sri express

ලන්ඩනයේ නව කළා සංගමයක්

ලන්ඩන්  නුවර ජීවත්වන කළාකාමී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ආරම්භකර ඇති නව කළා සංගමයක් මඟින් සම්මානණීය රුසියානු සිනමා කෘතියක් තිරගත කිරීම සඳහා කටයුතු යොදා ඇත.

"සමාජවාදී කළා සංගමය" නමින් පිහිටුවා ඇති එමගින් ඉදිරියේදී විවිධ කලා අංශයන් පිළිබඳව සම්මන්ත්‍රණ , සංවාද හා ප්‍රදර්ශන සංවිධානය කිරීමට බලාපොරොත්තුවන බව එහි කැඳවුම්කරු දන්වා ඇත. " නිසල හිමිදිරිය" නම්වූ සම්භව්‍ය රුසියානු සිනමා කෘතිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එම සංගමයේ මුලාරම්භක වැඩසටහන ලෙසය.සිංහල උපශීර්ෂ සහිත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ නොමිලයේය. චිත්‍රපට දර්ශනය අවසානයේ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීමටද බලාපොරොත්තු වෙයි.
ස්ටැනිස්ලාව් රොස්ටොට්ස්කි අධ්‍යක්ෂණය කල " නිසල හිමිදිරිය" 1972 ඔස්කාර් ජාත්‍යන්තර සිනම්නා සම්මාන උළෙල සඳහා විදේශ චිත්‍රපට අංශයට තොරගන්නාලද නිර්මාණයකි. 1942 ලෝක යුද්ධයේ සත්‍ය සිදුවීමක් අලලා ගෙතී ඇති අනුවේදනීය කතා පුවතක් එම චිත්‍රපටයට පාදක වී ඇත.

සිනමා නළුවකුද වන රොස්ටොට්ස්කි වසර ගණනාවක්ම මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂක තනතුර දැරුවේය. ඔහුගේ බිරිඳ සහ පුතාද සුප්‍රකට රුසියානි රංගන ශිල්පීන් වෙති.
සමාජවාදී කළා සංගමයේ වැඩ කටයුතු සඳහා සහභාගී වනලෙස ලන්ඩන් නුවර පදිංචි කළා ලැදි ශ්‍රී ලාංකිකයින්හට එම කණ්ඩායම ආරාධනා කරන බවද මෙම චිත්‍රපට දර්ශනය පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයෙහි සඳහන් වෙයි.


Sri Express
Sri Express
ලන්ඩනයේ නව කළා සංගමයක්

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction