sri express

Photographs by Tissa Madawela

ලන්ඩන් බෞද්ධ විහාරයේ මුලිකත්වයෙන් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මෝත්සවය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වෙන පුළුල් වැඩසටහනක් සංවිධානය කර ඇත.

දුර දක්නා නුවණින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ 1926 දීය. එවකට යුරෝපයේ ආරම්භ කෙරුණ ප්‍රථම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය එයයි. එදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රමුඛ තම ථෙරවාදබෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇත.

ධර්මපාල තුමාන්ගේ 150 වෙනි ජන්ම දිනය සිහිපත්කිරීම සඳහා සතියක් පුරා ලන්ඩන් බෞද්ධ විහාරස්ථාන ශාලාවේදී සහ හැමර්ස්මිත් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරඇති වැඩ සටහනට මෑතයුගයෙදී නිර්මලබුදු දහමේ පුනරුත්ථාපනය උදෙසා ධර්මපාල තුමන් අතින් සිදුවුන අනුපමේය සේවාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශනයක්, ධර්මපාල තුමාගේ අගය විස්තර කෙරෙන දහම් පාසල් සිසු සිසුවියන් අතර පැවැත්වෙන රචනා, දේශනා සහ සන්නිවේදන වැඩසටහන්, එතුමාට පිං පැමිණවීමේ පිංකම් සහ පරිත්‍යාන ධර්ම දේශනා සහ සංස්කෘතික වැඩසටහන් ඇතුලත් වෙයි.

ධර්මපාල තුමන්ගේ මෙහෙය විස්තරකෙරෙන සමරු කලාපයක්ද ප්‍රසිද්ධ කෙරෙනු ඇත. 

මෙම භාරධුර කර්තව්‍යය සාර්ථකව ඉටු කරගැනීම සඳහා ලන්ඩන් බෞද්ධ විහාර දායක සභාව, දායක කාරකාදීන්, ධර්මපාල භාරකාර මණ්ඩලය, මහාබෝධි සංවිධානය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, අනෙකුත් බෞද්ධ රටවල තානාපති කාර්යාල, විහාරස්ථාන සහ යුරෝපීය බෞද්ධ කණ්ඩායම් සහ සංවිධාන වල පුර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලැබෙනු ඇත.

සංස්කෘතික වැඩ සටහනේදී අනගාරික ධර්මපාල තුමන් පිළිබඳව මුල දේශනය ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් පවත්වනු ඇත. ධර්මපාල තුමන්ගේ ගුණ සමුදායයත් ලන්ඩන් බෞද්ධ විහාරය ස්ථාපිත කිරීම තුලින් බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා ඉටුවුණ යුග මෙහෙවරත් පිළිබඳව ලියවුන සමරු ගීතයක් දහම් පාසල් දරු දැරියන් සහ ඔවුනගේ දෙමාපිය විසින් ගායනා කරනු ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචනා කර ඇති එම ගීතයේ තනුව සහ සංගීතය අචාර්ය රෝහණ වීරසිංහයන් විසින් නිර්මාණය කර ඇත.

මෙම සමරු වැඩසටහනට සමගාමීව ධර්මපාල තුමන් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කිරීමත් එතුලින් සිදුකෙරෙන ආගමික හා සමාජීය මෙහෙවරත් විදහා දැක්වෙන වාර්තා චිත්‍ර පටයක්ද නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇත. එම චිත්‍රපටය ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල පෙන්වීමටද බලාපොරොත්තු වෙයි.

ලන්ඩනයේ දම්පල් සමරු වැඩ සටහන සැප්තැම්බර් මස 14 වෙනිදා සිට 20 වනදා දක්වා පැවැත්වෙයි.

මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්චාවක් පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වුන අතර එදින ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයේ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිණිස ඒ ඒ විෂයන් පිලිබඳ දැනුමක් සහ පළපුරුද්දක් ඇති කණ්ඩායම්  තෝරා පත්කරගනු ලැබීය.

 


Sri Express
Sri Express
Photographs by Tissa Madawela

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction