sri express

Photographs taken during 2012 London Olympics by Tissa Madawela

ඉරිදා දහවල ලන්ඩන්නුවර පැවැත්වූ මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලාංකික මැරතන් ධාවන ශූරයෙකුවු  අනුරාධ කුරේ 14 වෙනි තැනට තරඟය අවසන් කළේය.

මුළු දුර සැතපුම් 26 ක් දෙවීම සඳහා ඔහුට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දාහතකුත් තත්පර පනස් තුනකි.

තරඟ කරුවන් 35,000ක් සහභාගීවූ සැතපුම් විසි හයක් දුරැති එම තරඟය 14 වෙනියා ලෙස නිමකිරීමට හැකිවීම ගැන තමන් ඉතාමත් ආඩම්බර වනබව තරඟය අවසානයේ අනුරාධ කුරේ පැවසුවේය. තරඟය සඳහා ඔහු සහභාගීවනු දැක ගැනීමට සහ ඔහුව ධෛර්ය්‍යමත් කිරීමට ශ්‍රී ලාංකිකයින් බෙහොදෙනෙක් මගදෙපස රැස්වී සිටිනු දක්නට ලැබුණි. ගියවසරේ ලන්ඩන් නුවර පැවතී ඔලිම්පික් මැරතන් ධාවන තරඟයේදී අනුරාධ කුරේ තරඟය අවසන් කලේ 55 වෙනි තැන ලබා ගනිමිනි.

මෙවර ලන්ඩන් මැරතන් තරඟය ආරම්භයේදී තරඟ කරුවන් සියලුදෙනාම විනාඩි දෙකක නිශ්ශබ්ධ තාවයක් පවත්වා ගිය සතියේ ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරඟයට එල්ලවුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් අය සිහිපත් කළහ. ලන්ඩන් මැරතන් තරඟය සඳහා විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුන අතර බොස්ටන් සිද්ධිය හේතුවෙන් කිසිම තරඟ  කරුවකු අධෛර්යමත් නොවුබව ලන්ඩන් මැරතන් සංවිධායකයෝ පැවසුහ.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2004 ඔලිම්පික් තරඟයේදී 33 වෙනි තැනට තරඟය අවසන් කළේය. 2004 පකිස්තානයේ පැවති මැරතන් තරඟයේදී ප්‍රථම ස්ථානය යට පැමිණ රන් පදක්කම දිනා ගත්තේය.

දිවුලපිටිය මධ්‍යම මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එහිදී මීටර් 5000 දුර ඉසව්ව දිවීමෙන් තමන්ගේ ධාවන දිවිය ආරම්භ කළේය. 1999 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු ඔහු සේනාංකපති පෙරී ලියනගේ යටතේ වැඩිදුර පුහුණුව ලැබීය.

දැනට ඔහු එංගලන්තයේ බකින්හැම්ස්හයර් ප්‍රාන්තයේ ජීවත්වන අතර වේල් ඔෆ් ඒල්ස්බරි මලල ක්‍රීඩා සමාජයට අනුයුක්තව ක්‍රියා කරයි.

VIDEO - Anuradha Cooray running at 2012 London Olympics

 

අනුරාධ කුරේ  පසුගිය ඔලිම්පික් තරඟයේදී දීවූ අන්දම පින්තුර වලින් පෙන්වයි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs taken during 2012 London Olympics by Tissa Madawela

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction