බුද්ධගයාවේ වෙසක් අසිරිය Featured

බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවන අසපුව මඟින් මෙවර වෙසක් පින්කම් මාලාව දින 15 ක් පුරා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.  

වෙසක් පින්කම් මාලාව ආරම්භ කෙරුනේ බුද්ධගයා පින්බිම වන්දනා මාන කරගැනීම සඳහා සහභාගිව සිටි දහසකට ආසන්න ස්වාමින් වහන්සේලා බුදුනුවන අසපුවට වැඩමකරවා උන්වහන්සේලාට අවශ්‍ය උපස්ථාන කටයුතු සිදු කරමිනි.

ඊට අමතරව මෙම දින 15 පුරාවටම සාමනේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණි. මේසඳහා ඉන්දියානු ජාතික සාමානෙර භික්ෂුන්වහන්සේලා 100ක් පමණ සහභාගිවූ අතර මෙම වැඩසටහන තුලින් උන්වහන්සේලාට පිරිසිදු ආර්ය සමාධිය දියුණු කරමින් ශීලය ආරක්ෂාකරමින් නිවන් මාර්ගය වැඩීම සඳහා ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව අවබෝධයක්ද ලබාදෙනු ලැබිය.

"මෙම සාමනේර ස්වාමින්වහන්සේලගේ සේවය බුද්ධ ධර්මය දඹදිව් තලය පුරා පැතිරවීම සඳහා අනාගතයේදී යොදවා ගැනීමට  බලාපොරොත්තු වන බව" බුදුනුවන අසපුව පැවසීය.  

බුද්ධගයාවේ බුදුනුවණ අසපුවාසී සියලුම ස්වාමින් වහන්සේලා මෙම වැඩ කටයුතු සඳහා සහභාගී වුහ.

මෙම පින්කම් මාලාවේ ප්‍රධානතම කටයුත්ත වුයේ ශ්‍රී මහාබෝධිය සහ වජිරාසනය අභියසදී පුරා සතියක්ම පවත්වනු ලැබූ බුදුනුවන දහම් පාසල් දරුවන් සහ දෙමාපියන්සහභාගිවූ සීල සමාධි ප්‍රඥා ගුණයන් පදනම් කරගත් සදහම් වැඩසටහනයි.

මෙහිදී තථාගතයන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට උපහාර පිණිස තුණුරුවන් උදෙසා මනරම් පහන් ආලෝක පුජාවක් සිදුකල අතර වර්තමාන ඉන්දියාව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා සුවිසේශී මෙහෙවරක් ක්‍රියාත්මක කරන මහමෙව්නාව නිර්මාතෘ පුජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් සිහිකොට උන්වහන්සේට පින් පැතීමේ ගුරු පුජාවක් ද පවත්වනු ලැබිය.

බුදුනුවන අසපුවේ ස්වාමින් වහන්සේලා සහ දහම් පාසල් දරුවන් විසින් සංවිධානය කල උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සිහිකිරීමේ පිංකම වෙසක් පුන් පොහෝ දින රාත්‍රිය පුරාවට පැවැත්වුනි. වජිරාසනය අභියස සිදුකල මෙම පුණ්‍ය කාර්යයන් සඳහා මෙවර අනුග්‍රහ කරනු ලැබුවේ ඉතාලියේ මහමෙව්නාව අසපුවේ සැදැහැවතුන් විසිනි.

මෙම පිංකම සඳහා බුද්ධගයා පින්බිම අලංකාරවත් අන්දමට සරසා තිබුණි. ඒ සඳහා යොදාගත් සියලුම වෙසක් කුඩු සහ අනෙකුත් සැරසිලි බුදුනුවන අසපුවට සම්බන්ධ ඉන්දියානු ජාතික දරු දැරියන් විසින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (0 votes)

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction