ලංකාවේ එහෙම උනත් එංග ලන්තේ එහෙම වෙන්නේ නෑ

එංගලන්තයේ මහ මැතිවරණයක් අද (2015 මැයි 7 වන බ්‍රහස්පතින්දා) පැවැත්වෙයි.

හෙට උදේ වනවිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අලුතින් මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා පත්කෙරෙන නමුත් ඒපිලිබඳ කිසිම " චන්ද උණුසුමක්" කොහෙවත් දැනෙන්නට නැත.

අද එංගලන්තයේ ඕනෑම තැනක ඇවිද යනවිට මෙහේ මැතිවරණයක් තියෙන බවක් පෙන්වන කිසිදු හෝඩුවාවක් දක්නටද නැත.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විට්නි මැතිවරණ කොට්ඨාශයෙන් මෙවරත් චන්දයට ඉදිරිපත්වී සිටී. එනමුත් ඔහුගේ මහා පරිමානයේ කටවුට් කොහෙවත් දකින්නට නැත. රජයේ ආයතන මඟින් අගමැති වරයාගේ දත් තිස්දෙකම පෙන්වමින් සිනාසෙන රූපයක් සහිතව පසුගිය කාල වකවානුව තුල ඔහුගෙන් සිදුවූ සේවාවන්ට " කළගුණ" සැලකීමේ වටිනාකම විස්තර කෙරෙන යෝධ පුවරු කිසිවක් සවිකර නැත. රටපුරා ගහක් ගලක් ගානේ කණුවක්, බිත්තියක්,තාප්පයක් ගානේ එකක් උඩින් එකක් ඇලවූ මැතිවරණ පෝස්ටර්ද දක්නට නැත.

එසේ කලොත් චන්දය පසෙක තියා සියල්ල අකුලාගෙන ගෙදර යන්නටද ඒවාට සම්බන්ධවුවන්ට සිදුවන බව ඔවුන් දනිති. 

මුදල් ගෙවා හෝ නොගෙවා බස්රථ ලබාගෙන තම පාක්ෂිකයින් අති විශාල පිට්ටනි වලට ගාල් කරවමින් දැවැන්ත රැලි පැවැත්වීමක්ද ඉංග්‍රීසි කාරයින්ට තවමත් හුරුවී නැත. 

මැතිවරණ කටයුතු සඳහා ගමන් කිරීමට පක්ෂ ප්‍රධානින් විශේෂයෙන් සරසන ලද බස් රථයක් පාවිච්චි කරති. 

දුර ගමන් සඳහා මගී දුම්රිය භාවිත කෙරේ. චන්ද වැඩ සඳහා රජයේ දේපල, මිල මුදල් හෙලිකොප්ටර් ආදිය භාවිතාකිරීමේ හැකියාවක් බ්‍රිතාන්‍ය පාලකයින්ට නැත. සියලුම විය හියදම් දරන්නේ පක්ෂ අරමුදල මඟිනි. ඒවායේ ගණන් හිලව් විගණනය කෙරේ.

කට පූච්චානමට ගිරිය උලුප්පා කෑමොර ගසා ඉංග්‍රීසි කාරයාගෙන් චන්දයක් ලබාගන්නට බැරිය.

මෙහේ චන්දයක් පවතින බවක් පෙන්වන කිසිදු හෝඩුවාවක් පෙනෙන්නට නැත්තේ ඒනිසාය.

එහෙමනම් එංගලන්තයේ චන්දය කෙරෙන්නේ කොහොමද?

මැතිවරණ ප්‍රචාරක කටයුතු මුලික වශයෙන්ම කෙරෙන්නේ ජනමාධ්‍ය හරහාය. පුවත්පත් ගුවන් විදුලිය සහ රුපවාහිනිය තුලින් සෑම පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රචාරය කරයි.

මෑතකදී අන්තර්ජාලයද ප්‍රචාරක කටයුතු සඳහා මහා පරිමාණයෙන් යොදා ගනු ලබයි.

අපේක්ෂකයින්ගේ උදව්කාරයින් නොකඩවා සිය ආසනයේ සියලුම දෙනා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් චන්ද ප්‍රචාරක කටයුතු කරති. මේ බොහෝදෙනා එසේකරන්නේ ස්වෙච්ඡාවෙනි.

පෞද්ගලික ජනමාධ්‍ය අපක්ෂපාති බවක් පෙන්වන බවක් පෙනෙන්නට නැත. මාධ්‍ය ආයතන අයිති කරුවන් දරන මතය අනුව ඒවායේ කෙරෙන ප්‍රචාරයන් පක්ෂපාති වෙයි. එය නොවැලැක්විය හැකි දෙයකි.

ලෝප්‍රකට බී බී සී ගුවන් විදුලිය සහ රුපවාහිනිය රජයේ ආයතනයන වෙයි. ඒවායේ මැතිවරණ සමයේ විවිධ දේශපාලන වැඩ සටහන් ප්‍රචාරය වෙයි. නමුත් එම කිසිම ආයතනයකින් රජයට පක්ෂපාති දේශපාලනමය වැඩසටහනක් ප්‍රචාරය කෙරෙන්නේ නැත. 

" ඩේවිඩ් කැමරන්ගේ පක්ෂය නැවත බලයට පත්කිරීමට 7 වෙනිදා කොන්සර්වේටිව් පක්ෂයට ඔබේ කතිරය ගසා කෙලෙහි ගුණ සලකන්න " කියා කීමට එහි වැඩකරන කිසිම මාධ්‍ය වේදියෙකුට හීනෙන්වත් හිතෙන්නේ නැත.

බී බී සී ආයතනවල සේවය කරන්නන් වාමාංශික මත ධාරීන් බව පොදුවේ පිළිගත් මතය වෙයි. ඔවුන් ඩේවිඩ් කැමරන් ඇතුළු රජයේ වැඩකටයුතු නිර්දයලෙස එහෙත් සාධාරණිය කරුණු සහිතව විවේචනයට ලක් කරන අවස්ථා එමටය. එසේකිරීම නිසා ඒ කිසිවෙක් දන්ගෙඩියට යැවෙන්නේ නැත. 

මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයින් සහභාගිවන ප්‍රශ්න කිරීමේ වැඩසටහන් රුපවාහිනි නාලිකා තුලින් ප්‍රචාරය වෙයි. මේවාට සහභාගිවෙමින් තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලිකරදෙමින් චන්දය දිනාගැනීමේ අවස්තාව එම දේශපාලඥයින් හට සමාන්තරව ලැබෙයි.

ඒවා මෙහෙයවන මාධ්‍යවේදීන් අගමැති වරයා අමතන්නේ "ඩේවිඩ්" නමිනි. මෙහිදී ඔහු අගමැති නිසා "උතුමා" හෝ "මැතිතුමා" හෝ කියා ඇමතීමේ පුරුද්දක් ඉංග්‍රීසි කාරයාට නැත. එසේ ඇමතුවා කියා අගමැතිකම පාච්චල්වු බවක් එය බලාසිටින ප්‍රේක්ෂකයින්ට සිතෙන්නේද නැත.

මැතිවරණ පචාරය සඳහා තමන්ගේ ආසනයේ සෑම චන්ද දායකයෙකුහටම තමන්ගේ ප්‍රතිපත්ති විස්තර කෙරෙන පත්‍රිකා තැපෑලෙන් යැවීමට පහසුකම් ලැබෙයි. එසේම සෑම අපේක්ෂකයෙක්ම තම අආධර කරුවන් සමඟ ආසනයේ ගෙයින් ගෙට ගොස් තමන්ගේ ප්‍රතිපත්ති පහදාදී චන්දයඉල්ලාසිටිමටද කටයුතු කරයි. අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම විරුද්ධපක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් පවා මෙම කටයුත්තට සහභාගී වෙති.

මැතිවරණ කාලයේ බොහෝ නගර වල ප්‍රධාන පක්ෂවල කාර්යාල විවෘත කෙරෙයි. මේවායින් ආසනය තුල ප්‍රචාරක කටයුතු  සංවිධානය කෙරෙයි.

අපේක්ෂකයින් ආසනයේ ඇති වෘත්තීය සමිති, සංස්කෘතික සංවිධාන, ආගමික ස්ථාන, සංස්කෘතික උත්සව ආදියට සහභාගිවී ප්‍රචාරක කටයුතු කෙරෙන අවස්ථාද ඇත.

පක්ෂ සාමාජිකයින් තම අපේක්ෂකයින්ගේ කුඩා ප්‍රමාණයේ පෝස්ටර් තම ගෙදර මිදුලෙහි ප්‍රදර්ශනය කිරීමද සිදුවෙයි. වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා රට පුරා ඉදිකර ඇති දැන්වීම් පුවරු කුලියට ගෙන මැතිවරණ ප්‍රචාරක දැන්වෙම් ප්‍රදර්ශනය කිරීමද සිදුවෙයි.

පුවත්පත්, ගුවන් විදුලිය සහ රුපවාහිනි මාධ්‍ය හරහා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කෙරෙයි. 

මේ සියලුම දැන්වීම් තුලින් කිසියම් නිර්මාණාත්මක භාවයක් මෙන්ම සංයමයක් පිළිඹිඹු කෙරෙයි. ප්‍රතිගාමීන් විවේචනයට ලක් කලද දේශපාලන මඩ ගැසීමක් ඒවා තුලින් ඉදිරිපත් නොකෙරේ. 

සෑම පක්ෂයකටම රජයට අයත් බී බී සී ආයතනය මඟින් නොමිලයේ එම පක්ෂයේ ප්‍රචාරක වැඩසටහනක් ප්‍රචාරය කිරීම සඳහා අවස්ථාවද ලබාදෙයි.

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයසඳහා "කොලොප්පමට" අපේක්ෂකයින් ඉදිරිපත් කරන කණ්ඩායම්ද ඇත. "මොන්ස්ටර් රේවින් ලුනි" පක්ෂය නමින් සෑම මැතිවරණයකටම අපේක්ෂකයින් ඉදිරිපත් කරන කණ්ඩායම ඒ අතරේ වඩාත්ම ජනප්‍රිය මෙන්ම සුප්‍රකට පක්ෂයයි. කිසිකලෙක මැතිවරණයකින් ජයක් ලබා ගෙන නැතත් මේ කවටයින් හටද චන්දය දෙන පිරිසක් එංගලන්තයේ සිටිති.

දේශපාලනය නිසා ගහ බැණ ගැනීම් මරා ගැනීම් එංගලන්තයේ සිදුවන්නේ නැත. සමහරවිට එකම ගෙදර පියා දක්ෂිනාංශික වීමත් මව මධ්‍යස්ත මතධාරී වීමත් දරුවන් වාමාංශික වීමත් සාමාන්‍ය දෙයකි. චන්දය දවසේද විවිධ පක්ෂවල සාමාජිකයින් මිත්‍රශීලීව අවන් හල්වල, මත්පැන් ශාලාවල එකතුවී ප්‍රතිඵල නරඹනු දැකිය හැකිවෙයි. 

කෙසේවුවත් පසුගිය කාලයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිලිබඳ ඉංග්‍රීසි කාරයාට නුහුරු අශෝබන සිදුවීම් කිහිපයක්ම වාර්තාවිය. විශේෂයෙන් පකිස්තානු සහ බංග්ලාදේශ ජාතිකයින් බහුලව ජීවත්වන ප්‍රදේශවල මියගිය අයගේ හෝ රට හැර ගිය අයගේ චන්ද හොරෙන් යලි ලියා පදිංචි කිරීම් පිළිබඳව වාර්තාවූ අතර මෙනිසා මැතිවරණ ජයගහණය කල කිහිපදෙනෙකුටම තම ආසන අහිමිවීමත් නීතිමය ක්‍රියාදාමයකට මුහුණ දීමට සිදුවීමත් පිළිබඳව වාර්තා විය.

මෙවර මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තිදෙනෙක් ඉදිරිපත්ව සිටිති. මෙයින් හැම්ෂයර් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින රනිල් ජයවර්ධන ලෙහෙසියෙන් ජයග්‍රහණය කරනු ඇති මැතිවරණ නිරීක්ෂකයින් පවසා තිබුණි. 

 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (1 Vote)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction