ලංකාවට තලන්න බිබිසිය මුලපුරයි

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආවරණය කිරීම සඳහා කොළඹට පැමිණ සිටින විදේශ වාර්තා කරුවන් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකා විරෝධී මතයක එල්බගෙන තම වාර්තාවන් ඉදිරිපත්කිරීමට බොහෝදුරට ඉඩඇතිබවට චෝදනාවන් ඉදිරිපත් විය හැකි අආකාරයේ වාර්තාවක් බිබිසි රුපවාහිනි ප්‍රවෘත්ති අංශය බදාදා විකාශනය කළේය.

වාර්තාව ඉදිරිපත් කලේ බිබිසි සේවයේ ජේෂ්ඨ විදෙස් වාර්තා කරුවකුවන ෆර්ගල් කින් විසිනි. 

ෆර්ගල් කින් ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ. 

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය උච්චව පැවති සමයේ  ඔහු ටික කාලයක් කොළඹ සිට ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණයට සම්බන්ද ප්‍රවෘත්ති සම්පාදනය කළේය. ඒ කාලයේ නැගෙනහිර ත්‍රස්තවාදී නායකයා මුණගැසී ඔහුගේ නිවසේදී සම්මුඛ සාකච්චාවක් පටිගතකරගැනීමට හැකිවන අන්දමට ත්‍රස්තවාදීන් සහ කොළඹ සිටි ඔවුන්ගේ තැරව් කරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට තරම් ඔහු දක්ෂ වාර්තා කරුවකු විය.

මෙවර ෆර්ගල් කින් ලංකාවට පැමිණ ඇත්තේ න්‍යාය පත්‍ර කිහිපයක්ම අතේ තියාගෙන  විය හැකිබව ඔහුගේ වාර්තාව නැරඹු බොහෝදෙනාගේ අදහස වී ඇති බව පෙනෙන්නට ඇත. 

ඔහුගේ වාර්තාවට මාර්තුකාව ලෙස යොදාගෙන තිබුනේ "ශ්‍රී ලංකාවේ උත්තර නැති මානව හිමිකම් ප්‍රශ්න" යන්නයි.

එහිදී ඔහු විදේශ ඇමති ජි. එල්.පිරිස් සමඟ පැවැත්වූ සාකච්චාවක කොටස් තම වාර්තාවට අන්තර්ගත කොට තිබුණි. 

එයට අමතරව එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධව සිටි අය සහ ශ්‍රී ලංකා හමුදාවන්ගෙන් දුෂණයට ලක්වුවායයි පවසන අය සමඟ පැවැත්වූ සාකච්චාවන් කිහිපයක්ද ඇතුලත් විය. මෙම පුද්ගලයින් පැවසු දේ පටිගතකර තිබුනේ එම පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහාය යන පදනම මත මුහුණු නොපෙනෙන අයුරිනි.

මේ හේතුවෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම කතාවක් ගොතා පැවසීමට අවස්ථාව ලබාදී ඇතිබවද මෙම චෝදනා පදනම් රහිතඒවා බවද එය දුටු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අදහස විය. 

ස්ත්‍රී දුෂණ සහ අමානුෂික වධ හිංසා උතුරු නැගෙනහිර ප්‍රචලිතව පවත්නා බව මානවහිමිකම් සංවිධානයන්ට සම්බන්ධ අයගේ අදහස වන බව ඔප්පුකර පෙන්වීම මෙම වාර්තාවේ මුලික පරමාර්ථය වියයුතු සලකුණු පෙනෙන්නට තිබුන බවත්, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි අනෙකුත් මාධ්‍ය ආයතන මඟින්ද මේ සති කිහිපය ඇතුලත ශ්‍රී ලංකාව විවේචනයට භාජනය කෙරෙන අන්දමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට හොඳටම ඉඩ ඇති බවත් ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රූපගත කිරීම සඳහා දැනටමත් වාර්තා කරුවන් කොළඹට පැමිණ ඇතිබව ඔවුන්ගේ අදහසවී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව මාතෘකා කොට බීබීසිය,චැනල් 4, ඩේලි ටෙලිග්‍රාෆ්, ගාර්ඩියන්  සහ ඉන්ඩිපෙන්ඩන්ට් වැනි බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන තුලින් ශ්‍රී ලංකාවට අහිතකර විවේචනාත්මක වාර්තා ඉදිරිපත්වීමට ඉඩ ඇතිබව පෙනීයන බව මේ අයගේ අදහස වී ඇත.

මෙම ආයතනයන්ට සම්බන්ධ ශ්‍රී ලාංකික පිරිස් පවා දරන්නේ ශ්‍රී ලංකා විරෝධී අදහස් බවට කලක් තිස්සේ චෝදනා ඉදිරිපත්ව ඇති බවත්, වාමාංශික මෙන්ම දක්ෂිනාංශික මත දරන බවට ප්‍රකට මෙවන් බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙපරිද්දෙන් ශ්‍රී ලංකා විරෝධී මත ඉදිරිපත් කිරිමසඳහා යොමුවිඅඇත්තේ  කුමන හේතුවක් නිසාද කියා විමසා බලා එම කරුණු නිවැරදිකර ගැනීම සඳහා ඥානාන්විත ක්‍රියාදාමයක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු වගකීමක් වන බවත් මෙවැනි මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෝ ඔවුන් හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන්  ඔවුන් දරන මත වෙනස් කරගැනීමට හැකි නොවන බවත් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.

ශ්‍රී ලංකාවට චෝදනා නගන සියලුම මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදීන් එල් ටී ටී ඊ සංවිධානයේ මුදලට යටවුවන් යයි පදනම් විරහිත ඔළමොට්ටළ චෝදනා නගමින් එම ආයතන ඉදිරිපිට පෙළපාලි පැවැත්වීමද කාලය කාදැමීමක්  බව බොහෝ අයගේ අදහස වී ඇත.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction