sri express

Three of the five jailed men: Chubramanian Vignarajah, Amarjit Mudhar and Kamalanesan Kandiah. Photograph: PA/Home Office

අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි ඒ සියල්ලම සැබෑ වෙන්නේ නෑ. නමුත් ඒ හීන සැබෑ කරගන්න අපි නොගන්නා උත්සාහයක් නෑ. සමහර විට හොදින් බැරි නම් නරකින්. ඒ කියන්නේ නීති විරෝධීව​. තුන් වන ලෝකයේ රටවල් එහෙමත් නැත්නම් සංවර්ධනය වන රටවල් වල ජීවත්වන බොහෝ දෙනාගේ හීනයක් තමයි සංවර්ධිත රටකට ගොස් ජීවත්වීම හෝ එම රටකට ගොස් මුදල් ඉපයීම​.

එයට ප්‍රධානම හේතුව තමයි අපි ජීවත්වන තත්ත්වය උසස් කර ගැනීම​. නැත්නම් වඩාත් සුඛෝපභෝගී කර ගැනීම​. ශ්‍රී ලංකාවේ සමහරෙක් මැද පෙරදිග රටවලට ගොස් මුදල් උපයන්නේ ඒ අරමුණින්.

යමක් කමක් තියෙන ඇත්තෝ උත්සාහ කරන්නේ ඇමරිකාව​, කැනඩාව​, ඕස්ට්‍රේලියාව​, නවසීලන්තය හෝ යුරෝපයේ රටකට පැන ගන්න​. ඒ අතරින් බොහෝ දෙනෙක් කැමති එංගලන්තයට එන්න​. ඊට ප්‍රධානම හේතුව වශයෙන් මා දකින්නේ අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වී තිබීම​.

අපිට පොඩි කාලේ ඉදලම බ්‍රිතාන්‍යය ගැනත් මහා රැජිණ ගැනත් කියලා දුන්නේ මහා උජාරුවකින්. සුද්දා ලංකාවට ආවේ නැත්නම් අපිට කෝච්චි පාරක්වත් තාර පාරක්වත් නෑ කියල ඉස්සර කිව්වා.

බ්‍රිතාන්‍යය දැන් යටත් විජිත වලින්සංක්‍රමණය වූ අය ගෙන් පිරිලා. ඒ මදිවට නැගෙණහිර යුරෝපා රටවල් යුරෝපා සංගමයට එකතු වෙන කොට ඒ රටවල අයටත් නීත්‍යානුකූලවම බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට ඉඩකඩ හැදිලා.

ඒ නිසාම සංවර්ධනය වෙමින් පවතින රටවල අයට බ්‍රිතාන්‍යයට ඒමට මෙතෙක් තිබූ නීතිමය තත්ත්වන් අහුරලා. ඒ නිසාම සමහරෙක් නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට එන්න පටන් අරන්.

නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට මිනිසුන් ගෙන්වන ජාවරම් කල්ලියක් පසුගිය දා අත් අඩංගුවට පත්වුනා. එහි හතර දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ.  අනෙකා ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

නීති විරෝධී ලෙස මෙසේ බ්‍රිතාන්‍යයට අතුළු කිරීම සදහා ඔවුන් එක් අයෙකුගෙන් බ්‍රිතාන්‍ය පවුම් හාරදහස් පන්සීයක් එනම් රුපියල් ලක්‍ෂ නවයක් පමණ අය කොට තිබෙනවා.

මේ කල්ලියේ මහ මොළකරු ශ්‍රී ලාංකික සුදර්ශන් ජයකොඩි (37) ජීවත්වෙලා හිටියේ එංගලන්තයේ ලූටන් නගරයේ. සුබ්‍රමනියම් විග්නරාජා (42) ක්‍රොයිඩන් නගරයේත්, කමලනේසන් කන්දයියා (39) හේස් නගරයේත්, සුන්දරනායගම් උවායිස් (41) ඊස්ට හැම් නගරයේත් සහ බ්‍රිතාන්‍ය ජාතික අමර්ජිත් මුධාර් (46) නෝර්ත් හෝල්ට් නගරයේත් වාසය කලා.

ඔවුන් නීති විරෝධී ආගමනයිකයින් බ්‍රිතාන්‍යයට රැගෙන විත් ඇත්තේ ප්‍රංශයේ සිට ලොරි තුල සඟවා ගෙන​යි. බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය දේශ සීමා වලදී මෙම වාහන පරීක්‍ෂා කිරීමේදී හොර ආගමනයිකයින් හමු වී තිබෙනවා.

දීර්ඝ කාලීන පරීක්‍ෂණයකින් පසු ජයකොඩි සහ උවායිස් ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන්ට හැකි වුනා. අනිත් සියල්ලෝම අත් අඩංගුවට ගත්තේ එංගලන්තයේදීමයි.

එංගලන්තයේ මේඩ්න්ස්ටන් උසාවියේ නඩු ඇසීමෙන් පසු නීති විරෝධී ලෙස හොර රහසේ වාහන අස්සේ සඟවා ගෙන, ශ්‍රී ලාංකිකයින් බ්‍රිතාන්‍යයට රැගෙන ඒම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ මෙම පිරිසෙන් ජයකොඩි අවුරුදු 5 යි මාස 4 ටත්, විග්නරාජා අවුරුදු 3 යි මාස 4 ටත්, කන්දයියා සහ උවායිස් අවුරුදු 5 ටත්, මුධාර් අවුරුදු 4 යි මාස 8 ටත් සිර ගෙට නියම වුනා.

මේ පිලිබදව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය  ආගමන සාපරාධී ක්‍රියා පරීක්‍ෂණ අංශයේ ඩේවිඩ් ෆෙයාර්ක්ල්ෆ් මහතා කියා සිටියේ මෙම ජාවරම් කල්ලිය තමන්ට මුදල් උපයා ගැනීම සදහා අහිංසක ශ්‍රී ලාංකිකයින් බිල්ලට දී ඇති බවයි. මෙවැනි ජාවරම් කල්ලි කවදා කොහේදී හෝ නීතියේ රැහැනට කොටු කර ගන්නා බවද ඔහු අවධාරණය කලා.

(සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට​)


Sri Express
Three of the five jailed men: Chubramanian Vignarajah, Amarjit Mudhar and Kamalanesan Kandiah. Photograph: PA/Home Office

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction