කැමරන් ගෙන් පසු නායකත්වය කාටද? තරඟ කරුවෝ සටන අරඹති.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජනතාව දුන් තීන්දුවෙන් පසු එම පරාජයේ වගකීම බාරගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශයට පත් කළේය.

එසමඟම කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයද ඔහුගෙන් ඉවත්වනු ඇත. මෙම ප්‍රකාශය සිදුවූ අවස්ථාවේ සිටම පක්ෂ නායකත්වයත් එසමඟම හිමිවන අගමැති තනතුරත් සඳහා හයදෙනෙකුගේ නම් සාකච්චාවට භාජනය වී ඇත. මේ අතරින් ප්‍රමුඛ ස්ථානයට පත්ව ඉන්නේ ඩේවිඩ් කැමරන්ගේ මතයට එරෙහිව ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුය යන ස්ථාවරයේ සිට දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනගිය බොරිස් ජෝන්සන්ය. බ්‍රහස්පතින්දා රාත්‍රී 10 යට චන්දය ප්‍රකාශ කිරීම අවසන්වූ මොහොතේ ප්‍රසිද්ධියට පත්ව තිබු මත විමසුම් වාර්තා සලකා බලා බොරිස් ජෝන්සන් ප්‍රකාශ කලේ තමන්ගේ මතය චන්ද දායකයින් ප්‍රතික්ෂේප කර ඇතිබවය. එසේ නමුත් එදින මධ්‍යම රාත්‍රිය වනවිට නිකුත්වුනු ප්‍රතිඵල වලට අනුව එම මතය වෙන්වන ලකුණු පෙනෙන්නට පටන් ගැනුනි. පසුවදා එලි වනවිට ජනතා  තීන්දුව වුයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතුය යන්න බව පැහැදිළිවිය.

ඒ සමඟම බොරිස් ජොන්සන් මෙම අනපේක්ෂිත ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා ලෙස බොහෝ දෙනෙකු සඳහන් කිරීමට පටන් ගත්තේය. ඔහු ලන්ඩන් නුවර හිටපු නගරාධිපති ධුරය හෙබවූ ජනප්‍රිය චරිතයකි.  1964 ජුනි 19 වනදින නිව් යෝර්ක් නුවරදී ධනවත් ඉංග්‍රීසි ජාතික පවුලක උපත ලැබූ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙකි. කලක් ලන්ඩන් ටයිම්ස්, ඩේලි ටෙලිග්රාෆ් සහ ස්පෙක්ටෙටර් යන සම්භාව්‍ය පුවත් පත් වල  කර්තෘ තනතුර හෙවවූ දක්ෂ පුවත්පත් කලාවේදියෙකි. 2001 දී ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධවූ ඔහු එම වසරේ පැවති මැතිවරණයේදී හෙන්ලි මැතිවරණ කොට්ඨාශය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේය. ජොන්සන් 2008 දී ලන්ඩන්නුවර නගරාධිපති මැතිවරණය ජයගෙන එංගලන්තයේ අගනුවර මුල් පුරවැසියා ලෙස වසර 8ක් සේවයකර ඇති පරිනත දේශපාලඥයෙකි.  

කොන්සර්වේටිව් නායකත්වයට සහ බ්‍රිතාන්‍ය අගමැති තනතුරට නම ඉදිරිපත් කර ඇති දෙවැන්නා වන්නේ වත්මන් රජයේ මුදල් ඇමති වරයා වන ජෝර්ජ් ඔස්බෝර්න් ය. ජනමත විචාරණය පවතින්නට පෙර ඩේවිඩ් කැමරන් දරු සියලු තනතුරු වල උරුමක්කාරයා ලෙස බොහෝදෙනා කතා බස්කලේ ජෝර්ජ් ඔස්බෝර්න් පිලිබඳවය. කැමරන්ගේ සමිතම සගයා ලෙස කටයුතු කල ඔහු මුදල් ඇමති ලෙස පදිංචිව සිටියේද අගමැති නිල නිවසට අල්ලපු නිවාසයේය. උපායශීලී දක්ෂ පරිපාලකයෙකු ලෙසට සුප්‍රකට ඔහු කොන්සර්වේටිව් පක්ෂයේ සියලු ජයග්‍රහණ පිටිපසින් සිටි මහා මොළ කරුවා බවටද පිළිගැනීමක් ඇත. ජනමත විචාරණයේදී ඔහු සිටියේ යුරෝපා සංගමය සමඟ තවදුරටත් රැඳී සිටිය යුතුය යන මතයේය.

මෙම තනතුරු සඳහා සුදුසු බවට නම කියවෙන තුන්වැන්නා රුත් ඩේවිඩ්සන් ය. ඇය ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්ෂ නායකයා ලෙස කටයුතු කරයි. ජනමත විචාරණය සම්බන්ධ පැවති වාද විවාද වලදී කැපී පෙනුණු අන්දමට වාද විවාද කල ඇය බොහෝ තරුණ පිරිස්වල ආකර්ෂණය දිනා ගැනීමට සමත්වූ බව පැවසේ. 

අනෙත් තරඟ කාරිය වන්නේ දැනට ස්වදේශ කටයුතු බාර ඇමති තනතුර දරන තෙරේසා මේ ය.වසර 6 ක් එම අමාත්‍යාංශය භාරව කටයුතු කර ඇති ඇය පක්ෂ විපක්ෂ කාගේත් සිත් දිනාගත් ලෙහෙසියෙන් යටත් කරගත නොහැකි ප්‍රභල කාන්තාවක් ලෙස ප්‍රකටය. නායකත්ව තරඟයේ ඉදිරියෙන්ම සිටින ඇය අගමැති වුවහොත් මිට පෙර "යකඩ ගැහැණිය" නමින් විරුදාවලි ලැබූ මාර්ගරට් තැචර් වැනි දරඳඩු සුර නායිකාවක් ලෙස කටයුතු කරනු ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

නායකත්වයට තරඟ වදින පස්වැන්නා ස්ටීවන් ක්රැබ්ය. මෙම තරඟයේ එතරම් ප්‍රසිද්ධියක් නැති පිටස්තරයෙකු ලෙසින් හඳුන්වා ඇති  ඔහු දැනට විශ්‍රාම කරයුතු බාර රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරයි. ජනමත විචාරණයේදී දෙපැත්තකට බෙදීගිය කොන්සර්වේටිව් පක්ෂය යලි එකමුතු කළහැකි අපේක්ෂකයෙක් ලෙස ඔහු පිළිබඳව කතා කරන සියල්ලෝම පවසා ඇත.

නායකත්ව තරඟයේ අනෙත් තැනැත්තා ලියම් ෆොක්ස් ය. කැබිනට් මණ්ඩලයේ අත්දැකීම් බහුල පරිනත දේශපාලඥයෙකු වන ඔහු මිට පෙර පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදුනද ජය ගැනීමට අසමත් වූවෙකි.ජනමත විචාරණයේදී ඔහු සිටියේ යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය කියූ පැත්තේය. ආරක්ෂක ඇමති වරයා ලෙස සේවය කල කාලයේ ලියම් ෆොක්ස් ශ්‍රී ලංකාවට කිහිප වතාවක්ම පැමිණියේය. ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී යුද්ධය පිළිබඳව ඔහු පිළිපැදී ක්‍රියා කලාපය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් තුල තවමත් ඇත්තේ අප්‍රසාදයකි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (0 votes)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction