බී බී සියට දොස්තර නෝනිස් තම්බන්න බැරිවෙයි

බී බී සියට දොස්තර නෝනිස් තම්බන්න බැරිවෙයි Image: BBC World News Global interview with H E Dr Chris Nonis - Video

ලෝකයේ සමබර ප්‍රවෘත්ති සපයන්නා ලෙසින් පාරම්බාන බී බී සී රුපවාහිනිය නැවත වතාවක් තමන්ගේ ඒකපාක්ෂික භාවය පෙන්වූ වැඩසටහනක් ඊයේ ප්‍රචාරය කළේය.

එංගලන්තයේ මුද්‍රිත හෝ වේවා විද්‍යුත් හෝ වේවා බොහෝ මාධ්‍ය සමාගම් මඟින් ඉදිරිපත්කෙරෙන ප්‍රවෘත්ති සම්පාදනය තුල බොහෝදුරට වාමාංශික දේශපාලන මත දරන්නන්ගේ හස්තය දැඩිසේ ක්‍රියාත්මක වනබව බොහෝදෙනාගේ සාමාන්‍ය පිළිගැනීම වී ඇත. මේ නිසාම ලොවපුරා වාමාංශික හෝ සුළු ජාතික කණ්ඩායම්  අරගලයන් ලෙස ඔවුන් හඳුන්වන සිදුවීම් දෙස එම වාර්තා කරුවන් මෙන්ම ප්‍රවෘත්ති සංස්කාරක වරුන්ද බලන්නේ ඔවුන් දරන දේශපාලන  දෘෂ්ටිකෝණය පෙරමුණෙහි ලාගෙන බව ප්‍රසිද්ධ මතයකි.

හරි හෝ වැරදි හෝ වේවා බී බී සිය වැනි ලෝ පතල මාධ්‍ය ආයතනයක් තුල සේවය කරන සිංහල මාධ්‍ය වේදීන්හටද පසුගිය කාල වකවානුව තුල මෙම චෝදනාව බොහෝවිට එල්ලවී ඇත.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සමඟ ඊයේ පවත්වන ලද සම්මුඛ සාකච්චාවේදී එතුමන් කොටුකර ගැනීමට ප්‍රවෘත්ති නිවේදක ගන්නාලද අවෘත්තීය උත්සාහ ය තුලින්ද එළිදරව් වුයේ බී බී සියේ මේ එකාපාක්ෂික භාවය බව බොහෝදෙනාගේ අදහස වී ඇත.

එහිදී ප්‍රවෘත්ති නිෂ්පාදක කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී අරගලයේ අවසන් වකවානුවේදී ගන්නාලද යුධසෙබලෙකුගේ සේයාරුවක් පසුබිමෙහි පෙන්වා ඒ මඟින් කිසියම් සැඟවුණු අර්ථ කතනයක් පෙන්වීමට ශෝචනීය උත්සාහයක් ගෙන තිබුණි.

ප්‍රවෘත්ති නිවේදකයා වැඩසටහන හඳුන්වා දුන්නේ " ජාත්‍යන්තර බලපෑම් ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන අධියරයේදී සිදුවුවායයි පවසන සුවිශාල මිනිස් ඝාතනයන් සම්බන්ද පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ආරම්භ කර " ඇති බව පවසමිනි.

බොහෝදෙනා දන්නා අන්දමට වැඩිවශයෙන්ම මේ " අන්තර් ජාතික බලපෑම් " කෙරෙන්නේ බ්‍රිතාන්‍යයෙන් මුලිකත්වයෙන් පමණක් බව පෙන්වා දීමට මෙහිදී ඔහුට අමතක වූ බවක් පෙනෙන්නට තිබුණි.

මහ කොමසාරිස් වරයා වෙත යොමු කල ප්‍රශ්නයට ඉතාම පැහැදිලි අන්දමින් පිළිතුරු සපයන ලදමුත් නිවේදකයාට අවශ්‍ය පිළිතුර ලබාගැනීමට නොලැබීම සම්බන්දයෙන් උරණවූ ඔහු කිහිපසැරයක්ම කඩා පනිමින් අනවශ්‍ය ප්‍රශ්න යොමුකිරීමට උත්සාහයක් ගත් බවක් පෙනෙන්නට තිබුණි. මේ පිළිබඳව සැලීමකට පත් නොවූ නෝනිස් මහතා ශ්‍රී ලංකා රජය මඟින් පත්කර ඇති කොමිසන් සභාව මඟින් අවශ්‍ය තොරතුරු එක්රැස්කර ඒ පිළිබඳව සාකච්චා කර සැමටම සාධාරනවූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පැවති අර්භුධය බොහෝදෙනා වැරදි අවභෝදයකින් යුතුව පවසන අන්දමට සිංහල මහා ජාතිය සහ දෙමල සුලුජාතිය අතර සිදුවූවක් නොවන බව පෙන්වා දුන් නෝනිස් මහතා " එම යුද්ධය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ජාතීන් සියලුම දෙනාට එරෙහිව අසාධාරණ යුද්ධයක් මෙහෙයවූ ඉතා සුළු ප්‍රමාණයක් වූ ත්‍රස්තවාදී කල්ලියක් සමඟ බව පැහැදිලි කර දුන්නේය.

"බොහෝදෙනා පහසුවෙන් අමතක කරන එක දෙයක් තිබෙනවා, ශ්‍රී ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජනයා වැඩිවශයෙන්ම ජීවත්වන්නේ සිංහල වැඩි ජනගහනයක් ඉන්නා මධ්‍යම ප්‍රදේශයේ සහ දකුණු ප්‍රදේශයේයි. ඔවුන් මේ ප්‍රදේශවල රැකියා සහ ඉතාම සාර්ථක ව්‍යාපාරවල නිරතවෙමින් සිංහල ජනයා සමඟ ඉතා සුහදව ජීවත් වෙනවා. මෙය ලෝකයාට පෙන්වා දිය යුතුයි."

යනුවෙන්ද ඔහු පැවසුවේය.

නිවේදකයාගේ අනවශ්‍ය බාධා කිරීම් හමුවේ නොසැලී සිනා මුසු මුහුණින් යුතුව පැහැදිලි අන්දමට තමන්ට අවශ්‍ය පිළිතුරු ඍජුව ඉදිරිපත් කිරීමට සමත්වූ දොස්තර නෝනිස් මහතා ඒ වෙලාවේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී දැක්වූ පරිනත භාවය බී බී සී නිවේදකයාට වඩා ඉහලින් පැවති බව හොඳින්ම පෙනීගිය බව මෙම වැඩසටහන දුටු බොහෝදෙනා පැවසුහ.

Video:


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction