sri express

Photographs by Tissa Madawela

"හැදියාවට මුල්තැන දෙන අවුරුද්දකට මුල පුරමු" යන තේමාව යටතේ මෙවර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසල, සංගීත සහ නර්තන පන්තිවල ඉගෙනුම ලබන දරු දැරියන් ඉදිරිපත් කල සිංහල අවුරුදු උළෙල පසුගිය 13 වෙනි දින කිංස්බරි විදුහල් භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

සිංහල සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ අනුපමේය හරපද්ධතියේ අගය එංගලන්තයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියනට මැනවින් අවබෝධ කර දෙන්නට මෙම අවුරුදු උත්සවය අවස්තාවක් කර ගැනීම මෙවර බක්මහ උළෙල සංවිධානය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වු බව සංවිධායක මඬුල්ල පවසයි.

සද්ධාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන්  නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ " අප ධර්මායතනයේ ගුරුවර ගුරුවරියන්, සිසු දරු දැරියන් සහ දෙමාපියන්ගේ ඇති මහත් කැපවීමෙන් සහ උනන්දුවෙන් සංවිධානය කෙරුණ මෙම වසරේ බක්මහ උළෙල සාර්ථක කරගැනීම සඳහා අත හිත දුන් සියලුම දෙනාට ස්තුති කරන" බවයි.

"ලක් ජනතාව අතර  පවතින ජාතික,ආගමික සහ සංස්කෘතික සහ සබැඳියාව වටහා ගැනීමට සහ වර්ධනය කර ගැනීමට ඇති හොඳම අවස්තාව සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයයැයිද" උන් වහන්සේ පවසයි.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහකොමසාරිස් නෙවිල් ද සිල්වා,චමින්ද කුලරත්න,එච්.එම.කේ.හේරත්සහ සේරම් යන මහත්ම මහත්මීන් ඇතුලු මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙක් ද උත්සවය සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වුහ.

පැමිණසිටි සියලුදෙනාගේ අත්පොලසන් මැද්දේ සිංහල භාෂාවෙන් ඉතාම චතුර අන්දමින් සභාව ඇමතු මහ කොමසාරිස් දොස්තර නෝනිස් මහතා එංගලන්තයේ ජීවත්වෙන සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අතිගරු ජනාධිපති තුමන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ සුභාශිංසනය ප්‍රකාශකර සිටියේය.

එදින දවස පුරාම දහම් පාසලේ දරු දැරියන් සහභාගීවූ සම්ප්‍රදායික ක්‍රීඩා තරඟ සහ ඔවුන්ගේ දක්‍ෂ  තාවයන්  එළිදැක්වූ ගායන, නර්තන සහ දේශනා ඇතුලත් විවිධ ප්‍රසංගයක්‌ ද පැවැත්විණි.

මීට වසර 25කට පෙරාතුව ලන්ඩන් නගරයේදී සිංහල අවුරුදු උත්සවයක් පැවැත්වීමේ මුලාරම්භය ඇතිවුනේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙනි. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එදා ආරම්භ කෙරුන සිංහල අවුරුදු උළෙල ඉන් පසුව සෑම වසරකම අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීමට විහාරස්ථ දායක කාරකාදීන් කටයුතු කළහ. වැඩිකල් නොයා කිංස්බරි බක්මහ උළෙල මුළු යුරෝපයේම විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය බවට පත්වන තරමට ජනප්‍රියත්වයට හා පැසසුමට පත්විය. ශ්‍රී ලාංකික සියලුම ජනකොටස් මෙන්ම වෙනත් ජාතීන්ද කිසිම භේදයකින් තොරව එකට එකතුවී ඉසුරුමත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ අගය බෙදා හදා ගැනීමට කිංස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික බක්මහ උළෙල උපයෝගී කර ගත්හ. එදා මෙදා තුර බ්‍රිතාන්‍යය පුරාම පිහිටුවා ඇති සියළුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන් සහ සමිති සමාගම් මඟින් ඉතා අලංකාර අන්දමට සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ උත්සව සැණකෙළි පවත්වති. මේ හැම උත්සවයකම මුලිකත්වය දෙනු ලබන්නේ එංගලන්තයේ ඉපැදී හැදෙන වැඩෙන සිංහල දරු දැරියන්හට ශ්‍රී ලංකාවේ චාරිත්‍ර ධර්මයන්ගේ වටිනාකම පිළිබඳව අවබෝධයක් ලබාදීමසඳහාය . එම හැම උත්සවයක් සඳහාම හැකිපමණ  ශ්‍රී ලාංකික දරුදැරියන් සහභාගී කරවාගැනීමට දෙමව්පියන් සහ සංවිධායිකින් ඉමහත් උත්සාහයක් ගනිති.

මෙවර කිංස්බරි බක්මහ උළෙල සඳහා සහභාගී කරවා ගන්නා ලද්දේ දහම් පාසලේ සහ විහාරස්ථ සංගීත සහ නර්තන පන්තිවලට සහභාගීවන දරු දැරියන් පමනක්වීමද විශේෂත්වයකි.
එමෙන්ම දහම් පාසලේ දරු දැරියන්ගේ යෝජනාවක් අනුව චන්දන සහ ශර්මිලා විතාන විසින් අධ්‍යක්ෂණය කල "විජයාවතරණය "  තේමා  කරගත් වේදිකා නාට්‍යයක්ද ඉදිරිපත් කෙරුණි. සම්පුර්ණයෙන්ම සිංහල දෙබස් සහිත එම නාට්‍යය සඳහා ළමුන් 65 දෙනෙකු සහභාගී වුහ.

බක්මහ උළෙල සාර්ථක කර ගැනීම සඳහා අතිමහත් වෙහෙසක් දරු දහම් පාසලේත්, නර්තන සහ සංගීත පන්තිවලත් ගුරුමණ්ඩලය ඇතුළු දෙමව්පියන් සහ විවිධ ආකාරයෙන් උදව් උපකාර කල සියලුම දෙනාටත් අනේක වාරයක් පින් අනුමෝදනා කරන බව පියදස්සී හිමියන් පැවසුහ.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs by Tissa Madawela

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction