"ලංකා විත්ති" සමුගනියි

වසර 16 තිස්සේ මාසිකව ලන්ඩනයේ මුද්‍රණය කළ සිංහල පුවත් පත වූ "ලංකා විත්ති" 2013 මැයි මාසයේ සිට නැවත මුද්‍රණය නොකිරීමට එහි කතෘ දයා ආනන්ද රණසිංහ මහතා තීරණය කොට තිබේ.

"ලංකා විත්ති" පළමු ප්‍රකාශනය එළි දැක්වුයේ 1997 වසරේ අප්‍රියෙල් මාසයේදීය. ඒ වන විට ශ්‍රී ලංකාවෙන් බැහැර වෙනත් රටක මුද්‍රණය කළ එකම සිංහල පුවත් පත වුයේ "ලංකා විත්ති" ය.
පළමු ප්‍රකාශනයෙන් පසු ඉතා ඉක්මනින් කාගේත් හද බැඳ ගත්  "ලංකා විත්ති" බ්‍රිතානයේ ජීවත්වූ රටට, ජාතියට ආදරය කළ ශ්‍රී ලාංකිකයනට නැතිවම බැරි පුවත් පතක් විය.
 
ශ්‍රී ලංකාවේ මුද්‍රණය කෙරන සති අන්ත පුවත් පතක ඇති සියළුම විශේෂාංග මෙම පුවත් පතෙහිද ඇතුලත්ව තිබුණි. එකම වෙනස වුයේ රණසිංහ මහතා ඒ සියල්ලම තනිවම සකස් කිරීමය.
 
යුද්ධය පැවති සමයේ රණවිරුවන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට "ලංකා විත්ති" ගත් උත්සාහය පැසසිය යුතුය.
"ලංකා විත්ති" ලන්ඩනයේ මුද්‍රණය කලද යුරෝපයේ බොහෝ රටවලද, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සයිප්‍රසය ආදී තවත් බොහෝ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට පාත්‍ර වූ පුවත් පතකි.
 
"ලංකා විත්ති" කතෘ දයා ආනන්ද රණසිංහ මහතා ජන මාධ්‍යට ආධුනිකයෙක් නොවේ. මීට වසර 34 කට පෙර එනම් 1979 වසරේ බ්‍රිතාන්‍යට සංක්‍රමණය වීමට පෙර ඔහු ශ්‍රී ලංකාවේදී ලේක් හවුස්, ටයිම්ස් සහ දවස යන පත්‍ර සමාගම් තුනෙහිම කතෘ මණ්ඩලයේ සේවය කල අයෙකි.
ඊට අමතරව ඔහු ගුවන් විදුලි වැඩ සටහන් වලටද සහභාගී විය. හාරලක්ෂය, සිහසුන සහ මරුවා සමග වාසේ   යන චිත්‍රපට වලටද දායක වූ රණසිංහ මහතා සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ "අධිෂ්ඨානය" චිත්‍රපටය වෙනුවෙන් හොදම තිර රචනයට හිමි "ඕ. සී. අයි.සී."  සම්මානය 1982 වසරේදී දිනා ගත්තේය. තවද ඔහුගේ තිර රචනයක් වූ ඇන්ඩ්‍රෝ ජයමාන්න අධ්‍යක්ෂණය කරන ලද "සිගරට් කොටය" කෙටි  චිත්‍රපටයද ඉතාලි චිත්‍රපට උළෙලේ දී සම්මානයක් හිමි කර ගත්තේය. අපි ඔහුට ජය පතුමු.

(සුජීව නිවුන්හැල්ල )

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction