Lanka Science

 ඉබෝලා වසංගතය ගැන දැනගන්න.

පසුබිම සහ ඉතිහාසය - ඉබෝලා වෛරසය මරණය ලඟාකරදිය හැකි උග්‍ර රෝගයකි. ඉබෝලා වෛරස් රෝගය මුල් වරට හඳුනා ගන්නො ලද්දේ 1976 වසරේදීයි. ඒ අප්‍රිකානු රාජ්‍යයන් වන සූඩානයේ දී සහ කොංගෝවේදී වේ. විශේෂයෙන් කොංගෝවේ රෝගය පැතිරීයාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදුවූ නීසා මෙම වෛරසය ඉබෝලා නම් තැබිනි.

Read More
 “ඒඩ්ස්“ රෝගය හිතපු තරම් අලුත් නැහැ !

ඒඩ්ස් රෝගය ගැන අපට අසන්නට ලැබෙන්නේ 80 දශකයේ සිටයි. මුල් වරට ඒඩ්ස් ( AIDS ) රෝගය සහ එයට මුල් වන HIV (human immunodeficiency virus - මානව ප්‍රතිශක්තිකරන ඌනතා වෛරසය) නම් වෛරසය ගැන අපට දැනගන්නට ලැබෙන්නේ 1983 වසරේදීයි. කෙසේ වෙතත් මෑතකදී බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සහ බෙල්ජියමේ ලියුවෙන් යන විශ්ව විද්‍යාල වල පර්යේෂණ කණ්ඩායම් ඒකාබද්දව HIV වෛරසයේ ඉතිහාසය පිලිබඳ සිදු කරන ලද පරීක්ෂණයකදී හඳුනාගෙන ඇත්තේ ඒඩ්ස් රෝගය 1983 වසරට ද බොහෝ පෙර සිට අප්‍රිකානු කලාපයේ මිනිසුන් අතර පැතිර යමින් පැවති බවයි.

Read More
කුසගින්නේ නව මුහුණුවර.

කුසගින්න අප හැම දෙනාටම පොදුයි. විවිධ ආර්ථික අපහසුතා වලින් සහ සම්පත් හිඟයෙන් පෙලෙන ජනයා තමාගේ ඊලඟ ආහාර වේල ලැබේදැයි යන්න අවිනිස්චිතව ගත කරන අයුරු අප බොහෝ දෙනාට නොපෙනී යන්නේ එය බොහෝ දුරට පුද්ගලයින් සමාජයට විවෘතව ඉදිරිපත් කිරීමට මැලි වන බැවින් විය හැක. නිවර්තන ප්‍රදේශයක පිහිටා ඇති බැවින් ලාංකිකයන්ට නම් අතේ මුදල් නොතිබුනද දිවි පවත්වා ගැනීමට කිසියම් ආහාරයක් සකසා ගැනීමට අවස්ථාව ලබා දීමට තරම් ස්වභාවධර්මය කරුණාවන්ත බව අපි දනිමු. ලාංකික සමාජය සමග බැඳි තවත් විශේෂත්වයක් ඇත. එනම් අපට නොහැඟුනද, දේශීය ආහාර රටාවක් සම්බන්දව අප සමාජයේ ගොඩනැගී ඇති පාරම්පරික දැනුම් පද්ධතියක වටිනාකම මනාව පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතයේ ඇති ආහාර පිලිබද ගැටළුවක් මතුවූ විටෙකයි. කෙසේ වෙතත් මේ වන විටත් නාගරික ප්‍රජාව තුල සහ තරුණ හා ළමා ප්‍රජාව තුලත් ආහාරයට ගතහැකි දේශීය ශාක වර්ග ගැන අවබෝධය හීන වෙමින් යාම මහත් අනතුරකට අතවැනීමක් බව ක්‍රමක්‍රමයෙන් සමාජයේ කතිකාවකට ලක්වෙමින් පැවතීම යහපත් තත්වයකි.

Read More
මේ පෘථිවි ඉතිහාසයේ 6 වැනි මහා වඳවීමේ යුගයයි..!

මේ වන විට පෘථීවිය පවතින්නේ එහි 6 වැනි මහා වඳවීමේ අවධියේ බවට ලොව පුරා බොහෝ පර්යේෂකයන් මත පල කරනවා.

සත්වයන් සහ ශාක දැඩි අනතුරකට පත්වී ඇත. ගොඩබිම් වාසී පෘෂ්ඨවංශිකයන් නොහොත් කොඳු ඇට පෙලක් සහිත සත්වයන් 320 දෙනෙකු පසුගිය වසර 500 තුල මිහිපිටින් මේ වනවිටත් තුරන්වීගොස් ඇති බව සත්ව විද්‍යාඥයන් අනුමාන කරති.එසේම ඉතිරිවී ඇති පෘෂ්ඨවංශිකයන්ද පසුගිය වසර 500 තුල සියට 25% කින් වැඩිපුර මනුෂ්‍ය බලපෑම් වලට යටත්වී ඇති බවත් මෙම තත්වයව බෙල්ලන්, පණුවන්, සමනළුන් බඳු අපෘෂ්ඨවංශිකයන්ටද(කොඳු ඇට පෙලක් රහිත සත්වයන්ටද) පොදු බවත් ඔවුහු සඳහන් කරති.

මෙයට පෙර මෙබඳු මහා වඳවීයාමක් සිදුවූ බවට සාධක හමුවී ඇත්තේ මෙයට වසර මිලියන 65 කට පෙර සිදුවූ ඩයිනසෝරයන් වඳ කර ඇමූ,පෘථීවිය සමග ග්‍රාහකයක් ගැටීමෙන් සිදුවූ මහා විනාශයයි.කෙසේ වෙතත් මෙවර මහා විනාශයට වග කිව යුත්තේ මිනිස් ක්‍රියාකාරකම් බව පවසන්නේ,කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොඩෙල්ෆෝ ඩිර්සෝ (Rodolfo Dirzo) විසිනි.පෘථීවිය සිය 6 වැනි මහා වඳවීමේ අවදියේ දොරටුවේ සිටිනා බවට අදහස් පල කරන බව පර්යේෂණ රැසක් මගින් පෙන්වා දෙන බවද ඔහු සඳහන් කරයි.
2011 මාර්තු මස 2 දින, නේචර් ජර්නලයේ පලවූ පර්යේෂණ වාර්තාවකට අනුව, පෘථීවිය ඉදිරි වසර 300-2000 අතර මහා වඳවීයාමේ අවස්ථාවකට එලඹ ඇත. මෙම පර්යේෂණයට පදනම් වී ඇත්තේ, පොසිල වාර්ථා සහ වර්ථමාන සත්ව විද්‍යාඥයන් සතු තොරතුරු අනුසාරයෙන් කරන ලද විශ්ලේෂණයකදීය.
(http://www.livescience.com/13038-humans-causing-sixth-mass-extinction.html)

සියළු පෘෂ්ඨවංශිකයන් ගෙන් තුනෙන් එකක්(1/3) දැනටමත් මිහිතලයෙන් තුරන්වී යාමේ තර්ජනයට ලක්වී ඇත. විශේෂයන් අලි ඇතුන්,රෙයිනෝවන් සහ හිම වලසුන් බඳු විශාල සත්වයින් අතර වැඩිම වඳවීමේ වේගයක් දක්නට ඇත. මෙම විශාල සත්වයින් මෙලෙස විශාල ලෙස තර්ජනයට ලක්වන්නේ එම සතුන් සමාන්‍යයෙන් පැටවුන් සීමිත සංඛ්‍යාවක් බිහිකිරීම දඩයක්කරුවන් ගේ ගොදුරු බවට පත්වීම සහ වාසභූමි කුඩා වීම හේතුවෙනි.

කෙසේ වෙතත් විශාල සත්වයින් වඳවී යාම පරිසර පද්ධතිය සහ ආසන්න මානව සංවර්ධනය සම්බන්දව බලාපොරොත්තු නොවන බලපෑම් එල්ල කිරීමට හැකියාව ඇති බව පැහැදිලි වී ඇත. “Defaunation“ නමින් හඳුන්වන මෙම සංසිද්ධිය දී, . පරිසරයේ විශාල සතුන් නොමැති විට පැලෑටි වර්ග විශාලව වැඩිම ආරම්භ වේ. එවිට පස වඩ වඩාත් බුරුල් වන අතර, මීයන් ලේනුන් බඳු කුඩා සතුන්(Rodents) වඩ වඩාත් වර්ධනය වේ. එම සත්වයන් ඉතා වේගයෙන් තම වර්ගයා වර්ධනය කර ගන්නා අතර, ශාක වල බීජ බඳු ආහාර ලබා ගනිමින් සාමාන්‍යයෙන් සතුරන් අවම ලිහිල් භූමියේ ජීවත්වේ. මෙම සත්වයන් මනුෂ්‍යයන්ට බලපාන ලෙඩ රෝග සහ පරපෝෂිතයන් දරාගෙන සිටී.

එබැවින් විශාල සතුන් නොමැති පරිසරයට මනුෂ්‍යයන්ට වැඩි වශයෙන් ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක්ද පවතින අතර,එය ඇතැම් විට රුදුරු චක්‍රයක් ලෙස මනුෂ්‍ය වර්ගයාගේ ක්ෂණික විනාශයකටද මග විවිර කල හැකි තරම් අනතුරුදායක තත්වයක් වීමටද ඉඩ කඩ ඇති යැයි පවසන්නේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොඩෙල්ෆෝ ඩිර්සෝ (Rodolfo Dirzo) විසිනි.

විශාල සත්වයන්ගේ අඩුවීයාම අපෘෂ්ඨවංශිකයන්ටද බලපාන බව දැන් අවබෝද වී ඇත. පසුගිය වසර 50 තුල මිනිස් ගහණය දෙගුණ වී ඇති අතර, අපෘෂ්ඨවංශිකයන් ගහණය 45% කින් අඩුවී ඇතැයි පර්යේෂකයින් පවසයි.මෙයට මූලික හේතුව වන්නේ එම සත්ව වාසභූමි විනාශයට පත්වීම සහ ගෝලීය පාරිසරික විනාශයයි.

සත්ව විද්‍යඥයකු වන ස්ටුවර්ට් පිම්(Stuart Pimm) සඳහන් කරන්නේ, සාමාන්‍ය තත්ව යටතේ සෑම වසරකම සත්ව විශේෂ මිලියන 10 කින් එකක් වඳවීයාම සිදුවුවද, මනුෂ්‍ය බලපෑම ඇතිවීමෙන් පසු මෙම අනුපාතය සත්වය විශේෂ මිලියන 10 කට, සත්ව විශේෂ 100 සිට 1000 ක් දක්වා වඳවීම සිදුවන බවයි.( http://www.livescience.com/45964-extinction-rates-1000-times-normal.html).

මෙම හය වැනි මහා වඳවීම වැලැක්වීමට හෝ ප්‍රමාද කිරීම කාලයක් ගත වන, සියල්ලන්ගේ එකතුවෙන් පමනක් කලහැකි කර්තව්‍යයකි. උදාහරනයක් ලෙස මිනිසුන්ට සත්වයන්ගේ පැවැත්මට වැදගත් වාසභූමි භූගෝලීය පාරිසරික සාධක ද විමසීමෙන් පසු සංරක්ෂණය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුව ඇත. මිනිසුන් අතර දැනුවත් භාවය වර්ධනය කිරීමෙන්ද යම් පහසුවක් ඇති වනු ඇත යැයි සඳහන් කරන්නේ මහාචාර්ය රොඩෙල්ෆෝ ඩිර්සෝ (Rodolfo Dirzo) විසිනි.‍

මූලාශ්‍ර :

http://news.yahoo.com/earth-may-early-days-6th-mass-extinction-200209838.html
http://www.sciencedaily.com/releases/2014/07/140724171956.htm
http://www.livescience.com/13038-humans-causing-sixth-mass-extinction.html
http://www.livescience.com/45964-extinction-rates-1000-times-normal.html

Read More
සම හරහා පරිසරයයේ වර්ණ දකින කිඹුල් හූනන්!

අපි යමෙකුට “කටුස්සා වගේ“ යැයි කියන්නේ විවිධ ලෙස තම හැසිරීම සහ ප්‍රතිචාර දැක්වීම වෙනස්ව ඉදිරිපත් කරන පුද්ගලයන්ටයි. මොකද කටුසු වර්ග රාශියක් තම ශරීර වර්ණය තමාගේ පරිසරයට අනුකූලව වෙනස් කරගන්නට සමර්ථ වන නිසයි එබඳු කියමනක් අප සමාජයේ භාවිතා වන්නේ.කටුස්සන් ඉතා ශීතල ඇන්ටාක්ටිකාවේ හැර ලොව අන් සෑම ප්‍රදේශයකම පාහේ පැතිර සිටී. ලොව පුරා දැනට හඳුනාගත් කටසු වර්ග ප්‍රමාණය 6000 ක් පමන වෙනවා.

Read More
ඩෙංගු මැඩීමට ජාන වෙනස්කල මදුරුවන් භාවිතයට බ්‍රසීලය සැරසේ

මෙයට පෙර ලිපියකදීත් දැක්වූ පරිදි මදුරුවන් යනු කුඩා වුවත් මිනිසුන්ට මුහුන දීමට සිදුවී ඇති ලොව ඉතාමත්ම බිහිසුනු සත්ව වර්ගය බව අවිවාදිතය.දැනට තක්සේරු කර ඇති පරිදි, වසරකට මිලියනයට ආසන්න පිරිසක් මදුරුවන්ගෙන් පැතිරෙන රෝගාබාධයන්ගෙන් මරණයට පත්වන අතර තවත් මිලියන බොහෝ ගණනක් එම රෝග වලින් පීඩාවට පත්වේ.

Read More
ඉලෙක්ට්රෝන ආහාරයට ගන්නා බැක්ටීරියා..!

ස්වභාවධර්මයේ විශ්මිත බව මිනිසාට නැවතත් පැහැදිලි කරදෙන්නට බැක්ටීරියාවන් සමත් වෙලා. විදුලිය මත පමණක් තම පැවැත්ම සකසාගෙන ඇති බැක්ටීරියාවන් සොයාගන්නට ඇමරිකාවේ,දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා. මෙම ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය ග්ලූකෝස් වෙනුවට ඉලෙක්ට්‍රෝන ආහාරයට ගන්නා අතර, සිරිරෙන් පිටතට යවන්නේතු පිරිසිදු ඉලෙක්ට්‍රෝන වේ.

Read More
ආදීතම ඇමරිකානු ජනාවාස ගැන නව මතයක්

ස්වදේශීය ඇමරිකානුවන්ගේ ආදිතම මුතුන් මිත්තන් ගැන විද්‍යාත්මක තහවරුවක් මුල් වරට ඇතිවූවේ 1932 ඇමරිකානු ප්‍රාන්තයක් නව මෙක්සිකෝවේ, “ක්ලෝවිස්“ (Clovis,New Mexico) ප්‍රදේශයෙන් හමුවූ සාධකත් සමගයි.ඊට වසර කිහිපයකට පෙර 1926 වසරේදී ගොපල්ලෙකුට ඉලඇට තුලට කිඳා බැස තිබූ හෙල්ලක තුඩ සහිත මැමත් සතකුගේ ඇටකටු හමුවිය.ඉන් පසුව මුළු ඇමරිකා එක්සත් ජනපද භූමිය පුරාත්, මෙක්සිකෝ සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවලත් බොහෝ ගණනක් සාධක හඳුනාගැනීම් සිදුවිය. ක්ලෝවිස් ප්‍රදේශයෙන් මුල් වරට හඳුනාගත් බැවින් “ක්ලෝවිස් සංස්කෘතිය“ ලෙස හඳුන්වන මෙම ශිෂ්ථාචාරය මෙයට වසර 13,500 කට පමන පෙර ලොව අවසාන අයිස් යුගයත් සමග බිහිවූ බව දැනට පවතින මතයයි.මෙම සංස්කෘතියේ විශේෂ හඳුනාගැනීමේ ලක්ෂණයක් බවට පත්වී ඇත්තේ ඔව්න්ගේ පැවති වර්ථමාන හස්තියන්ට නෑකම් ඇති මැමත් සුවිශාල ක්ෂීරපායී සත්වයන් දඩයමේ දැක්වූ කෞෂළ්‍යයයි.

Read More
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction