sri express

Photographs from Mahamevnaawa-Toronto

කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නා භාවනා අසපුවේ අසිරිමත් තෙමඟුල සැමරීමේ උතුම් ආමිස හා ප්‍රතිපත්ති පුජාවන් විසිහතර පැයක් පුරාවට විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා පවත්වන ලදී.

එම පිංකම පිළිබඳව ටොරොන්ටෝ අසපුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන්වෙයි.

"මුල් දින උදෑසන 6 ට ලොකු කුඩා සියලුම පින්වත් උපාසක උපාසිකා පිරිස, උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්, අෂ්ඨාංග උපොසත ශීලයෙහි පිටුවාලමින් පිංකම ආරම්භ කෙරුණි.එතැන් පටන් මුළු දහවල පුරාවටම දැනට ටොරොන්ටෝ මහමෙව්නා අසපුවේ වැඩසිටිනා පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා විසින් උත්සවයට සහභාගී වූ සියලුම දෙනාටම, බුදුරජානන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා විස්තර වශයෙන් මනාකොට පැහැදිලිකර දෙමින් දහම් දැනුම වැඩි දියුණු කර ගැනීමටත්, භාග්‍යවතුන් වහන්සේ ගැන සැබෑ අවභෝධයෙන්ම සිත පහදා ගැනීමටත් උපකාරී වුහ.සියලුම ලෝසතුන් වෙත කරුණාව සහ මෙත් සිත පතුරවමින්, භාවනායෝගීව, සතර සතිපට්ඨානය තුල සිත් සමාධිමත් කර ගැනීමට පුරුදු පුහුණුවීම මඟින්, ප්‍රතිපත්ති පුජාවන් පවත්වා භාග්‍යවතුන් වහන්සේ පිදීමේ උතුම් අවස්ථාවද පිංකමට සහභාගීවූ සියලුම දෙනාට ලබාගත හැකිවිය.

මහමෙව්නාවේ සැදැහැවත් කුසලතාපිරි දායක පිරිස තම ශ්‍රමයත්, කාලයත් කැපකරමින් ඉතාමත් අලංකාර ලෙස අසපු භුමියේ ඉදිකරනලද ස්ථූප රාජයාණන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවෙන් පුදපුජා පවත්වමින් වැඳ පුදා ගැනීමට සියලුම දෙනාටම අවස්තාව ලැබිණි. එමෙන්ම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සිත් සේ වන්දනා කරගනිමින් සැදැහැවත් පිරිස් ඔවුන්ගේ ජීවිත වලට අප්‍රමාණ කුසල් සම්භාරයක් රැස්කර ගත්හ.

වෙසක් පුන් පොහොය වෙනුවෙන් මෙවර අසපු භුමිය තුල අලංකාර මල් දන්සැලක් සහ සිසිල් බීම දන්සැලක් ද සැදැහැවත් පිරිස විසින් සංවිධානය කොට තිබුණි.එදිනම සවස අසිරිමත් ස්ථූප වන්දනාවත් දඹදිව උතුම් පුජා භුමි වන්දනාවත්, තුන් රැය පුරාවටම පිරිත් සහ සතර සතිපට්ඨාන සුත්‍ර සජ්ජායනාවත් පවත්වා පසුදින උදෑසන අප සියලුදෙනා ආදරයෙන් සරණගිය, මේ භද්‍ර කල්පයේ සතර වෙනුවට මනුලොව පහළවී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා, කිරිපිඩු පුජාවන් පැවැත්වීමෙන් අනතුරුව පිංකම අවසාන කෙරුණි.

"සුගති සැප සලසන පින්කම් රැසකට සම්භාන්දවී, තම ජීවිත වලට අප්‍රමාන පිං රැස්කරගත් සැදැහැවත් පිරිස ඉතා සතුටු සිතින් යුතුව; ඇති දුර්ලභාවූ ක්‍ෂණ සම්පත්තිය අපහට මගහැරෙන්නට නොදී, උතුම් නිවන් මඟ හෙලිකරදී, ඒ තුල නිවැරදිව අප හික්මවන අපගේ ගුරුදේවෝත්තම, කල්‍යාන මිත්‍ර, පුජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකුස්වාමීන් වහන්සේත් මහමෙව්නාවේ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාත් ඉතාම ගෞරවයෙන්, සිහිපත්කොට බැතිසිතින් පින් අනුමෝදන් කලෝය."

"පිංකැමති සියල්ලෝම රැස්කලාවූ සියලුම පිං සතුටු සිතින් අනුමෝදන් වෙත්වා" යැයිද මහමෙව්නාව අසපුව ප්‍රාර්ථනා කරන බවද එම නිවේදනයෙහි සඳහන්ව ඇත.

මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේවිසින් 2006 දී ආරම්භකළ ටොරොන්ටෝ මහමෙව්නා අසපුව ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටවූ ප්‍රථම මහමෙව්නා ශාඛාවයි. දැනට කැනඩාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ කැනඩාවට සමීප නගරන්ගේද බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් ටොරොන්ටෝ අසපුවේ ආගමික වැඩකටයුතු සඳහා සහභාගී වෙති.

Photographs from Mahamevnaawa-Toronto


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from Mahamevnaawa-Toronto

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction