බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගම් එළිය කරති Featured

දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදුනුවණ" අසපුව ආරම්භ කල දිනයේ සිට එහි වැඩසිටින මහා සංඝ රත්නයේ මුලිකත්වයෙන් බුද්ධ ගයා පින්බිම අවට පදිංචිව ඉන්නා ඉන්දියානු ජාතිකයින් බොහෝදෙනාගේ හිත සුව පිණිස මෙන්ම පිරිසිදු බුදු දහම පහදා දීම පිණිස විශාල කාර්ය භාරයක් ඉටු කෙරෙයි.

මේ වනවිට ගම්මාන 20 ක පමණ දහම් වැඩසටහන් පවත්වාගෙනයන අතර එම ගම්වාසින් බුදුදහම දන හැඳින ගැනීම පිළිබඳව සතුටුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහමෙව්නා වාසී ස්වාමීන් වහන්සේ නමක් පැවසුහ.

මේ ගම්වල ජීවත්වන බොහෝ දෙනා ගතකරන ජීවන රටාව නිසාම නිරන්තරයෙන් පස් පව් වලටම නැබුරු වී සිටි නමුත් දැනට ක්‍රමක් ක්‍රමයෙන් පන්සිල් සුරැකීම සඳහා මහන්සිවෙමින් සිටිනු දක්නට ලැබෙන බවද උන්වහන්සේ පැවසුහ.

මෙම කටයුතු සිදුකරනු ලබන්නේ ඉමහත් දුෂ්කරතා මැද්දේය. කෙසේවුවද මෙම වැඩ කටයුතු සඳහා කැමැත්තෙන් සහභාගීවන එම ගම්වැසියන් ඒ තුලින් ලබාගන්නා අසීමිත යහපත දැකීමෙන් එම වැඩකටයුතු සංවිධානය සඳහා සහභාගීවන සියලුම දෙනා අසීමිත සතුටක් ලබති.

ශ්‍රී ලංකාවේ බැතිමතුන් මෙන් නොව බුදුදහම පිලිබඳ කිසිදු වැටහීමක් හෝ හැඟීමක් නොමැති ඉන්දියානු ජාතිකයින් හට බුදුදහම පැහැදිලිකරදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත්  බුදුදහම පිලිබඳ වැටහීම ලබාගත් සියලුම දෙනා දිවි දෙවෙනි කොට ධර්මානුකුලව වැඩ කටයුතු කිරීමට බලවත් උත්සාහයක් ගනිති.

මෙම වැඩකටයුතු සඳහා ප්‍රදේශවාසීන්ගෙන් උදව් උපකාර ලබා ගන්නේ නැත. එම සියලුම වැඩකටයුතු බුදුනුවන අසපුවේ සිටින ස්වාමින් වහන්සේලා සහ දුදරුවන් විසින් කරනු ලබති. සමහර වැඩසටහන් සඳහා කිලෝමීටර් 70-80 තරම් දුර ගමන් කල යුතුවේ. බොහෝ වැඩසටහන් සවස පැවැත්වෙන අතර වැඩකටයුතු අවසන් කර ආපසු අසපුවට පමින්නේනවිට මධ්‍යම රාත්‍රියද පසුවෙයි. 

මහමෙව්නාව බුදුනුවන අසපුවට සම්බන්ධ සියලුම ළමුන් පාසල් අධ්‍යාපනය කටයුතු සඳහාද යොමු කර ඇති අතර එයට අමතරව ධර්ම ප්‍රචාර කටයුතු සඳහා එම දරුවන් ලබාදෙන කැපකිරීම අතිමහත්ය. 

දැනට ක්‍රියාත්මක වැඩකටයුතු වන්නේ සෑම ගමකම සතියකට වතාවක් දහම් වැඩසටහන් පැවැත්වීමත් දුරබැහැර ප්‍රදේශ වල සති දෙකකට වතාවක් වැඩසටහන් සංවිධානය කිරීමත්ය. මුලික වශයෙන් එක ගමක වැඩසටහන් 4ක් සිදුකරනු ලබන අතර නැවත ඒ ගමට එන්නේ කාලය ලබාගැනීමට අවස්තාවක් ලැබුනහොත් පමණකි. සියලුම සාකච්චා පැවැත්වෙන්නේ හින්දි භාෂාවෙනි.

ගැමි පරිසරයක ජීවත්වන මෙම සියලුම දෙනා හට බුදුදහම පිලිබඳ උනන්දුවක් ඇතිකිරීමේ අරමුණෙන් මේ හැම අවස්ථාවකම විනාඩි 25ක පමණ චිත්‍රපටයක්ද පෙන්වනු ලබයි.

හින්දි භාෂාවෙන් මෙම චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන්නේද බුදුනුවන අසපුවේ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතිව අසපුවේ දරු දැරියන් විසිනි. මෙම චිත්‍රපට වලින් ඉදිරිපත් කරනු ලබන්නේ දෙමවුපියන්ට සැලකීමේ අගය, ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කිරීමේ අගය, දස කුසල් කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන, ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව සෑම කෙනෙකුටම  එකසේ මෙත් සිත වැඩීම, දුප්පත් වුවත් පොහොසත් වුවත් සියල්ලෝම දන් දිය යුතු බව, කිසිම ආගමකට සහ කිසිම ආගමික හෝ දේශපාලන නායකයෙකුට හෝ කිසිම කෙනෙකුට අගෞරව හෝ අවමන් හෝ නොකළ යුතු බව, තථාගතයන් වහන්සේගේ ධර්මය කිසි ආගමකට අයත් දෙයක් නොව මිනිසුන්ට තම දුක් කරදර දුරු කර ගනිමින් සැනසීමෙන් ජීවත් වෙන්නට මග කියාදෙන්නක් නිසා ආගම් වෙනස් නොකර තම තමන්ගේම ආගම් අදහමින් බුදු රජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමේ හැකියාව ඇති බව  වැනි  කරුණුය.

මේ වැඩසටහන් සඳහා හින්දු මුස්ලිම් දෙපිරිසම  සම්බන්ධ වෙති.

මෙයට අමතරව එම ධර්ම සාකච්චාවලදී තම රටට ඉමහත් ලෙස  ආදර ගෞරව කොට රටේ දියුණුව උදෙසා එක්වන්ව එක්සිත්ව වීරිය කිරීම,

හොඳ සාර්ථක අධ්‍යාපනයක් කරා තම දරුවන් යොමු කලයුතු බව, හැමදෙනාම සිත එකලස් කරගැනීම සඳහාත් හිතේ සැනසීම වර්ධනය කරගැනීම සඳහාත්  දිනපතා  භාවනා කලයුතු බව, බුදුරජාණන් වහන්සේ ගැන, මේ රටේ වැඩ සිටි මහරහතන් වහන්සේලා ගැන, යහපත් ගුණ ධර්ම වැඩි දියුණු කර ගැනීම ගැන සාකච්චා කෙරේ.

සෑම ඉරිදා දිනකම උදේවරුවේ බුදුනුවන අසපු භූමියේදී දහම්පාසල පැවැත්වෙන අතර සවස කිලෝමීටර 30ක් පමණ දුරින් ඇති ගයා පොදු වෙළඳ පොලේ තවත් දහම් පාසලක් පවත්වනු ලබයි.

බොහෝ අවස්ථාවල සෑම ගමකම පාහේ මුල් වැඩසටහන් දෙකේදී ස්වාමින් වහන්සේලාහට විවිධාකාර චෝදනා එල්ල වෙයි. බොහෝවිට එම ගම් වාසීන් පවසන්නේ "මේ වැඩ සටහන ආගම් වෙනස්කරවන්න ක්‍රියාත්මක වන්නක් බවයි. දැන් දැන් සමහර මාධ්‍ය මඟින් පවා ''ලංකාවෙන් ඇවිත්  ආගම් පතුරුවනවා'' යැයි ලිපි පල කරති. ගුවන් විදුලි සහ රුපවාහිනි ප්‍රවෘත්ති තුලින්ද මෙම චෝදනාව එල්ලවෙමින් පවතී.

එසේවුවද මෙම ගම්වාසීන් තුල එවැනි පිළිගැනීමක් නොමැතිබව පෙනෙන්නට ඇත. 

විවිධ බාධක සහ දුෂ්කරතා මැද්දේ බුද්ධගයා මහමෙව්නාව බුදුනුවන අසපුවේ ස්වාමීන් වහන්සේ සහ සැදැහැවතුන් ධර්ම ප්‍රචාර කටයුතු තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (0 votes)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction