sri express

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම ගමන්කළ දුම්රිය අනුරාධපුර නගරයේදී නැවැත්වීමේ ක්‍රියාදාමය රජයේ අනුදැනුම ඇතිව සංවිධානය කරන ලද්දක් බවට බදාදා රාත්‍රියේ සිට විදෙස් ප්‍රවෘත්ති මහ ඉහලින් වාර්තා කර ඇත.


චැනල් 4 රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේද ඒ සම්බන්ද විශේෂ වාර්තාවක් ඇතුලත් කර තිබුණි.එයට දැනට කොළඹ සිටින බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්චාවක්ද ඇතුලත් විය. විලියම් හේග් එහිදී බ්‍රිතාන්‍ය වාර්තා කරුවන්ට ඔවුන්ගේ රාජකාරිය කරගෙනයාමට අවහිර කිරීම තරයේම හෙලා දකිනබව පැවසිය.

මේ පිළිබඳව වහාම ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්.පිරිස් සමඟ කතාබස් කිරීමට කටයුතු කරන බවද බ්‍රිතාන්‍ය විදෙස් ඇමතිවරයා චැනල් 4 වාර්තාකරුවන්ටප්‍රතිඥාවක්ද දුන්නේය.

අනුරාධපුර විරෝධතාවයට සහභාගිවූ කිහිපදෙනෙකුගෙන් චැනල් 4 නාලිකාව විකාශනය කල ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩ සටහන් දුටුවාදැයි කැලම් මැක්රේ විමසා සිටියේය. එතැන සිටි කිසිවෙක් එම වැඩ සටහන් දුටුබවක් ප්‍රකාශකලේ නැත. මේ සිද්ධියද තමන්ගේ වාසිය සඳහා චැනල් 4 වාර්තා කරුවන් උලුප්පා පෙන්වනු ලැබිය.

චැනල් 4 කණ්ඩායමේ ගමන් බිමන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටින බව ඔවුන් දැනගෙන සිටි බවත් ඔවුන් එදින දුම්රියෙන් ගමන් කරන බව අනුරාධපුරයේ කණ්ඩායමක් දැනගන්නට ඇත්තේ ආරක්ෂක අංශයේ කවුරුන්ගෙන්හෝ විය හැකිබවට අනුමානකල හැකි බවත් එම වාර්තාවෙහි සඳහන් විය.

අනුරාධපුරයේ දහසකට වැඩි පිරිසක් රැස්ව  සිටි අතර ඔවුන් ශබ්දනගා කෑකෝගසමින් දුම්රිය වටකළ අතර කිහිප දෙනෙක්ම එම කණ්ඩායම සිටි රිය මැදිරිය තුලට පැමිණි නමුත් කිසිවිටෙකත් තර්ජනාත්මක අයුරින් හැසිරුනේ නැති බවත් එනිසා තම කණ්ඩායමේ කිසිවෙකුටත් අනවශ්‍ය බියක් අතිනොවුන බවත් චැනල් 4 වාර්තාවෙහි සඳහන්විය.

අනුරාධපුර සිද්ධියේ අතුරුපලයක් ලෙස චැනල් 4 නාලිකාව මඟින් නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා රාත්‍රියේදී "සුදු වෑන් කතන්දර" නමින් යුතු පැය දෙකක වාර්තාමය චිත්‍රපටයක් විකාශනය කිරීම සඳහා කඩිනම් පියවරක් ගෙන ඇත.

ඒකපාක්ෂික අයුරින් සකස්කර ඇති එයද ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක අන්දමට නිෂ්පාදනය කර ඇති තවත් "අපබ්බ්‍රංශයක්" වියයුතු  බවට පෙනීයන බව ඒගැන අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.

තමිල්නාඩුවේ  ලීනා මනිමෙකලයි නමැති කාන්තාව විසින් ශ්‍රී ලංකාවේදී රූපගත කර ඇති එම වාර්තා චිත්‍රපටහි අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුවන්ගේ පවුල්සාමාජිකයින්ගේ අත්දැකීම් බව ඒ පිළිබඳව නොකඩවා විකාශනය කෙරෙන පුර්ව ප්‍රචාරක දැන්වීම් වල දැක්වෙයි.

මීට පෙර විකාශනය නොවූ අනුවේදනීය දර්ශන සහ තොරතුරු එහි ඇතුලත්ව ඇති බවද පැවසේ. අතුරුදහන්වුවන්ගේ පවුල් හතක් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත.

චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ කලින් සුදානම්  කරගත් සුක්ෂම සැලසුමකට අනුව බවත් ඔවුන්ගේ තරම දන දැනත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදීම මේ පටලැවිල්ලේ මුලාරම්භය බවත් මෙම සිද්ධිය සහ ඉන් අනතුරුව විදේශයන්හි පැතිරීයන ශ්‍රී ලංකා විරෝධී ප්‍රවෘත්ති පිළිබඳව අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.

චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාවට අවාසිදායක වාර්තා බෙදාහැරිම නවතා දමාවියැයි කිසිසේත් සිතිය නොහැකි බවද ශ්‍රී ලංකාවට පැමිණි පිරිස එල් ටී ටී ඊ කණ්ඩායමේ මුදලට යටවුවන් ලෙසට පදනම් රහිත චෝදනා එල්ල කිරීම අභාග්‍ය සම්පන්න දෙයක් බවද මේ පිරිස් පවසති.

මෙම කණ්ඩායම පැමිණීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් සිදුවිය නොහැකිබවට රජයේ බලධාරීන්ට වාර්තා සපයන ලද මාධ්‍ය උපදේශකයින් යමක් පාගාගෙන ඇතිබව පෙනීයන බවද ඔවුහු පවසති.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction