උගන්ඩාවට බුදුදහම ගෙනගිය බුද්ධරක්කිත හිමි

උගන්ඩාවට බුදුදහම ගෙනගිය බුද්ධරක්කිත හිමි Photographs from Uganda Buddhist Centre

අප්‍රිකා  මහාද්වීපයේ පිහිටි වැදගත් රටක් වන උගන්ඩාවේ පිහිටි එකම ථෙරවාද බෞද්ධ  විහාරස්ථානය පවත්වාගෙන  ලබන පුජ්‍ය උගන්ඩාවේ බුද්ධරක්කිත හිමියන් මේ දිනවල ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.

උන්වහන්සේ ඉදිරිපත්කල භාවනා වැඩසටහනක් සහ ධර්මදේශනාවක් පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගීවුහ.

බුද්ධරක්කිත හිමියන් ඇසුරුකිරීමෙන් බුදුදහම පිළිබඳව උනන්දුවක් ඇතිකරගෙන ඉන්නා අප්‍රිකානු ජාතිකයින් පිරිසක්ද මේසඳහා සහභාගීවී සිටියහ.

උගන්ඩාවේ එන්ටැබේ නුවර ධනවත් කතෝලික පවුලක උපතලද බුද්ධරක්කිත හිමියන් හට බුදුදහම පිලිබඳ දැනගැනීමට ලැබුනේ අහම්බෙනි. ඉන්දියානු මධ්‍යම රජයෙන් පිරිනමනලද ශිෂ්‍යත්වයක් ලබාගත්  උන්වහන්සේ 1990දී චන්දිගාර්හි පන්ජාබ් විශ්වවිද්‍යාලයට ඇතුළුවිය. එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන්වහන්සේලා දෙනමකගේ ඇසුර බුද්ධරක්කිත හිමියන්ට ලැබී ඇත. එම භික්ෂුන්වහන්සේලා දෙනමගේ  නිහතමානී ගතිගුණ, ත්‍යාගශීලී සහ සන්සුන් භාවය පිළිබඳව තමන් තුල කුතුහලයක් ඇතිවූ බව පවසන බුද්ධරක්කිත හිමියන් මෙනිසාම තමන් උන්වහන්සේලා සමඟ සමීප ඇසුරක් ඇතිකරගන්නලද බවත්  බුදුදහම පිළිබඳව මුලික අවභෝධයක් තමන්වහන්සේට ලැබුනේ එම කරුණාබර භික්ෂුන්වහන්සේලාගෙන් බවත් කියයි. අධ්‍යාපන කටයුතු අවසානයේ බුදුදහම පිළිබඳව වැඩිදුර ඉගෙනීම සඳහා බුද්ධරක්කිත හිමියන් තායිලන්තයේ සහ ඉන්දියාවේ සංචාරය කර ඇත. 1999 දී ඇමෙරිකාවට ගොස් වසර තුනක් භාවනා මධ්‍යස්තානයකට සම්බන්ධවී කටයුතුකර 2001 දී උපාසක වරයෙකුලෙසින් පුහුණුව ලබා 2002 දී කැලිෆෝනියාවේ තථාගත භාවනා අසපුවේ යු.සීලානන්ද හිමිපාණන් යටතේ සසුන්ගතවී ඇත. ඉන්පසුව බටහිර වර්ජිනියා බෞද්ධවිහාරයේ පුජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන් යටතේ වසර අටක් බුදුදහම සහ භාවනා විධි පිළිබඳව ගැඹුරින් හැදෑරීමට උන්වහන්සේට අවකාශය ලබීඇත.
මේ අතරවාරයේ 2005 වසරේදී උගන්ඩා බෞද්ධ සංගමය ආරම්භකළ බුද්ධරක්කිත හිමියන් ප්‍රථම වතාවට උගන්ඩාවේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකිරීම සඳහාද කටයුතු කළේය.

බුදුන්වහන්සේ හෝ උන්වහන්සේ වදාළ ධර්මය පිළිබඳව උගන්ඩාවේ කිසිම අයෙකු තුල අංශුමාත්‍රයක පමණවත් දැනුමක් නොමැතිබව බුද්ධරක්කිත හිමියන් පවසති. අඩුමවශයෙන් විශ්වවිද්‍යාල සිසුන් හෝ ආචාර්යවරුන් අතරවත් බුදුන්වහන්සේ යනු කවුරුන්ද කියාවත් දැනුමක් ඇති කිසිවෙක් සොයාගැනීම අපහසුබව කියන උන්වහන්සේ මේ නිසාම බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකිරීමේදී විවිධාකාර ගැටළු රාශියකට මුහුණදීමට සිදුවුබව පවසති.

කෙසේවුවත් උන්වහන්සේගේ කැපවීම සහ උත්සාහය නිසා එම විහාරස්ථානය එනටබේ නගරයේ වික්ටෝරියා මහා ජලාශය අසල සුන්දර පරිසරයක පවත්වාගෙන යාමට හැකිවී ඇත. උගන්ඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සහ අනෙකුත් බෞද්ධයින් සුළු ප්‍රමාණයකගේ දායකත්වය එම විහාරස්ථානය පවත්වාගෙන යාම සඳහා ලැබෙන බවද උන්වහන්සේ පවසයි. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ උගන්ඩා ජාතිකයින් සුලු පිරිසක්ද දැනට බුදුදහම පිලිබඳ ඉගෙනීමට යොමුවී ඇත. විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසල සඳහා පළාතේ දරුදැරියන්ද භාවනා පන්ති සඳහා වැඩිහිටියන්ද සැලකියයුතු උනන්දුවකින් සහභාගීවන බවද උන්වහන්සේ පවසති.
උන්වහන්සේගේ මෑණියන්ද පුජ්‍ය උගන්ඩාවේ ධම්මකාමී නමින් සසුන්ගත්වී ඇත.

බුද්ධරක්කිත හිමියන් උගන්ඩාවේ බුදුදහම ප්‍රචලිතකවීම උදෙසා ඉමහත් වෑයමක් ගන්නා අතර ඇමෙරිකාව, බ්‍රසීලය, යුරෝපය, ඔස්ට්‍රලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල්පුරා සංචාරය කරමින් භාවනා වැඩමුළු පවත්වති. උන්වහන්සේ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ විද්යාපීඨයේ භාවනා පුහුණුවීම් සඳහාද තමදායකත්වය ලබාදෙති.
බුදුදහම පිලිබඳ උගන්ඩාවේ භාවිතාවන ස්වාහිලි බසින් සහ ඉංග්‍රීසි බසින් වටිනා පොත් පත් රැසක්ම රචනාකර ඇති බුද්ධරක්කිත හිමියන් ඉදිරියේදී උගන්ඩා බෞද්ධ සංගමය තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමට උත්සාහ ගන්නාබවද පවසති.

Photographs from Uganda Buddhist Centre


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from Uganda Buddhist Centre

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction