sri express

Photographs from Shanthi Vihara, Nottingham

ලන්ඩන් නුවරසිට සැතපුම් 130ක් පමණ උතුරු දෙසින් පිහිටි නොටින්හැම් නගරයේ මෑතදී ආරම්භ කරන ලද ශාන්ති බෞද්ධ විහාරය එම නගරයේ ආරම්භ කෙරුණ මුල්ම ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයයි.

පුජ්‍ය තෙල්දෙණියේ අමිත හිමියන්ගේ අප්‍රහිත උත්සාහයෙන් සහ නොටින්හැම් නගරය අවට ජීවත්වන බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීමෙන් ආරම්භ කෙරුණ ශාන්ති විහාරය ඉතා ටික කාලයකින් සැලකිය යුතු ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වී ඇත.

නොටින්හැම් නගරයේ එතරම් ශ්‍රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් ජීවත් නොවුනත් ඒ අවට පිහිටි ශෙෆිල්ඩ්, මන්ස්ෆිල්ඩ්, ග්‍රන්තම්, ලින්කන් සහ ඩාර්බි වැනි නගරවල ජීවත්වන ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධයන් හටද මෙම විහාරස්ථානය වන්දනා මාන සිදුකරගැනීම සඳහා උපයෝගී කරගත හැකි වටිනා මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත.

ශාන්ති විහාරස්ථානය මඟින් පසුගියදා ප්‍රථම වතාවට වෙසක් පින්කමක් සංවිධානය කර තිබුණි.

එදින දරුදැරියන් මෙන්ම දෙමාපියන්ද බොහෝ දෙනෙක් අෂ්ඨාංග උපොසිත සීලය සමාදන් වූ අතර ඔවුන් සියලුදෙනාටම දවස පුරාම බන භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා සඳහා සහභාගීවීමට අවස්තාව සකසා තිබුණි.

මහා සංඝ රත්නයට සහ සිල් සමාදන් වුවන්ට උදය හීල් දානය සහ අනෙකුත් සැදැහැවතුන්ට උදැසන ආහාරයද සපයන ලද්දේ අසංක දෙවකුමාරසිරි විසිනි.

ආචාර්ය ටෝනි ෆ්ලෙචර් විසින් බෞද්ධ ඉතිහාසය විස්තරකල අගනා දේශනයක් පැවැත්විය. නැගෙනහිර ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය මඩුගල්ලේ මහානාම හිමියන් විසින් වෙසක් තෙමඟුලෙහි අර්ථාන්විත භාවය විස්තරකරදුන් ධර්මදේශනයක් පවත්වනු ලැබීය.

ශාන්ති බෞද්ධ විහාරයේ ආරම්භය සහ මෙතුවක් කල් ඉටුකර ඇති වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරියේදී ඉටුකිරීම සඳහා සැලසුම් කර ඇති වැඩකටයුතු පිළිබඳවත් කරුණු විස්තරකරමින් කතාවක් කල ප්‍රියන්ත ජයසුන්දර මහතා විහාරයේ පැවැත්ම සඳහා ඇත හිත දෙන සහ වන්දනා මාන සඳහා නිරතුරුව සහභාගීවන සියලුම දෙනාට ස්තුතිය පුදකර සිටියේය.පිංකම අවසාන කරන ලද්දේ භක්තිගීත සංදර්ශනයකින් සහ වෙසක් දන්සැලකිනි.

පිංකම පැවැත්වූ ශාලාවත් ශාන්ති විහාරස්ථානයත් විවිධ වර්ගයේ වර්ණවත් වෙසක් පහන් කුඩු  සහ බෞද්ධ කොඩි වලින් ඉතාමත් අලංකාර අන්දමට සරසා තිබුණි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs from Shanthi Vihara, Nottingham

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction