sri express

ඇමෙරිකාවේ ප්‍රමුඛ ප්‍රවුර්ති නාලිකාව වන සී එන් එන් ඔස්සේ මුළු ලොවටම විකාශනය කල සම්මුඛ සාකච්චාවේදී එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා ශ්‍රී ලංකාව අපහසු තාවයකට පත්වන අන්දමට ඇසු කපටි ප්‍රශ්න සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් විසින් කොළඹ සිට සපයන ලද ප්‍රඥාගෝචර පිළිතුරු පිළිබඳව විදෙස්ගතව ඉන්නා සිංහල දෙමල මුස්ලිම් සහ අනෙකුත් ජනකොටස් වලට අයත් ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ නොමද ප්‍රසංශාව ගලා ඒමට පටන්ගෙන ඇත.

අන්තර්ජාලයේ විද්‍යුත් ලිපි සහ ට්විටර් සහ ෆේස්බුක් පිටු හරහා එම වාර්තාව අඩංගු වීඩියෝ පටය නිමේෂයකින් ලොව වටා බෙදාහැරුනේ එය දුටු අයගේ අදහස්ද සමඟය.

ඒ හැම දෙනෙක්ම කියා ඇත්තේ දොස්තර නෝනිස් ඉතා ශුර අන්දමට නිවේදකයා නැගු ප්‍රශ්න සියල්ලටම සුදුසුම පිළිතුරු සැපයීමට සමත්වූ බවය.

ව්‍යක්ත ලෙසින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමෙහි හැකියාවක් ඇති නෝනිස් මහතාගේ එම පිලිතුරුදීම් ශ්‍රී ලංකාවේ දේශපාලකයින් සහ මාධ්‍ය ප්‍රකාශකයින් අත්පොතක් ලෙස හැදෑරීමට තරම් අගනා බව සමහරු පවසා තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වේදීන් මෙතෙක් පළකර ඇත්තේ සම්පුර්ණයෙන්ම කල්තියා සුදානම්කරගෙන පැමිණි මතවාදයන් ඉස්මතුකරවන ආකාරයේ විස්තර මිස පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට අදාළ ප්‍රවෘත්ති  නොවන බව අන්තර් ජාලයේ සාකච්චාවල දක්වා තිබුණි.

අන්තර් ජාලයේ පළකර ඇති තවත් එවන් වාර්ථාවක "බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයට යන අතරවාරයේ චෝගම් සමුලුවටත් ගොඩවැදුන" බව ලියා තිබුණි.

එම වාර්තාව "බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ චෝගම් සමුළුවට සහභාගි වීමටද? නැත්නම් යාපනයේ යාමටදැයි"  ශ්‍රී ලංකා රජයට ප්‍රශ්නයක් මතුවී ඇතිවී තිබෙන බවක් පවසයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් වුවත් වසර තිහකටත් වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පෙර නොවූ මහා විනාශයක් සිදුකල සුළු පිරිසකගේ ඉතිරිවූ කැට කැබලි බටහිර සිට තවමත් හොල්මන් කරන බව පෙනීයන බවත් පොදු රාජ්‍ය නායක සමුළුවට මුවාවී ශ්‍රී ලංකාවට පැමිණ අපේ රට පිලිබඳ අභූත චෝදනා නඟන සමහර වාර්තා කරුවන්ගේ අරමුණ වී ඇත්තේ "මේ මළගිය ප්‍රාණකාරයින්ගේ හොරනෑවක් වීම" බවද මෙම සටහන්වල දක්වා ඇත.

මේ සියලු වාර්තාවන්ගෙන් පැහැදිලිවම පෙනීයන එක ප්‍රධාන කරුණක් වන්නේ බටහිර බලවත් රටවලට අවශ්‍යතාවය වී අතෙතේ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන නායකත්වයේ වෙනසක් සිදුකිරීම බව සමහරු පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව දෛනිකව මුහුණදෙන ප්‍රශ්න සඳහා පිලියමක් සෙවීම ඔවුන්ගේ අරමුණ නොවන බවත් ශ්‍රී ලංකාව තුල නැවත වතාවක් අස්ථිර භාවයක් ගොඩනැඟීම මේ සියලුම ප්‍රචාරයන්ගේ සැඟවුන පරමාර්ථය බවත් බොහෝදෙනා විශ්වාස කරන බව ඔවුන් ලියා ඇති අදහස් වලින් පෙනීයයි.

ශ්‍රී ලංකා වාසීන්ගේ දුක් කඳුළු විකුනාකන්නට තරම් සමහර මිනිසුන් කුරිරුවී ඇති බවද මේ වැඩපිළිවෙල මෙතනින් අවසන් වෙවියයි කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බවද සිකුරාදා දහවල බ්‍රිතාන්‍ය අගමැති යාපනේදී කල ප්‍රකාශය ගෙනහැර දක්වන අය පෙන්වා දෙති.

ඔහුගේ ප්‍රකාශයේ භයානකම කොටස වන්නේ "බටහිර රටවලට අවශ්‍ය වන අන්දමේ වෙනසක් ශ්‍රී ලංකාව තුල සිදුනොවුනහොත් බලහත් කාරයෙන් එවැනි වෙනසක් සිදුකිරීම සඳහා ජාත්‍යන්තර නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු කිරීම සාධාරණ බව" සඳහන් කිරීම බව තවත් අය දක්වා තිබුණි.

නඩු සහ බඩු දෙකම හාමුඳුරුවන්ගේ අතේ තියාගෙන මේ කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ හමුදා සහ දේශපාලන නායකත්වය කටු ඉඹුලේ යැවීම මිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන මේ කිසිවෙකුටවත් කිසිම රුදාවක් නැතිබවද ඔවුන් පවසා තිබුණි.

කෙසේ නමුත් මෙමවන් ශ්‍රී ලංකා විරෝධී රැල්ලක් ලොව පුරා පැතිරී යාම ඇතුලත ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට අශීර්වාදයක්ද ලැබීමට හොඳටම ඉඩ ඇතිබව දක්වන අයද සිටිති. මෙම අවස්ථාවේදී පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සංවිධානය කිරීමෙහිලා සෑම අංශයකින්ම මතුකර පෙන්වන ලද සැබෑ ගාම්භීරත්වය පසුබිම්කොට රටපුරාම ඇතිවී තිබෙන උද්ධාමය සහ ප්‍රසාදය මතින් ලෝක බලවතුන්ගේ විරෝධතාවයන්ට එරෙහිව නිර්භීතව නැගී සිටිබවක් පෙන්වා ජන මතය තමන්වෙත නැඹුරු කර ගැනීමට මෙය කදිම අවස්තාවක්ව බවට පරිවර්ථනය වී ඇතිබව සමහරුන්ගේ අදහස වී ඇත.

Video:



 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction