මන්මෝහන් එනබවට බලවත් ඉඟියක්

මන්මෝහන් එනබවට බලවත් ඉඟියක් Image Courtsey By Saad Bin Munim (Own work) [CC-BY-SA-3.0 (http://creativecommons.org/licenses/by-sa/3.0)], via Wikimedia Commons (https://commons.wikimedia.org/wiki/File:A71AEDC9F-77A9-4D09-827D-77E6569BA4C7_mw1024_n_s_01.jpg)

ලබන මස 15දින සිට දින තුනක් පුරා කොළඹදී  පැවැත්වෙන පුදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ 23 වන සැසි වාරය සඳහා ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සින් මහතා සහභාගී වීමට ඉඩ ඇති බවට මෙතෙක් එළිදරව් වී ඇති ප්‍රභලතම ඉඟිය ඊයේ පකිස්තානු පුවත්පත් වාර්තාවක් මඟින් දැනගත හැකිවී තිබේ.

එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පකිස්තානු අගමැති නවාස් ෂරිෆ් පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පවතින අතර වාරයේදී ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සින් හමුවී වැදගත් සාකච්චා වාරයක් පැවැත්වීම සඳහා අවශ්‍ය විධි විධාන සකස්කර ඇති බවයි.

දෙරට නායකයින් කෙටි කාලයක් ඇතුලත සාකච්චා වටයකට සහභාගී වන දෙවන අවස්තාව මෙය වන බව අවධාරණය කරන එම වාර්තාවෙහි උලුප්පා දක්වා ඇත්තේ පකිස්තානය සහ ඉන්දියාව අතර සුහදතාවය වර්ධනය කරගැනීම සඳහා මෙම  නායකයින් දෙදෙනාම ප්‍රමුකත්වයක් දී ක්‍රියා කරන බව පෙනීයන බවයි.

කොළඹ සමුළුවට සහභාගී නොවන ලෙසටඉන්දියානු අගමැතිවරයාට දකුණු ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරින් දෛනිකව අතිවිශාල බලපෑමක්එල්ල කරති. මේ හේතුවෙන් වැඩි දෙනා විශ්වාස කරන්නේ ඉන්දියානු අගමැතිවරයා කොළඹට පැමිණීමෙන් වැලකි සිටීමට හොඳටම ඉඩ ඇති බවයි.   

මෙවැනිම බලපෑමක් එල්ලවුවද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙවර සමුළුව සඳහා සහභාගිවීමට තීරණය කලේය. ඔහුගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ සමහර ක්‍රියාකලාපයන් පිලිබඳ ගැටළු ඇතිනිසා ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සමඟ කතා බස් කිරීමට සහ තර්ක කිරීමට ඇති අවකාශය සමුළුවට සහභාගී නොවුවහොත් මඟ හැරී යන බවයි.

සමුළුව සඳහා අමාත්‍ය මට්ටමේ නියෝජනයක් ඇතිවිටෙක රාජ්‍ය නායකයින් හමුවීමට හෝ ඔවුන් සහභාගිවන සාකච්චාවලදී කරුණු දැක්වීමටහෝ එවන් නියෝජිත කණ්ඩායම් වලට අවකාශයක් ලැබෙන්නේ නැත.

1991 ඔක්තෝම්බර් මාසයේ සිම්බාබ්වේහි පැවති සැසිවාරයේදී රාජ්‍ය නායකයින් සහභාගිවූ එක් සැසිවාරයකට  පැමිණ සිටි එක කණ්ඩායමක නායකත්වය දැරු අමාත්‍යවරයෙක් සිම්බාබ්වේහි මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නැගීමට උත්සාහ කළේය. එවිට සැසිවාරයේ මුලසුන හොබවමින් සිටි සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එකවරම කිවේ " ඔබ ඔබේ රටේ නියෝජිත කණ්ඩායමේ නායකයා වන්නට පුළුවන්. නමුත් ඔබ ඔබේ රටේ රාජ්‍ය නායකයා නොවේ.  මෙතන පවත්වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජික රටවල රාජ්‍ය නායකයින් අතර සාකච්චාවකුයි. ඇමතිවරයෙකුට සවන්දෙන්න ප්‍රේක්ෂක පිරිසක් මේ සභාවේ නැහැ. එනිසා කටවහගෙන ඉන්න." කියාය.

මුගාබේගේ එම කතාව අසා සිටි රැස්වීමේ සිටි රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේම මුහුණු රතුවූ බව එම රැස්වීම පිලිබඳ එදා පළවූ පුවත්පත් වාර්ථා වල සඳහන් විය.

මෙවන් රාජ්‍ය නායක රැස්වීම්වල ක්‍රියා කාරිත්වය සම්බන්ද පිළිගත් ක්‍රමවේදයක් ඇත. පකිස්තානු නායකයා සහ ඉන්දියානු අගමැති අතර සාකච්චාවක් සුදානම් කෙරෙන්නේ එවන් ක්‍රමවේදයන්ට අනුකුලවය. මේ දෙදෙනා ගෙන් එක අයෙකු හෝ සමුළුවට සහභාගී නොවන්නේනම් එවන් හමුවීමක් පිලිබඳ වැඩපිළිවෙලක් සුදානම් කිරීමේ අවශ්‍යතාවයක් පැනනගින්නේද නැත.

ඉන්දියානු අගමැති කොළඹට පැමිණෙන්නේ නැති බවට මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. පකිස්තානු පුවත්පත් වාර්ථාවේ සඳහන් කරුණු සත්‍ය නොවේ යැයිද කියා දෙරටේ බලධාරීන් කිසිවෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කරද නොමැත. 

මෙනිසා එම වාර්තාවෙහි දැක්වෙන කරුණු සත්‍ය පිළිගනිම වරදක් විය හැකි නොවේ.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction