Sri Lankan news - France

 

ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනයක්.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සහ සුභසාදක පදනම මඟින් පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැරිස් නුවර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය මෙවරද බුවා ද වැන්සන්හි පිහිටි විහාරස්ථාන භූමියේදී ඉතා අලංකාරවත් අන්දමින් සිදු කෙරුණි.ප්‍රංශ ජාතිකයින්ට මෙන්ම ප්‍රංශයේ ජිවත්වන අනෙකුත් ජාතින්හට ශ්‍රී ලංකාව පිලිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ අත්කම්, ආහාර පාන වැනි බොහෝදේ පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳවත් පැමිණසිටි පිරිස් දැනුවත් කිරීමත් උත්සවය පැවති දින දෙක ඇතුලත කටයුතු කරනු ලැබිය. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ විදහා දැක්වුණු වාර්තා චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරුණි.

Read more ...
ප්‍රංශයේ පසවි දරැ දිරි අරමුදලෙන්  ආධාර

පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් විසින් ක්‍රියාත්මක පසවි දරැ දිරි අරමුදල මගින් ශ්‍රී ලංකාවේ දරැවන් පස්දෙනෙකුට වැඩි පවුල් වලට ආධාර කිරීමේ වැඩසටහන යටතේ තවත් පවුල් හතරකට මාසිකව රැපියල් පන්දහස (5000) බැගින් ලැබෙන සේ ආධාර ලබාදීම පසුගියදා මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේදි සිදුකෙරිණි.

Read more ...
ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය වෙසක් සමරයි

 ප්රංසයේ ජාත්යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් අනුස්මරණය වෙනුවෙන් පුජ්ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව වාර්ෂිකව සංවිධානය කරණ වෙසක් අනුස්මරණ සංස්කෘතික උත්සවය පසුගියදා බුවා ද  වැන්සන්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වුණි. සීල සමාදානය, පිරිත්දේශනය, ධාතු ප්රදර්ශනය, පිණ්ඩපාත දානය, ප්රංශයේ උපන් දු දරුවන්ගෙන් සමන්විතවූ දවුල් කාණ්ඩයම  සමග සධාතුක කරඩුව සහිත  විවිධ ජාතිකයන්ගෙන් යුක්තවූ බෞද්ධ පෙරහැර, තෙසත්තා ඥාණ පුජාව, වෙසක් අනුස්මරණ උත්සව සභාව,  භක්ති ගීත සහ පුජ්ය මස්සෙන්නේ විජිත හිමියන් විසින්  පවත්වනලද මා පිය උපහාර පුජවද මෙදින පැවත්වුණි.   

Read more ...
75 වසර සපුරන  යුරෝපයේ ලොකු හාමුදුරුවෝ

පැරිස් ධම්ම චක්ක බෞද්ධ සංගමයේ සභාපති පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට වසර 75 ක් පිරිම නිමිති කරගෙන ප්‍රංශයේදී පින්කම් මාලාවක් පවත්වනු ලැබිය.

Read more ...
ප්‍රංශයේ මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් ශිෂ්‍යත්ව

කුප්පිලාම්පු එළියෙන් පාඩම් කරමින් මහත් දිෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ පස්වෙනියාලෙස සමත්ව මෙවර ජීව විද්‍යා අංශයෙන්  රත්නපුර දිස්ත්රික්කයේ පළමුවෙනියා බවට තේරී ඇති රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත සිසුවාට වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවී ඉගෙනීමේ කටයුතු අවසන් කරන තුරු ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ඤාණිස්සර නාහිමි පදනමේ නිර්මාතෘ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවන බෞද්ධ විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ක්‍රියාකළ බව එම පදනමේ ලේකම් පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමියෝ ලංකාදීප එසැන පුවත්වෙත දන්වා ඇත. 

Read more ...
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙනුවෙන් ප්‍රංශයේ පින්කමක්

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මුලිකත්වයෙන් ඇති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය කර්මයක් එම විහාරස්ථානයේදී සිදුකරන ලදී.

Read more ...
සෝභිත හිමියන්ට පින්පතා පැරිසියේ පින්කමක්

පැරිස් නුවර ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ පැවති වාර්ෂික කඨින පුජෝත්සවයේදී පසුගිය ඉරුදින අපවත්වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට පින්පමුනුවනු ලැබුහ.

Read more ...
ප්‍රංශයේ ජේතවනාරාමයේ  කටින පුජෝත්සවය

ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමයේ වාර්ෂික කතින පුජෝත්සවය නොවැම්බර් 1 වෙනි දින ශ්‍රී ලාංකික, වියට්නාම, චීන, කාම්බෝජ,ලාඕස, බංග්ලාදේශ, බුරුම, සහ ප්‍රංශ ජාතික ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබිය.

Read more ...
Media Release: Sri Lanka Clinches Deal to Host the French Travel Agents Association (SNAV) Annual Congress 2016

The French Travel Agents Association or the Syndicat National des Agences de Voyages (SNAV) has chosen Sri Lanka as the next venue for their annual congress 2016.This major feat garnered by the country would attract approx 600 French decision makers that would guide and steer the French tourism industry.  The event will be a key image building exercise harnessing the potentials of Sri Lanka as a key travel destination for the French Market.  It is in a long while that SNAV had picked a destination in Asia to host this major event, the last being in 2005 in Beijing.   

Read more ...
පැරිස් පන්සල සිසුන්  දෙදෙනාට අත දෙයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉහළම ලකුණු ප්‍රමාණය වන 173 ක් ලබාගත් පසිඳු සංදීප සිසුවාට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල මනොමාර විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව ලකුණු 166ක් ලබාගත් කවීෂා ලක්ෂානි සිසුවියට 2016 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ ඉගෙනීමේ  සියල්ල අවසන් වනතුරු එක දරුවෙකුට මාසිකව රුපියල් 2000 ක් බැගින් දිරි දීමනාවක් ලබාදීමට පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරය සැරසෙයි. විහාරාධිපති පුජ්‍යමුරුංගස්යායේ ඥානිස්සර නාහිමියෝ ඒ බව පැවසුහ.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction