sri express

Photographs from the High Commission

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වෙනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක්ම ලන්ඩන් නුවරදී පවත්වනු ලැබිය.

ඉන් පළමුවැන්න සංවිධානය කර තිබුනේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂා ශාඛාව මඟිනි.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එම බෝධිපුජාමය පිංකම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න සහ ප්‍රදීපා සේරම් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ  නිලධාරී මඬුල්ල සහ සාමාජික සාමාජිකාවන්ද විහාරස්ථ දායක දායිකාවන්ද විශාල පිරිස සහභාගී වුහ.

මෙයට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද  පරිත්‍රාන ධර්ම දේශනයක් සහ හීල් දානමය පිංකමක්ද ඉරිදා රාත්‍රියේ සහ ජනාධිපති තුමන්ගේ උපන්දිනය දවසේ උදෑසන මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබිය. 

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති පුජ්‍ය විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගනනක් නියෝජනය කරමින් මහා සංඝරත්නය 18 නමක් පිංකම සඳහාවැඩම කළහ. 

වැඩ බලන මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහා කොමසාරිස් කාර්යාලයීය සේවක සේවිකාවන් සියලුම දෙනාත් සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එම පිංකම සඳහා සහභාගිව සිටියහ.
 


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from the High Commission

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction