබඳ මනා අවභෝධයක් ජපාන වැසියන්ට ලබාදීමට හැකියාවක් ලැබෙනවා මෙන්ම විවිධ ප්‍රදේශයන්හි කාර්ය බහුල ජීවිත ගෙනයන ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හටද එකට එකතුවී ජාතික උත්සවයක රසවත් කම බෙදා හදා ගැනීමේ අවස්ථාවක්ද උදාවන බවය.
 
ජපාන සහ ශ්‍රී ලාංකික සුරුපියන් සහභාගීවූ අවුරුදු කුමරිය තේරීමේ තරඟය මෙන්ම ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සව වලදී දකින්නට ලැබෙන සියලුම සම්ප්‍රදායානුකූල අංගයන්ද මෙවර ටෝකියෝ බක්මහ උළෙලට ඇතුලත්ව තිබුන අතර,
 
දවස පුරාම පැමිණ සිටි සියලු දෙනාටම කැවුම් කිරිබත් ඇතුළු සියලුම වර්ගයේ ශ්‍රී ලාංකික ආහාර පාන පහසුවෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් උත්සවය පැවති භුමිය තුල සුදානම් කර තිබුණි.
 

 

More Photos:  Sri Lankan New Year in Tokyo 2013


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction