අද්මිරාල් කොළඹගේ ලන්ඩනයට - ලන්ඩන් සටහන්

අද්මිරාල් කොළඹගේ ලන්ඩනයට - ලන්ඩන් සටහන්

හිටපු නාවික හමුදාපති සහ නැව් සංස්‌ථාවේ වර්තමාන සභාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ලන්ඩනයේ නව මහ

කොමසාරිස්‌වරයා ලෙස පත් කිරීමට වඩාත්ම ඉඩකඩ ඇති බව ජනාධිපති මන්දිරයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු මහ කොමසාරිස්‌ ක්‍රිස්‌ නෝනිස්‌ මහතා පසුගියදා හදිසියේ ඉල්ලා අස්‌වීම නිසා මෙම පුරප්පාඩුව ඇති වී තිබේ.

පසුගිය වසර තුනක කාලය තුළ බ්‍රිතාන්‍යයේ වෙසෙන එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන්ගේ, ශ්‍රී ලංකාවට එරෙහිව කරන ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩිවීම නිසා හමුදා නිලධාරියකු ලන්ඩනයට එවිය යුතු බව බලධාරීන්ගේ මතය වී ඇත. ඒ සඳහා වඩාත්ම සුදුසුකම් ලබන්නේ අද්මිරාල් කොළඹගේ මහතා බව ඔවුන්ගේ අදහසයි. ලන්ඩනයේ හිටපු ආරක්‍ෂක බුද්ධි නිලධාරියා වූ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ධුර කාලය නිම වූ පසු වසර දෙකකට අධික කාලයක්‌ එම පුරප්පාඩුව පුරවා නැත. ඉහළම අධ්‍යාපන සුදුසුකම් ඇති කොළඹගේ මහතාට විද්‍යා සහ කලා විෂයයන් ගෙන් පශ්චාත් උපාධි දෙකක්‌ තිබේ. තවද ඔහු මේ දිනවල දර්ශන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක්‌ හදාරමින් සිටියි. ඉන්දියාව, ඇමරිකාව සහ එංගලන්තයේ හමුදා අධ්‍යාපනය හදාරා ඇති කොළඹගේ මහතා එංගලන්තයේ නාවික අධ්‍යාපනය හදාරා ඇත්තේ ඇන්ඩෘ කුමරු සමඟය. බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වන්නේද කොළඹගේ මහතාය.

තවද කොළඹගේ මහතා ජාත්‍යන්තර ප්‍රජාව අතර හොඳ නමක්‌ දිනාගත් අයෙක්‌ වන අතර ඔහුට යුද අපරාධ චෝදනා කිසිවක්‌ එල්ල වී නැති බවද වාර්තා වේ.

යම්කිසි විදියකින් කොළඹගේ මහතා ලන්ඩනයට යෑවීමට නොහැකි වුවහොත් බලධාරීන්ගේ ඇස්‌ යොමු වී ඇත්තේ විනිසුරුවරියක්‌ වන ශිරාණි තිලකවර්ධන මහත්මිය වෙතය. මොහාන් පීරිස්‌ මහතා රටින් පිට වූ අවස්‌ථාවක වැඩ බලන ප්‍රධාන විනිසුරුවරිය වශයෙන්ද කටයුතු කර ඇති තිලකවර්ධන මහත්මිය කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ අයෙකි.

ජනාධිපති නීතිඥ ලලිත් ඇතුලත්මුදලි මහතා යටතේ නීතිය ප්‍රගුණ කළ තිලකවර්ධන මහත්මිය පසුව ඇමරිකාවේ කොලරාඩෝ දිස්‌ත්‍රික්‌කයේ නීතිපති කාර්යාලයේ මත්ද්‍රව්‍ය අංශයේ සේවය කළ අයෙකි. ඇයට 2007 වසරේ විලියම් විද්‍යාලයෙන් සහ 2011 වසරේ ස්‌මිත් විද්‍යාලයෙන් ගරු උපාධි දෙකක්‌ පිරිනැමුණි.

ශ්‍රී ලංකාවේ ඉහළ උසාවියේ සහ ඇපැල් උසාවියේ ප්‍රථම විනිසුරුවරිය ලෙස තේරී පත් වූ තිලකවර්ධන මහත්මිය ළමා අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්‌ වූ අයෙකි.

තල්පහේවා පැමිණීමට නියමිතයි 

මේ අතර ලන්ඩනයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා වශයෙන් ආචාර්ය චානක තල්පහේවා මහතා ලබන සතියේ වැඩ භාර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. මාලදිවයිනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා වශයෙන් සේවය කළ ආචාර්ය තල්පහේවා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ ලන්ඩනයට ඒමට අවශ්‍ය වීසා බලපත් සඳහා අයෑදුම් කළේය.

තල්පහේවා පැමිණෙන තෙක්‌ වැඩ බලන මහා කොමසාරිස්‌ ලෙස පත්කොට ඇත්තේ අමාත්‍ය උපදේශිකා චමරී රොඩ්රිගූ මහත්මියය. නෝනිස්‌ මහතාගේ කාලය තුළ ඔහු රටින් පිටව ගිය අවස්‌ථාවන්හිදී වැඩ බලන මහ කොමසාරිස්‌ ලෙස සේපාල රත්නායක මහතා පත් කළද විදේශ අමාත්‍යාංශය චමරී රොඩ්රිගූ මහත්මිය පත් කිරීමට තීරණය කොට තිබුණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන තල්පහේවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක්‌ සහ පශ්චාත් උපාධි දෙකක්‌ ලබාගත් අයෙකි. ඔහු තම ආචාර්ය උපාධිය ලබා ගත්තේ එංගලන්තයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙනි.

ඉතා දක්‍ෂ ක්‍රීඩකයකු ද වන තල්පහේවා මහතා ශ්‍රී ලංකා ඔරු පැදීමේ කණ්‌ඩායමේ පළමු නායකයාය. ශ්‍රී ලංකාවේ පැවති ඔරු පැදීමේ තරගවලදී ඔහු තැබූ වාර්තා දෙකක්‌ තවමත් නොකැඩී පවතියි.

විදේශ සේaවයට සම්බන්ධවීමට පෙර ඔහු සී. අයි. සී. සමාගමේ කළමනාකරුවකු වශයෙන් සේවය කළේය.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා නෝර්වේජියානු රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහු රචනා කරන ලද ග්‍රන්ථයක්‌ ලබන වසරේ මැයි මාසයේදී පළවීමට නියමිතය. 

සේවකයෝ සතුටින් 

නෝනිස්‌ මහතා සේවයෙන් සමුගැනීමත් සමගම මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවකයෝ සතුටින් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි. නෝනිස්‌ මහතාගේ සේවා කාලය තුළ ඔහුගේ ලේකම්වරියන් තිදෙනකුම සේවයෙන් ඉල්ලා අස්‌වූහ. නෝනිස්‌ මහතා ඉතා නින්දිත ලෙස ඔවුන්ට පරිභව කිරීම එම ඉල්ලා අස්‌වීම්වලට හේතුව බව පැවසේ. නෝනිස්‌ මහතාගේ ක්‍රියාකාරකම් සියල්ලම හෙළිකරමින් දැන් එම සේවකයෝ විදේශ අමාත්‍යාංශයට ලිපි යවා ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ලේකම්වරියන්ට අමතරව පී. එම්. අම්සා, එම්. ආර්. කේ. ලෙනගල යන නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරුන් දෙදෙනා සහ අමාත්‍ය එම්. කේ. පද්මනාදන් යන නිලධාරීන් තිදෙනාම ලන්ඩනයෙන් මාරුකර යවන ලද්දේද නෝනිස්‌ මහතාගේ කාලය තුළය.

මේ අතර නෝනිස්‌ මහතා සේවයෙන් සමුගැනීම සම්බන්ධව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිල් දෙකකට බෙදී සිටිති. එක්‌ කණ්‌ඩායමක්‌ පවසන්නේ නෝනිස්‌ මහතාගෙන් රටටත්, මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවටත් සෙතක්‌ සැලසුනු බවය. අනෙක්‌ කණ්‌ඩායම පවසන්නේ ඔහු ලෝකයට පෙන්වන තරම් දෙයක්‌ නොකළ බවයි.

ලන්ඩනයේ වඳුරඹ කස්‌සප හිමියෝ සහ චතුර සමරසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ පවසන්නේ නෝනිස්‌ මහතා හොඳින් ඉංග්‍රීසි බස හසුරවමින් මාධ්‍යයට කතා කළ බවත් ශ්‍රී ලාංකික විහාරස්‌ථාන ඇතුළු සංස්‌කෘතික උත්සව අවස්‌ථාවන්ට සහභාගි වූ බවයි.

එහෙත් එක්‌සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස්‌ වික්‍රමරත්න, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම, බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා වානිජ සංගමයේ සභාපති ජයම්පති පෙරේරා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ හිටපු නගරාධිපතිවරයකු වන දායි ලියනගේ සහ එශාන් ගුණසේකර යන මහත්වරු පවසන්නේ ශ්‍රී ලංකාවට නෝනිස්‌ මහතාගෙන් අවශ්‍ය කරන සේවය ඉටු වූයේ නැති බවයි.

බ්‍රිතාන්‍යයේ වෙසෙන ස්‌වාමීන් වහන්සේලා කිsහිප නමක්‌ම නෝනිස්‌ මහතා සේවයෙන් සමුගැනීම සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමට අකමැති වූහ. මේ අතර නෝනිස්‌ මහතා නැවත ලන්ඩනයේම සේවයේ පිහිටුවීමaට ශ්‍රී ලංකා රජය උත්සාහ දරනවා යෑයි අසත්‍ය ප්‍රකාශයක්‌ මාධ්‍යවල වාර්තා වෙමින් පවතියි.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ නෝනිස්‌ මහතා හොඳ කල්කිරියාවෙන් පසුවුවහොත් ඔහුට ජනාධිපති උපදේශක පදවියක්‌ පිරිනැමීමට ජනාධිපතිතුමා එකඟ කර ගත හැකි බවයි.  

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (1 Vote)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction