පැරිස් බක්මහ උළෙල 2013

REPORT AND PICTURES FROM PARIS INTERNATIONAL BUDDHIST VIHARA

ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන,සංස්කෘතික සහ සුභසාදන සංවිධානය (සේක්සා පදනම) මඟින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වසරක් පතා පවත්වනු ලබන බක්මහ උළෙල 2013 අප්‍රේල් මස 07 වන දින උදේ කාලයේ සිට රාත්‍රී 9 දක්වා ල බුර්ශේ නගරයේදී පවත්වන ලදී.

වසර 18ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යනු ලබන මෙම බක්මහ උළෙල මෙවරදප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව සහ උද්යෝගය මත ඇති උත්කර්ෂවත් ලෙසින් සංවිධානය කර තිබිණි.

පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් අතින් ජාතික කොඩිය එසවීමෙන් හා ධම්මචක්ක බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් විසින් සිදුකල ජාතික ගීය ගායනයෙන් ආරම්භ කෙරුණා මෙම බක් මහා උළලේදී පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවන ලද්දේ පුජ්‍ය මාපලගම ජිනානන්ද හිමියන් විසිනි. සාහිත සමරසුරිය සිසුවන් විසින් අවුරුදු පණිවිඩය කියවීමෙන් පසු ගීත ගායනයක්ද සිදුකල අතර බුලත් හුරුළු පිළිගන්වා භික්ශූන් වහන්සේලාට සහ දෙමාපියන්හට වඳ නමස්කාර කිරීම මෙන්ම හේස තෙල් ගෑම වැනි ජාතික අරුරුදු සිරිත් විරිත් සඳහාද මෙම බක්මහ උළෙලේදී ප්‍රමුඛස්තානයක් ලබාදී තිබුණි.

අනතුරුව අවුරුදු අහාර මේසය ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ මාලඹේ විජිතාරාමාධිපති පුජ්‍ය  මීවැල්ලාවේ පඥාතිස්ස හිමි සහ ගැල්වාන පුරාන විහාරාධිපති පුජ්‍ය ජිනරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ විසින් පහන් දල්වා ආරම්භ කල අතර උන්වහන්සේලාට ප්‍රථම භාගය පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි හැමදෙනා ආහාර අනුභව කළහ. මෙවරත් අවුරුදු ආහාර මේසය පිළියෙළ කර තිබුනේ සමරක්කොඩි යුවල සහ මනික්පුර යුවලගේ පරිත්‍යාගයෙනි.

අනතුරුව ආරම්භවූ ජාතික ක්‍රීඩා එදින සවස් වනතුරුම පැවැත්වින.  විදෙස් රටක වාසය කලද ලොකු කුඩා සම දෙනාම එම ක්‍රීඩාවන්ට සහභාගීවෙමින් අවුරුද්ධ සමරුවේ ඉමහත් සතුටකිනි.

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් වෙන වතාවන්හි සේක්සා පදනම මඟින් මව්බිම වෙනුවෙන් කරන සේවයට යම් උදව්වක් කිරීමේ උදාර පරමාර්ථයෙන් පිළියෙළ කල ආපන ශාලාව මෙවරද සකස් කර තිබුනේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ගොඩනංවන බුද්ධ මන්දිරය සහිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමේ අරමුණ ඇතිවය.

මෙම ආපන ශාලාව කැවුම්, කොකිස්, කිරිබත් ආදී අවුරුද්දට පිළියෙළ කරනු ලබන සියලුම ආහාර පානයන්ගෙන් සමන්විතවූ අතර පැමිණ සිටි සැමදෙනා ජාතික ආහාර පාන වල රස විඳිමින් අවුරුදු ක්‍රීඩාවන් නැරඹීමේ නිරත වුහ.

ප්‍රංසයේ උපන් ශ්‍රී ලාංකික  දරු දැරියන්හට ජාතික චාරිත්‍ර වාරිත්‍ර සහ ජාතික ක්‍රීඩාවන් පිළිබඳව අවභෝධයක් ලබාදීමට මෙන්ම වැඩිහිටි අයට ජාතික ක්‍රීඩාවන්ට සහභාගී වෙමින් අවුරුද්ද සමරන්නටද හැකිවන අයුරින් මෙම  අවුරුදු උළෙල සංවිධානය කර ථිබූ අතර දෙරටේම ජාතික කොඩි වලින් උත්සවය පැවැත්වූ ස්ථානය සරසා තිබුණි. අජිත් ගමආරච්චි මහතාගේ කළා නිර්මාණයෙන් ඔපනන්වී තිබුන දර්ශනීය පසුබිම තුලින් අවුරුදු උත්සව කමිටුව මගින් වියදම් දරා සකස්කර තිබු වේදිකාව අලන්කාව විය. මහින්ද හේරත් කලාකරුවා විසින්ද මෙම ශාලාව සැරසීම සඳහා අවැසි භාණ්ඩ සපයාදී තිබුණි.

මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය සහ කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය පැමිණීමෙන් අනතුරුව දෙරටේම ජාතික ධජ එසවීම සිදුකරන ලද අතර ආරාධිත අමුත්තන් සහ ප්‍රංශයේ විවිධ ශ්‍රී ලාංකික සංවිධාන නියෝජනය කරමින් ශ්‍රී ලාංකික පින්වතුන්ද චිරාගත පොල්තෙල් පහන දල්වමින් ප්‍රඥාවේ ආලෝකය ඉඋදාවේවි ප්‍රාර්ථනා කළහ.

බක් මහා උළෙල අවසානයේ දමිත්‍රා පිරිස් මහත්මියගේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංස්කෘතික සංදර්ශනය සහ ලහිරු ප්‍රභාශ්වර පුතනුවන් ඉදිරිපත් කල වෙස් නැටුමද පැමිණ සිටි විවිධ ජාතික අමුත්තන්ගේ ප්‍රසංසාවට ලක්විය.

මෙවර අවුරුදු උළෙලේදී පුජ්‍ය පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ සංකල්පනාවක් අනුව ප්‍රංසයේ  ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රපති කොන්ගස්දෙනියේ ආනන්ද මාහිමියන්ට සහ ප්‍රංසයේ ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්‍යයේ ඥානිස්සාර නාහිමියන්ට උන්වහන්සේලා විසින් කරනලද ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරට උපහාර පිණිස ප්‍රංසයේ සේක්සා පදනම මඟින් විශේෂ සම්මාන දෙකක් ප්‍රධානය කල අතර  ප්‍රංසයේ වාසය කරමින් රටට ජාතියය සංස්කෘතියට සහ කලාවට සේවය කරන රුවන්සිරි විතානගේ මහතාට සහ දමිත්‍රී පීරිස් මහත්මියටද සම්මාන පිරිනමන ලදී. ජාතික ක්‍රීඩා වලින් ජයග්‍රහණය කරන ලද අයට ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ එම තෑගී පිරිනමන ලද පින්වතුන් අතින්මය. ශාලාව වෙනුවෙන් වැයකළ රක්ෂණ මුදල සපයාදෙන ලද්දේ දේශ හිතශී ජාතික ව්‍යාපාරයේ නිලධාරි පිරිස විසිනි. ප්‍රංසයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය මෙන්ම අනිකුත් සංවිධානයන් මෙම අවුරුදු උළෙල සාර්ථක කර ගැනීම උදෙසා උපරිම සහාය දක්වන ලද අතර විශාල පිරිසකගේ කැපවීම සහ ආධාර මත මෙම අවුරුදු උළෙල සාර්ථක වූ අතර එකී නොකී සියලු දෙනාටම මෙම සත් ක්‍රියාවට සහභාගීවීම තුලින් යහපතක්ම වේවා යැයි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රාර්ථනා කර සිටී.


පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
පැරිස් බක්මහ උළෙල 2013
REPORT AND PICTURES FROM PARIS INTERNATIONAL BUDDHIST VIHARA

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction