sri express

අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හා හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රාජමහා විහාර පිරිවෙණ ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය හොබවා වදාළ, කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හබරකඩ ඉන්ද්‍රරතන නායක මාහිමිපාණන්වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන ගුණ සමරු පිංකම් මාලාවක් ඒ ඒ විහාරස්ථ දායක සභාවන් හා උන්වහන්සේගේ පැවිදි-ගිහි ශිෂ්‍ය සමූහයා විසින් සංවිධානය කර ඇත.

පළමු පිංකම ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ ව්හාරයේ දී උන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වන ආචාර්ය තවලම ධම්මික නාහිමි, ගෞරව ශාස්ත්‍රවේදී හල්විටිගල සුජාත හිමි හා එම විහාර දායක සභාව, විහාරස්ථ විසාකා කුළඟන සමිතිය මගින් සංවිධානය කරණ ගුණ සමරු පිංකම දෙසැම්බර 31 වෙනිදා පැවැත්වේ.

මේ පිංකම සඳහා ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමි, ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය එළුවාපොළ පඤ්ඤාරතන නාහිමි, ලංඩන් බෞද්ධ විහාරාවාසී ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල මාහිමි, ස්වීඩනයේ සමාධි බෞද්ධායතනාපති ශාස්ත්‍රපති පූජ්‍ය උඩගම නාරද හිමි ප්‍රධාන මහා සංඝ රත්නය ආරාධනා ලැබ සිටිති.

ප්‍රධාන ගුණානුස්මරණ පිංකම හබරකඩ ශ්‍රි විජයානන්ද පුරාණ රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ දී දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 3 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.උන්වහන්සේගේ ශිෂ්‍ය සමුහය හා විහාරස්ථ සතර පේරුවේ දායක සභාවන් මගින් සංවිධාන කරණ මෙම පිංකම් මාලාව තුළ දිනපතා සවස 7 ට, සුවිශේෂි 108 ක් වූ විවිධ බෙහෙත් වර්ගයන් ගෙන් සමන්විත බෙහෙත් පූජාව ඒ ඒ පළාත්වල සිට බෙර දවුල් සහිත මහා පෙරහරින් වැඩමවා බුදුරාජාණන්වහන්සේට පූජා කර අනතුරුව ආරාධිත මහා සංඝ රත්නය කරණ ධර්ම දේශනාව සහිත බෝධිපුජාවන්ද මෙම දින කීපය පුරාම පැවත්වේ..

ප්‍රධාන ධර්මදේශනාව ජනවාරි 2 අඟහරුවාදා සවස 7 ට කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙන්පති, ගාළු,බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුජ්‍යපාද බළන්ගොඩසෝභිත නාහිමියන් විසින් සිදුකරණ අතර. රුහුණූ විශ්ව විදලයේ මහාචාර්ය,අම්බලංගොඩ වීජයාරාමාධිපති පූජ්‍ය විලේගොඩ අරියදේව මාහිමි, ගාළු දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක, දේවාලේගම සුගත විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්ලව ධම්මරතන හිමි, අතුරලිය ශ්‍රී සුදර්ශන පරිවේණාධිපති, වීරපාන නව බුදධගයා විහාරාධිපති කාව්‍යවිශාරද ශාස්ත්‍රවේදී පූජ්‍ය විරපාන සීලසොබන හිමි, මාවනාන රේවතාරාමය හා මාදුගැට ජයන්තාරම විහාරාධිපති විචිත්‍ර භාණක පූජ්‍ය තලංගල්ලේ සුමේධ හිමි, ඕපාත රජවන්ගල අරණ්‍ය සේනාසනාධිපති, රූපවාහිණී ධර්ම දේශක, ත්‍රිපිටකවේදී පූජ්‍ය වීරපාන සමිත විහාරී හිමි, හිනිදුම මහ විහාරවාසී, තවලම ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයේ ආගමික සමායෝජක, රූපවාහිණී ධර්ම දේශක, ශාස්ත්‍රපති පූජ්‍ය කඩිහිංගල විනීත හිමි, මැදගම සුමෙධාරාමාධිපති විචිත්‍ර භාණක පූජ්‍ය මියනවතුරේ ගුණරතන හිමි, වීරපාන පන්ථාරාමාධිපති විචිත්‍ර භාණක පුජ්‍ය දෙහිගස්පේ අමිතානන්ද හිමි, මැදගම සුමෙධාරාමවාසි පුජ්‍ය දන්දෙනියේ මුදිත හිමි ඒ ඒ දිනවල ධර්මදේශනා සිදුකරති.

දිවියදොල, අමුහේන, නට්ට්ම්පිටිය,තවලම දකුණ, පොල්බිදින කන්ද හා උස්සගල්ලේ යන ප්‍රාදේශීය දායක සභාවන් සංවිධානය කරණ මෙම පිංකම් මාලාවේ ඒ ඒ දිනවල දායකත්වය, දායකසභාවේ සභාපති, හිටපු පළාත් සභා අමාත්‍ය අයි විජේවන්ත හාමු මහතා, තවලම ජාතික පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි ලලිතා විජේවන්ත මෙනවිය, වෛද්‍ය රන්ජිත් අබේසිංහ මහතා, විශ්‍රාමික පොලිස් නිලධාරි ඒ ඩි ඩි ගුණවර්ධන මහතා , හබරකඩ ජේතවන විහාර දායක සභාව හා තවලම දකුණ දායක පිරිස විසින් දරණු ඇත. ජනවාරි 3 වැනිදා 120 නමකට අධික මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන සංඝ ගත දක්ෂිණාවකි.

උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටි හෝකන්දර දකුණ ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ සිදුකරණ ගුණානුස්මරණ පිංකම ශිෂ්‍ය පිරිස හා එම දායක සභාව විසින් ජනවාරි 6 හා 7 යන දිනවලදී සිදුකරණු ඇත. ජනවාරි 6 වනදා සවස 7 ට කොළොන්නාව ශ්‍රී මහා විහාරධිපති විචිත්‍ර ධර්ම දේශක පුජ්‍ය බොරැල්ලේ කෝවිද මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයකි. ජනවාරි 7 වන ඉරිදා 35 නමකට අධික මහා සඟ රුවන උදෙසා පැවැත්වෙන සංඝ ගත දක්ෂිණාවකි.

මෙම උතුම් ගුණ සමරු පිංකම් සඳහා , ගල්කිස්ස වටරප්පොල පාරේ බෞද්ධායතානාධිපති , කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ආනන්ද විදුහලේ හිටපු සහකාර විදුහල්පති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පුජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, පන්නිපිටිය මොරකැටිය පරමධම්ම විහාරාධිපති, සීනාදී කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමි,ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ ආයතනාධිපති ශාස්ත්‍රපති කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන මහානායක මාහිමිපාණෝ, ගාල්ලේ මහමෝදර ගුණෝදය පීරිවෙන් විහාරාධිපති, ගාළු, මාතර හම්බන්තොට තෙපළාතේ අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති හබරකඩ සෝරත නාහිමි, පමුණුව ශ්‍රී මංගලාරාමාධිපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය පුජ්‍ය හබරකඩ ජනානන්ද හිමි ඇතුළු පළාත්වාසී මහා සංඝ රත්නය සහභාගීවීමට ආරාධනා ලැබ සිටිති.

මෙම ගුණසමරු පින්කමට සමගාමීව, උන්වහන්සේ විසින් කලකට පෙර ලියන ලද අසුමහා ශ්‍රාවකයෝ නම් ශාස්ත්‍රිය ග්‍රන්ථය, පැලවත්තේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති, හිටපු පිරිවෙන් ගුරු විදුහල්පති රාජකීය පණ්ඩිත මාවනානේ සෝමින්ද හිමියන්ගේ නව සංස්කරණයෙන් යුතුව, ජිනීවා බෞද්ධ විහාරයීය ප්‍රකාශනයක් ලෙස එළි දැක්වීමට ද කටයුතු යොදා ඇත.

 

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction