sri express


ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් වසර 17 ක් පුරාවට නොකඩවා මාසිකව රුපියල් 5000 බැගින්  ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.

එම අරමුදලේ ප‍්‍රථම ආධාර ලබා දීම පසුගිය දා ගල්කිස්සේ වටරපප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී කොලඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී.

මෙම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් පරවාහැර චන්දරතන පුණ්‍යභාරයේ ගරු ලේඛකාධිකාරී මහින්ද මඩිහේහේවා මහතා විසින් මෙම පසවි දරු දිරි අරමුදල පිළිබඳවත් එම අරමුදල පිහිටුවීමේ අරමුණ පිළිබඳවත් කරුණු පැහැදිලි කැඩෙනු ලැබුය.

හෝකන්දර විජයානන්ද ධර්මායතනාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමිපාණන් විසින් පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන්ගේ විශේෂ ප‍්‍රකාශය කියවන ලද අතර අතර කොලඹ විශ්ව විiාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් හරබර දේශනයක් ද පවත්වන ලදී.

2013 වසරේ පස්වන දරුවා බිහිකළ පවුල් 07 කට මෙදින මාසික ආධාර ලබා දුන් අතර මහනුවර වජිරාරාම විහාරස්ථානයේ භික්ෂුන්ට ලැබෙන පිරිකර එම උත්සවයට සහභාගිවූ සෑම පවුලකටම පරිත්‍යාග කිරීම ද මෙදින විශේෂ සිදුවීමක් විය.

උත්සව සභාවට එදින සහභාගිවූ භික්ෂුන් වහන්සේ සහ පින්වතුන් පසවීඅරමුදල මඟින් සම්පත් බැංකුවේ ආරම්භ කර ඇති 0070 6000 0144 යන විශේෂ ගිණුමට මාසිකව මුදල් බර කිරීමට කැමැත්ත පලකළ අතර බොහෝදෙනා එදිනම ආධාර මුදල් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළහ. පුජ්‍ය පරපේ හිමියන් විසින් එම අවස්ථාවේ රුපියල් 5000ක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමද එදින සිදුවිය.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction