බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වෙන ්වෙයිද? තීරණය අද. 23.6.2014

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද නැද්ද යන්න පිළිබඳව ජන මත විචාරණයක් අද, 23.6.2016 පැවැත්වෙයි. බදාදා වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති මතවිමසීම් කිහිපයකින්ම පෙන්වන්නේ ප්‍රතිඵලය පිලිබඳ පැහැදිළි පිළිතුරක් දිය නොහැකි බවයි. ඒ අනුව 48% ක් තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන මතයේ සිටින අතර 42% ක් ඉවත්විය යුතුය යන මතයේ ඉන්නා බව දක්වා තිබුණි. 10 % තවමත් තීරණයක් ගෙන නැත.

බ්‍රිතාන්‍යයේ අනාගතය සඳහා ප්‍රභල බලපෑමක් සිදුවියහැකි මෙම ජනමත විචාරය පිළිබඳව පසුගිය දින කිහිපය තුල බ්‍රිතාන්‍යයේ සියලුම මාධ්‍ය මඟින් දේශපාලඥයින්, උගතුන්, ව්‍යාපාරකයින් මෙන්ම පොදු ජනයා සම්බන්ධ කරගත් වාද විවාද සහ පුළුල් සාකච්චා මාලාවක් පවත්වනු ලැබිය.

බ්‍රිතාන්‍ය ප්‍රධාන පාලන පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලඥයින් මෙහිදී දෙකට බෙදී තර්ක කළහ. අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපයේ රැඳී සිටිය යුතුය යන මතයේ ඉන්නා අතර ලන්ඩනයේ හිටපු පුරපති වූ කොන්සර්වේටිව් පක්ෂයේ අනාගත නායකයා විය හැකි බවට නම්වී සිටින බොරිස් ජොන්ස්ටන් ඇතුළු එම පක්ෂයේම බොහෝ දෙනෙකු ඉවත්වීම බ්‍රිතාන්‍යයට වාසිදායක යන මතයේ සිට ප්‍රචාරක කටයුතු ගෙනගියහ. වාද විවාද කළහ.

මෙම වාද විවාද කථිකා සහ අදහස් ප්‍රකාශය කිරීම් වලදී ශ්‍රී ලංකාවට සාපෙක්ෂව වැදගත් දෙයක් දැකගැනීමට හැකිවිය. එහිදී එක දේශපාලන කණ්ඩායමකට හෝ පක්ෂයකට සම්බන්ධ කෙනෙක් පවසන අදහසක් අනෙකුත් පක්ෂයක හෝ මතයක ඉන්නා පිරිස් "ගෙඩි පිටින්" ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුයේ නැත. ඒවායේ ඇති සාධාරණ ප්‍රකාශ පිළිගැනීමත් අනෙක්වායේ වැරැද්ද පෙන්වාදීමත් සිදුවූ අතර කතා බහ කෙරෙන අතරවාරයේ එකිනෙකා සමඟ" ගහ බැන ගැනීම්ද" සිදුවුයේ නැත. තමන් ඉදිරිපත් කරන තර්කය සනාත කිරීම සඳහා අන්තර් ජාලයේ හෝ පුවත්පත් වල තිබු විස්තර වාර්තා පිටපත් ගෙනහැර දැක්වීමක්ද සිදුවුයේ නැත. ඔවුන් තර්ක ඉදිරිපත් කලේ ඒ දවසේ "ජනප්‍රියතත්වයට පත්ව තිබු ඕපාදූප හෝ කට කතා" භාවිතා කරනු වෙනුවට කවුරුත් දන්නා ප්‍රසිද්ධ තොරතුරු සහ උපහැරණ උපුටා දක්වමිනි.

එමෙන්ම එවන් සාකච්චාවට ඉදිරිපත්කල නිවේදකයින්  සාකච්චාව මෙහෙයවනු වෙනුවට පක්ෂපාති බවක් පෙන්වමින් තමන්ගේ හෝ හෝ තමන් රැකියාව කරන  මාධ්‍ය ආයතනයේ හෝ මතය උලුප්පා දැක්වීම සඳහා සාකචාවට සහභාගිවුවන්ගෙන් ප්‍රශ්න කරනුද දක්නට නොලැබුණි. ඒ ජනමාධ්‍ය වේදීන් තමන්ගේ රාජකාරියේ අගය, වැදගත්කම සහ වගකීම දන්නා ඒවාට ගරුකරන අය බව පෙනෙන්නට තිබුණි.

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ ඉඳීම වැදගත්බව පවසන පිරිස් ඒ සඳහා දක්වන තර්කය වන්නේ යුරෝපා සංගමයට අයත් රටවල දැවැන්ත වෙළඳපලක්, හමුදා පොලිස් සහ ආරක්ෂක ජාලයක්, ප්‍රභල බුද්ධි තොරතුරු එකමුතුවක්, රටවල් අතර නිදහසේ ගමන් බිමන් යෑමේ අවකාශයක් තිබෙන බවය. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වැනි ප්‍රභල රටවල් මෙන්ම යුරෝපා සංගමයද බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව කියයි.

මේඅතර යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතයේ ඉන්නා කණ්ඩායම පවසන්නේ යුරෝපා සංගමයට දිනකට බ්‍රිතාන්‍ය  පවුම් මිලියන 350 ක් ගෙවන බවත් මෙම මුදල ඉතිරි කරගත හැකි වුවහොත් දවසකට නවීන ආරෝග්‍යශාලාවක් ගොඩනැඟිය හැකි බවත්ය. එමෙන්ම යුරෝපා සංගමයේ නීති රීති වලට යටත්ව වැඩ කිරීමට සිදුවීම නිසා විදේශ රටවල සිට එංගලන්තයට පැමිණෙන දරුණු අපරාධකරුවන් පිටුවහල් කිරීමට නොහැකි තත්වයක් ඇතිවී තිබීම, යුරෝපා සංගමයේ මානව හිමිකම් නීති වලට යටත්ව බ්‍රිතාන්‍යයේ ආගමන විගමන සිමා නිසිපරිදි පාලනය කිරීමට ඇති අපහසු තාවය, යුරෝපා සංගමයේ ක්‍රියාත්මක වෙළඳ පාලන ක්‍රම නිසා ලෝකයේ වෙනත් රටවල වෙළඳ පොළවල් සමඟ ගනුදෙනු කිරීමේ අපහසු තාවය, ඉදිරියේදී යුරෝපා සංගමයේ සාමාජිකත්වය හිමි වන ඇල්බේනියාව, මැසිඩෝනියාව,මොන්ටෙනීග්‍රෝ,සර්බියාව සහ විශේෂයෙන් තුර්කිය යන රටවල ජනතාවට නිදහසේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ අවකාශය විවර වීම වැනි දේ දක්වති.

යුරෝපා සංගමයට අයත් රැකියා සහ ආර්ථික ප්‍රශ්න ඇති රටවල දහස් ගණනක උගත්, නුගත්, හැකියාවන් ඇති මෙන්ම නැති බොහෝදෙනා සංගමයේ සාමාජික රටවලට නිදහසේ සංක්‍රමණය වීම සඳහා ඇති නිදහස උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයට පැමිණෙති. එසේ වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ යුරෝපා සංගමයේ අනෙක් ප්‍රභල ආර්තිකත්වයක් සහිත ජර්මනිය, ප්‍රංශය හෝ ඉතාලිය වැනි රටවල නොමැති බ්‍රිතාන්‍යයේ ඇති ඉතා සාධාරණ සමාජ වටා පිටාව, රැකියා නොමැති අය සඳහා රජයෙන් ලබාදෙන අසාමාන්‍ය ආර්ථික සහන, ශිෂ්ඨ සම්පන්න නීති රීති සහ පොලිස් සේවය වැනි කරුණු බව පෙනෙයි.

යුරෝපා සංගමයෙන් වෙන්වීම වාසිදායක බව කියන අයගේ සටන් පාඨය වී ඇත්තේ " බ්‍රිතාන්‍යයට නිදහස ලබාගැනීම " යන්නයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම ශ්‍රී ලංකාවටද අවාසිදායක බව පෙන්වාදෙමින් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලන්කාවේ සිට මැති ඇමතිවරුන් පිරිසක් ලන්ඩන් නුවරට පැමිණ සිටියහ. ඔවුන් පැවසුවේ බ්‍රිතාන්‍යය තනි රටක් ලෙස ක්‍රියාත්මක වුවහොත්  ආසියානු ආර්ථිකය කැළඹීමකට පත් වනු ඇතැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ මතය බවය. යුරෝපා සංගමයේ ආර්ථිකය ලෝකයේ ප්‍රභල තම ආර්ථිකය බවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් ලෙස බ්‍රිතාන්‍යයේ කොටස් කරුවන් ලෙස සිටින ශ්‍රී ලංකාවට එම වෙළඳපල අහිමිවීම බලවත් පාඩුවක් වියහැකි බව ඔවුන් පැවසුහ. 

මේ අතර බ්‍රිතාන්යය් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය කියා එංගලන්තයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ උත්සාහයක් යෙදීසිටි අයෙකුට පසුගියදා බලවත් අසීරුතාවයකට පත්වීමට සිදුවූ බවද දැනගැනීමට ලැබුණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ ඉන්නාතුරු යුරෝපා රටවලට යන ශ්‍රී ලාංකිකයින්හට නිදහසේ බ්‍රිතාන්‍යයට පැමිණීමේ අවස්තාවක් ඇතිබවත් එම අවස්තාව නැතිකිරීමට උත්සාහයක් ගැනීම නොවටිනා ක්‍රියාවක් බවත් මෑත කාලයේදී ඉතාලියේ, ප්‍රංශයේ සහ වෙනත් යුරෝපිය රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිසක් පවසා තිබුණි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (1 Vote)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction