sri express

STIMA

 1818 ඌවේ කැරල්ල  වු අවස්ථාවේ දි වීර කැප්පොටිපොල නිළමේ හා කොහුකුඹුරේ රටේ රාළලා කතරගම දෙවියන් මුල් කරගෙන අංගම් පොර සටන් කලාවේ එන රණකෙළි පූජා සටන් ක්‍රම කතරගම දෙවියන් ඉදිරියේ පවත්වා යුද්ධයට ගොස් සුද්දන් මවිත කරනු අයුරින් සටන් කළ බව ඉතිහසයේ කියවේ.

දුටුගැමුණු මහා රජතුමාන් එළර රජු සමග යුද්ධයට යෑමේ දි කතරගම දෙවියන් මුල් කරගෙන  සටන් මෙහෙයවා ඇත.  දුටුගැමුණු මහා රජතුමා යුද්ධයට යෑමට පෙර සිදු වු බාරයක් අනුව සදවා කතරගම කතරගම දේවාලය දෙවියන්ට පුජා කරඇත.

කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියකි. සුර අසුර යුද්ධයේන් ජය ලැබිමට ඊශ්වරයාට නොහැකි තැන කතරගම දෙවියන් බිහිකල බව ජනප්‍රවාදයේ කියවේ.

කතරගම දෙවියන් බිහි වි අසුරයන් යුද්ධයේන් පරාජය කල අතර ඒ අනුව කතරගම දෙවියන්ට දේව සේනාධිපති පදවිය ලැබුණු බවත් ජනප්‍රවාදයයි.

වෙල්ලස්ස යුද්ධ කාලයේ දි කැරල්ලට උපයෝගි කරගත් සටන්  ක්‍රම 14ක් උපයෝගී කරගෙන  ශ්‍රී ලංකා පාරම්පරික දේශීය  සටන් කලා සංගමය (Sri Lankan Traditional Indigenous Martial Art Association)  මෙම රණකෙලි පුජාව කතරගම දෙවියන් උදෙසා  පවත්වන ලදී .  ශෂීන්ද්‍ර රාජපක‍ෂ මහතා ද මෙම  අවස්ථාවට එක් විය. ශ්‍රී ලංකා පාරම්පරික දේශිය සටන් කළා සංගමය මෙම රණකෙලි  පුජාව වසරක් පාසා රුහුණු කතරගම මහා දේවාලයේ අනුග්‍රහයෙන්  පවත්වනු ලබයි.

කතරගම පැවති මෙම රණකෙලි පුජාවට කෝට්ටේ  වික්‍රමසිංහ ගුරුන්නාන්සේ. ප්‍රේමසිරි ගුරුනන්න්සේ ,සුනිමාල් ගුරුනනාන්සේ, සුසන්ත ගුරුන්නාන්සේ හා අතුල ගුරුන්නාන්සේ  ප්‍රමුක  ශ්‍රී පාරම්පරික දේශීය  සටන් කළා සංගමයේ සිසුහු රැසක් ද එක්ව සිටියහ.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
STIMA

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction